පොලීසියට ඉන්ධන හල් ආරක්ෂා කරන්නත් වෙයි – පොලිසපතිගෙන් චක්‍රලේඛයක් !

රටපුරා ක්‍රියාත්මක ඉන්ධන පිරවුම්හල් ආශ්‍රිතව විශේෂ ආරක්ෂිත වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බව පොලිස් මූලස්ථානය පවසනවා. ඊට අදාලව පොලිස්පතිවරයා විසින් චක්‍රලේඛයක්ද නිකුත් කර තිබේ.

ඉන්ධන හිගය හේතුවෙන් ඉන්ධන පිරවුම්හල් ආශ්‍රිතව විශාල ලෙස ඒකරාශී වන මහජනයා පාලනය කිරීම සඳහා සහ කළහකාරී සිදුවීම් වළක්වා ගැනීම සඳහා මෙම පියවර ගෙන තිබේ.

කෘෂිකාර්මික කටයුතු ඇතුළු අත්‍යවශ්‍ය කටයුතු සඳහා බූලි රැගෙන ඉන්ධන ලබා ගැනීමට පැමිණෙන සාමාන්‍ය ජනතාවට බාධාවකින් තොරව ඉන්ධන ලබා ගැනීම සඳහා අවස්ථාව ලබාදිය යුතු බවත්, සංචාරක කටයුතු, ගිලන් රථ, ගිනි නිවීමේ රථ වැනි අත්‍යවශ්‍ය කටයුතු සඳහා ප්‍රමුඛතාවය ලබාදිය යුතු බවත් පොලිස්පතිවරයා නිකුත් කළ චක්‍රලේඛයේ සඳහන් වේ.

මෙම වැඩපිළිවෙලට අනුව සෑම ඉන්ධන හලක් ආශ්‍රිතවම පොලිස් නිළධාරීන් රැඳවීමට නියමිතය.

ඉන්ධන හිගය හේතුවෙන් ජනතාවට පැය ගණන් ඉන්ධන පෝලිම්වල රැඳී සිටීමට සිදු වී ඇති අතර මේ නිසා පසුගිය දින කිහිපය පුරා ඇතැම් ඉන්ධන හල් ආශ්‍රිතව නොසන්සුන්කාරී තත්වයන් වාර්තා විය.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Dujuan සුළි කුණාටුව ජපානයට තර්ජනයක් වෙයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 21, කොළඹ LNW : දුජුආන් ප්‍රබල සුළි...

සෞදි මරණ දඬුවමෙන් සිවරාසා අනෝජන් බේරාගැනීමේ රාජ්‍ය මැදිහත්වීමක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 21, කොළඹ LNW : සෞදි අරාබියේදී මරණ...

ජපානයට ප්‍රබල ටයිෆූන් කුණාටුවක් – මිලියන 1.9කට අධික පිරිසකට ඉවත් වන ලෙස දැනුම් දෙයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 21: පැයට කිලෝමීටර් 130-...

ට්‍රම්ප් සමග වෙළඳ යුද්ධය අතරතුර කැනඩාව හා ප්‍රංශය අතර ආර්ථික හා ආරක්ෂක සබඳතා ප්‍රකාශයට පත් කරයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 21: ප්‍රංශ ජනාධිපති එමානුවෙල්...