පොලීසියට ඉන්ධන හල් ආරක්ෂා කරන්නත් වෙයි – පොලිසපතිගෙන් චක්‍රලේඛයක් !

Date:

රටපුරා ක්‍රියාත්මක ඉන්ධන පිරවුම්හල් ආශ්‍රිතව විශේෂ ආරක්ෂිත වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බව පොලිස් මූලස්ථානය පවසනවා. ඊට අදාලව පොලිස්පතිවරයා විසින් චක්‍රලේඛයක්ද නිකුත් කර තිබේ.

ඉන්ධන හිගය හේතුවෙන් ඉන්ධන පිරවුම්හල් ආශ්‍රිතව විශාල ලෙස ඒකරාශී වන මහජනයා පාලනය කිරීම සඳහා සහ කළහකාරී සිදුවීම් වළක්වා ගැනීම සඳහා මෙම පියවර ගෙන තිබේ.

කෘෂිකාර්මික කටයුතු ඇතුළු අත්‍යවශ්‍ය කටයුතු සඳහා බූලි රැගෙන ඉන්ධන ලබා ගැනීමට පැමිණෙන සාමාන්‍ය ජනතාවට බාධාවකින් තොරව ඉන්ධන ලබා ගැනීම සඳහා අවස්ථාව ලබාදිය යුතු බවත්, සංචාරක කටයුතු, ගිලන් රථ, ගිනි නිවීමේ රථ වැනි අත්‍යවශ්‍ය කටයුතු සඳහා ප්‍රමුඛතාවය ලබාදිය යුතු බවත් පොලිස්පතිවරයා නිකුත් කළ චක්‍රලේඛයේ සඳහන් වේ.

මෙම වැඩපිළිවෙලට අනුව සෑම ඉන්ධන හලක් ආශ්‍රිතවම පොලිස් නිළධාරීන් රැඳවීමට නියමිතය.

ඉන්ධන හිගය හේතුවෙන් ජනතාවට පැය ගණන් ඉන්ධන පෝලිම්වල රැඳී සිටීමට සිදු වී ඇති අතර මේ නිසා පසුගිය දින කිහිපය පුරා ඇතැම් ඉන්ධන හල් ආශ්‍රිතව නොසන්සුන්කාරී තත්වයන් වාර්තා විය.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට විරෝධය පළකරමින් ඉසුරුපායේ විරෝධතාවක්! (PHOTOS)

කොළඹ LNW: නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලට විරෝධය පළකරමින් අද...

අපේ ආදර මතක : “නොසැලෙන්න කඳුළක් දෑසින්”

"අරූට තමයි යොහාන් අර්ජුන කියන්නේ. ඌ ගායකයෙක්." බණ්ඩාරවෙල ටවුමේ රස්තියාදුකාර...

LKNOG9 සමුළුව කොළඹදී සාර්ථකව පැවැත්වේ

නිශ්මං රණසිංහ අගෝස්තු 13, කොළඹ LNW: Lanka Network Operators Group හි...

නිකොදේමස් විජාජා ගේ විචිත්‍රවත් සහ මායාකාරී ආභාසය ලත් වීදි ඡායාරූප එකතුවක්!

සටහන – පුලී අගෝස්තු 13, කොළඹ (LNW): මායාකරණයට ලක් වූ...