එයාර් බස් ඒ. 320 වර්ගයේ ගුවන් යානයක් මෙරටට!

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): පසුගිය කාලය පුරාවට පැවති ගුවන් යානා හිගයට යම් පිළියමක් ලෙසින් ශ්‍රී ලන්කන් ගුවන් සේවය විසින් එයාර් බස් ඒ. 320 වර්ගයේ ගුවන් යානයක් ලීසිං පදනම මත ලබා ගෙන ඇති අතර , එම ගුවන් යානය ඊයේ (21) දින මැලේසියාවේ සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන විත් ඇති බව සඳහන් වේ.

මෙම ගුවන් යානය 4 ආර් – ඒ බී එස් ( 4 R – ABS ) යන අනුක්‍රමනික අංකය යටතේ ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා අධිකාරියේ ලියාපදිංචි කර ඇත.

අවශ්‍ය පින්තාරු කටයුතු සහ අනෙකුත් සේවා පහසුකම් ස්ථාපිත කිරීමෙන් පසු එළැඹෙන 12/29 දින කටුනායක සිට මාළදිවයින බලා ප්‍රථම මංගල ගුවන් ගමන පිටත්ව යාමට නියමිත බව සඳහන් වේ.

ඉහළ ඉන්ධන කාර්යක්ෂමතාවයකින් යුතු මෙම ගුවන් යානය තුළ ව්‍යාපාරික පංතියේ ආසන 12 ක් සහ පිරිමැසුම්දායක පංතියේ ආසන 138 ක් තිබේ .

මෙම නව ගුවන් යානය ඉන්දීය උප මහාද්වීපය , ඈත පෙරදිග සහ මැදපෙරදිග ගුවන් කළාප වෙත සිය ගුවන් මෙහෙයුම් කටයුතු එක් කිරීමට නියමිත අතර, මෙම නව ගුවන් යානය මිළදී ගැනීමත් සමග ශ්‍රී ලන්කන් ගුවන් සේවය සතුව පටු බද සහිත ගුවන් යානා 12 ක් සහ පුළුල් බද සහිත ගුවන් යානා 10 වශයෙන් ශ්‍රී ලන්කන් ගුවන් සේවය සතු සමස්ථ ගුවන් යානා සංඛ්‍යාව 22 දක්වා ඉහළ ගොස් තිබේ .

මීට අමතරව එළඹෙන 2024 වසරේ ජනවාරි මස මුල් සති වල තවත් පුළුල් බද සහිත එයාර් බස් ඒ.- 330 ගුවන් යානයක් සහ දැනට ඇංජින් නොමැති වීම නිසා ශ්‍රී ලන්කන් ගුවන් යානා අංගය තුළ නවතා ඇති එයාර් බස් නියෝ ( Air Bus A.- neo ) කාණ්ඩයේ ගුවන් යානා 02 සදහා ඇංජින් 02 ක් ද ලීසිං පදනම මත ශ්‍රී ලන්කන් ගුවන් සේවය ලබා ගැනීමට පියවර ගෙන ඇති අතර , ඒවා ලැබුණු පසු ශ්‍රී ලන්කන් ගුවන් සේවයට තවත් ගුවන් යානා 03 ක් එක් වීමෙන් , ශ්‍රී ලන්කන් ගුවන් සේවය සතු සමස්ථ ගුවන් යානා සංඛ්‍යාව 25 දක්වා ඉහළ නැංවීමට නියමිත බවද වාර්තා වේ,

එසේම එළඹෙන මාර්තු මාසයේ තවත් එයාර් බස් ගුවන් යානයක් ලීසිං පදනම මත ලබා ගැනීමට ශ්‍රී ලන්කන් ගුවන් සේවය පියවර ගෙන ඇති අතර, ශ්‍රී ලන්කන් ගුවන් සේවය කටුනායක සිට ලෝකයේ රටවල් 21 ක ගමනාන්ත 36 ක් කරා සිය ඍජු ගුවන් ගමන් මෙහෙයුම් සිදු කරයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත👇👇

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මියන්මාරයේ අවසන් මැතිවරණ වටය පැවැත්වේ: හමුදා සහාය ලබන පක්ෂය ජයග්‍රහණය කරනු ඇතැයි ඉඟියක්.

රෂිකා හෙන්නායක ජනවාරි 25 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මියන්මාරයේ පවතින...

ජනාධිපතිතුමාගේ හිත සනසන්නද පොලිස්පතිවරයා ඉන්නෙ? නාමල් ප්‍රශ්න කරයි.

රෂිකා හෙන්නායක ජනවාරි 25, කොළඹ LNW : රටේ සංස්කෘතිය ආගමට...

Minneapolis හි තවත් ඇමරිකානු පුරවැසියෙකු වෙඩි තබා ඝාතනය කරයි!

රෂිකා හෙන්නායක ජනවාරි 25 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකාවේ මිනියාපොලිස් නගරයේදී ෆෙඩරල් ඒජන්තවරුන් විසින්...