කෙනකු මියෙන දවස කියන අපූරු ගණිතමය මොඩලයක්!

Date:

සටහන – රෂිකා හෙන්නායක.

ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අමෙරිකාවේ සහ ඩෙන්මාර්කයේ විද්‍යාඥයන් පිරිසක් අපූරු ගණිතමය මොඩලයක් නිර්මාණය කිරීමට සමත් වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

යම්කිසි කෙනකු මිය යන දිනය නිශ්චිතවම කියන මෙම මොඩලය කෘත්‍රිම බුද්ධියේ ආකෘතියක් ලෙස නිර්මාණය කර ඇති life2vec නමැති මේ අපූරු මෙවලම භාවිත කරමින් ඕනෑම පුද්ගලයකු මිය යන දිනය පමණක් නොව ඔහු ජීවිත කාලය තුළ උපයා ගෙන ඇති මුදල් ප්‍රමාණය ද නිවැරැදිව ප්‍රකාශ කිරීමට හැකියාව ඇති බවද වාර්තා කරයි.

ඇල්ගොරිත ගණිත ක්‍රමවේදය අනුව අනාවැකි පළ කරන life2vec මෙවලම කෘත්‍රිම බුද්ධියේ නවතම භාවිතය වන chatbot ආකාරයෙන් ක්‍රියාත්මක වන බවත්, කෙනකු මිය යන දිනය නිවැරැදිව ප්‍රකාශ කිරීමේ හැකියාව අතින් එය 78%ක් සාර්ථක බවත් මේ දක්වා සිදු කර ඇති පර්යේෂණවලින් පෙන්නුම් කර ඇතැයි එම විද්‍යාඥයන් සඳහන් කර තිබේ.

එම මොඩලයට පුද්ගලයන් මිලියන 6කගේ අතිවිශාල දත්ත සංඛ්‍යාවක් ඇතුළත් කරමින් පර්යේෂණ සිදු කර ඇති අතර, ආදායම, වෘත්තිය, පදිංචි ස්ථානය, විවිධ රෝගාබාධ සහ ගැබ් ගැනීමේ ඉතිහාසය ඇතුළුව දත්ත එම මොඩලයේ තැන්පත් කරමින් සිදු කර ඇති පර්යේෂණ සාර්ථක මට්ටමේ පවතින බව ද වාර්තා වේ.

life2vec මෙවලමේ නිවැරැදිභාවය තහවුරු කර ගැනීම සඳහා එම විද්‍යාඥයන් කණ්ඩායම වසර 2020දී මිය ගිය පුද්ගලයන් පිරිසකගේ 2008 සිට 2016 දක්වා වූ දත්ත ඇතුළත් කර සිදු කළ පර්යේෂණවලදී ඔවුන් 2020 වසරේදී මිය යන බව එම මෙවලම නිවැරැදිව ප්‍රකාශ කර ඇතැයි ද වාර්තා වේ. කෙසේ වුවත් පෞද්ගලිකත්වය ආරක්ෂා කිරීමේ ඩෙන්මාර්ක නීතියට අනුව life2vec මෙවලම සම්පූර්ණ කළ යුතු නීතිමය කරුණු රැසක් ඇති බැවින් තවමත් පර්යේෂණ මට්ටමේ පවතින මේ අපූරු මෙවලම සාමාන්‍ය ජනතාව අතරට මුදා හැරීම ප්‍රමාද වනු ඇතැයි ද වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අභියාචනාධිකරණ විනිසුරුවරු දෙදෙනෙකු සහ නව අභියාචනාධිකරණ සභාපති දිවුරුම් දෙයි!

රෂිකා හෙන්නායක ජූනි 19, කොළඹ LNW : ජනාධිපති කාර්යාලයේදී...

වාහන ආනයනයේදී දින තුනකට මිලියන 257ක පාඩුවක්?

කොළඹ LNW: වාහන ආයනය සීමා ලිහිල් කිරීමෙන් පසු මෙරටට...

නවකවධයේ අතුරු ප්‍රථිඵල!

රෂිකා හෙන්නායක ජූනි 19, කොළඹ LNW : අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු...

කෙහෙළිය සහ බිරිඳ එළියට එද්දී දියණියන් දෙදෙනා සහ බෑනා අත්අඩංගුවට!

කොළඹ LNW:මුදල් විශුද්ධිකරණ චෝදනා මත හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ...