ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට මධ්‍යම ආසියාව ජයගන්න ඉඩක්

Date:

මේ දිනවල බංගලාදේශයේ ක්‍රියාත්මක මධ්‍යම ආසියානු වොලිබෝල් කාන්තා සහ පිරිමි තරගාවලියේ දී,ශ්‍රී ලංකාවට කාන්තා සූරතාවය දිනා ගැනීමට හැකි ඉඩක් නිර්මාණය වෙමින් තිබේ.

සත්කාරක බංගලාදේශය,මාලදිවයින,කර්ගීස්තානය,උස්බෙකිස්තානය,නේපාලය සහ ශ්‍රී ලංකාව තරග වදින මෙම තරගාවලියේ දී මේ වන විට දක්වා ඇති දස්කම් සළකා බලද්දී ප්‍රබලම කණ්ඩායම් හැටියට කැපී පෙනෙන්නේ නේපාලය සහ ශ්‍රී ලංකාවය.

දකුණු ආසියාව ජය ගනිමින් කැපී පෙණුන ශ්‍රී ලංකා කාන්තා වොලිබෝල් ක්‍රීඩාව ⁣ඒ ජයග්‍රහණයට තිස් වසරක් සපිරෙන මේ වසර වන විට නේපාලයට පවා පරාජයට පත්වෙන තත්ත්වයට පහතට වැටී ඇත.මෙම තරගාවලියේ දී ද නේපාලය හමු වූ අවස්ථාවේ වට 3-2 ක් ලෙස තියුණු තරගයකින් පසුව පරාජය වුව ද,ශ්‍රී ලංකා කණ්ඩායම තරගයේ මුල් වට දෙක ජය ගනිමින් සහ තමන් සතු හොදම කණ්ඩායම් සංයුතිය ඉදිරිපත් නොකරමින් ක්‍රියා කළ බවක් පෙනෙන්නට ඇති නිසා අවසාන හමුවීම ශ්‍රී ලංකාවට වාසිදායක පැත්තට හරවා ගැනීමට ඉඩක් ඇත.

එසේ වුවහොත් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ දකුණු ආසියාතික තරගාවලිය ජයගෙන තිස් වසරක් ගෙවෙන තැන එය සමරන්නට මධ්‍යම ආසියානු වොලිබෝල් කාන්තා කිරුළ ලබා ගන්නට හැකි වෙනු ඇත.

ශ්‍රී ලංකාව දැනට කිර්ගිස්තානය සහ මාල දිවයින් කණ්ඩායම් වට 3 – 0 ක් ලෙස පහසුවෙන් පරාජයට පත් කර තිබෙන අතර උස්බෙකිස්තානය සහ සත්කාරක බංගලාදේශ දස්කම් හා සසඳද්දී ද මහා වෙනසක් සිඳු නොවුණහොත් ශ්‍රී ලංකාවට එම කණ්ඩායම් ද පහසුවෙන් පරාජය කරන්න ට ඉඩ ලැබෙනු ඇත.

වසර තිහකට පෙර ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ලද ජයග්‍රහණ සුරැක ගන්නට නොහැකි වූයේ ඇයි ද යන්න මධ්‍යම ආසියානු තරගාවලිය ජය ගතහොත් පුළුල් ලෙස කතාබහට ලක් විය යුතු මාතෘකාවකි.ක්‍රීඩකයන් ජයග්‍රහණය දෙසට හරවන දස්කම්වලින් පිරුණු ක්‍රීඩිකාවන් කරන්නට පුහුණුකරුවන් පත් කිරීම වැනි කාරණාවලදී වැරදි තීරණ ගෙන ඇද්ද යන්න,වර්තමාන ක්‍රීඩිකාවන් සීමිත කාලයක් තුළ දක්ෂතා අතරට රැගෙන ආ පුහුණුකරුවන්ට ඇගයීමක් දෙමින් කතා කළ යුතු මාතෘකාවක් වෙනු ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2026 අයවැයේ ඉලක්කය මෙන්න!

කොළඹ LNW: 2026 අයවැය මඟින් රටේ ඉදිරි සංවර්ධනයට අඩිතාලමක්...

වැසි තත්වයේ වෙනසක් – අද (19) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (සැප්තැම්බර් 19) දිනයේදී බස්නාහිර, සබරගමුව,...

ඇෆ්ගන් විශ්වවිද්‍යාලවලින් කාන්තා කතුවරියන් ලියු පොත් තහනම් කෙරේ

සටහන: සශිකලා මධුෂාණි සැප්තැම්බර් මස 19 : ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඇෆ්ගනිස්තානයේ...

වෙල්ලාලගේ පියා ජීවිතයෙන් පරාජය වෙද්දී ශ්‍රී ලංකාව අපරාජිතව පෙරට

නිශ්මං රණසිංහ  සැප්තැම්බර් 19, කොළඹ LNW: ඇෆ්ගනිස්තානය සහ ශ්‍රී ලංකාව අතර පැවති...