*
Thursday, October 24, 2024
spot_img

Latest Posts

කෙටිකතාව නවකතාව බවට පත්වෙනවා නම් ඒ ගැන සතුටු වෙන්න බෑ – සුසන්ත මූණමල්පේ

තම පළමු නිර්මාණයටම යම් ආකාරයක ඇගයීමක් ලැබීමට භාග්‍යය හිමි කරගනු ලබන්නේ ලේඛකයන් අතලොස්සක් පමණි. අද වන විට මහා සාහිත්‍යයවේදියෙකු බවට පත්ව සිටින ජපන් ලේඛක හරුකි මුරකමි පවා තම නිර්මාණ දිවිය අරඹනුයේ අත් පිටපත් තරගයක් හරහා තම අත්පිටපත තේරීපත්වීම හේතුවෙනි. සුසන්ත මූණමල්පේ නම් කෙටි කතාකරුවා ද සිය නිර්මාණ දිවිය එලෙසින් ආරම්භ කරනුයේ, ගොඩගේ අත්පිටපත් තරඟයට ඉදිරිපත් කළ රෝස මුසැන්ඩාස් පිස්සුව නම් වූ තම අත් පිටපත ජයග්‍රාහී අත්පිටපත බවට පත් වූ නිසාවෙනි. ඉතිං මේ වන විට සුසන්ත තම දෙවන කෙටි කතා කෘතිය වන “ඉකාරස් පතනය සහ තවත් පතන” නම් වූ දෙවන කෙටි කතා සංග්‍රහය ද එළි දක්වා තිබේ. එමෙන්ම ලෝකපාලුව නමින් කවි සංග්‍රහයක් ද ඔහුගේ නිර්මාණ එකතුවට එකතු වී හමාරය. ඉතිං මේ සුහද කෙටි කතා බහ සුසන්ත සමඟිනි, ඔහුගේ නිර්මාණාවලෝකනය සම්බන්ධයෙනි.

1. ඔබ කෙටි කතා කලාව හරහා සාහිත්‍යයයට පිවිසෙන්නේ ගොඩගේ අත් පිටපත් තරගය හරහා ජයග්‍රාහකයෙක් වශයෙන්. එම පිටිවහල ඔබේ ලිවීමට බලපෑවේ කවරාකාරයෙන්ද?

එය එක්තරා මාර්ගෝපදේශකයෙක් යටතේ ආගන්තුක ගිරිදුර්ගයක් තරණය කිරීමට ඇරඹුවා වැනි හෑගීමක් ගෙන දෙනවා. ලීවීම ඇතුළු කලාව කියන්නෙ නිශ්චිත නියමයන් යටතේ උපදින දෙයක් නෙමෙයි. ඒ වගේම එහි ගමන්මග පිළිබඳව පූර්ව නිගමනයක් කළ නොහැකි දෙයක්. එහෙම තත්වයන් යටතේ එවැනි තරඟ ජයග්‍රහණයක් ඇතිව ගමන් අරඹපු එකෙන් බරැති අඩි තබා මේ ගමන පටන් ගන්න පුළුවන් උනා.

2. ඔබේ කෙටි වියමන් තුළ අන්තර්ගතය බෙහෙවින්ම ස්ත්‍රීවාදී බවක් පෙන්නුම් කරන බව මගේ හැගීම. නිවරදිවම කියනවා නම් ඔබ මේ මොහොතේ ස්ත්‍රීවාදයේ මනෝභාවය ගවේෂණය කරමින් සිටින ස්ත්‍රීවාදියෙක් බව මම කිව්වොත් ඇත්තටම ඔබට දෙන්න තියෙන පිළිතුර කුමක්ද?

ඇත්තටම මට අවශ්‍ය වුණේ මනුෂ්‍යයත්වය ගවේෂණය කිරීමටයි.  ගැහැනියක් පවා අවසාන අර්ථයෙන් මනුස්සයෙක් වෙනවා. ඒ ගවේෂණයේ මාවත ස්ත්‍රී ආත්මයන් හරහා සිදුවීම අනිච්චානුග දෙයක්. සමහර විට මනුෂ්‍යයත්වය නිරූපණය කිරීම ගැහැනියක් හරහා සිදුකිරීම පහසු වෙන්න ඇති. මොකද ගැහැනියකගේ ප්‍රතිචාර ක්ෂණික සහ නිර්ව්‍යාජ බවක් තියනවා කියලා මට හිතෙනවා. පිරිමියෙකුගේ ජීවිතය විදීම ඇතුළාන්තයේ සිදුවන්නක්. ඒත් සාහිත්‍යය යනු පහසු මග යාමක් නොවෙයි. අත්දැකීම් සහ පරිකල්පනයෙන් ඒ අඳුරු පෙදෙස් විනිවිද දැකීම මගේ අනාගත අභියෝගයක් විදිහට මට දැනෙනවා.

3. විශ්ව සාහිත්‍යය අවලෝකනය කරන විට අපට පෙනෙන දෙයක් තමයි අද වන විට කෙටි කතාව කෙටි නවකතාව බවට පරිණාමනය වෙමින් තිබෙන බව. මේ ප්‍රවණතාවය ආසියානු ලේඛකයෙක් විදියට ඔබ දකින්නෙ කොහොමද?

කෙටිකතාව නවකතාව බවට පත්වෙනවා නම් ඒ ගැන සතුටු වෙන්න බෑ. කෙටිකතාව එහි අනන්‍යයතාව රඳවාගනිමින් වෙනස් වෙනවා නම්, එය කෙටිකතා කලාවේ නිම් වළලු පුළුල් කරන දෙයක් විදිහට සතුටු වෙන්න පුළුවන්. කොහොම වුණත් මම නම් මට අවශ්‍යය දේ කෙරෙනකන් දිග පළල ගැන නොහිතා ලියන්න කැමති කෙනෙක්.  කෙටිකතාවෙ නිර්වචන තම ණැන පමනින් සාක්ෂාත් කරගන්නවා විනා එහි සිරගත වියයුතු යයි මම හිතෙන්නේ නෑ.
ලතාවක් යනු ගැහැනියක්
ඔබ එහෙම පමණක් හිතන
පිරිමියෙක්
ඉතිං මෙය ඔබට කිසිදිනක
කියූවත් වැඩක් නැති කතාවක්
(ලෝකපාලුව පිටුව-58)


4. සුසන්ත ඔබේ කවි අතිශයින්ම හෘදයාංගමයි. හිත් පාරවන සුලුයි. ඔබේ ඒ කවි ලිවිල්ලට බරක් වගේම සැහැල්ලුවකුත් එකතු වෙන්නෙ ඇත්තටම කොහොමද?

වාස්තු විද්‍යාවේදී සුවිශේෂි උත්තර අත්දැකීමක් අවකාශ සහ හැඩතල ඇසුරෙන් ගොඩනගනවා. ඒ ගොඩනැගීමට සංකල්පීය ගමන් මාර්ගයක් අපි භාවිතා කරනවා. ඒක හුදු නියමයක් හෝ යාන්ත්‍රික දෙයක් නොවේ. මේක මම වාස්තු විද්‍යා අධ්‍යයාපනයෙන් ලැබූ දෙයක්. මම මෙන්න මේ කියන සංකල්පීය ගමන් මාර්ගය කවිය තුළ පිහිටුවීමට උත්සහා කරා. කවියකින් අපි සුවිශේෂි මනෝභාවයකට සෞන්දර්යාත්මක මොහොතකට පාඨකයා රැගෙන යනවා. වාස්තු විද්‍යා නිර්මිතයන් සේ භෞතිකව ගොඩනගන ලෝකයක් නෙවෙයි කවියකට තියෙන්නේ. ඉතින් අපි කවිය තුළ හදවත සමීප මොහොතවල් ගොඩනගලා උත්තරීතර සුන්දරත්වය කරා රැගෙනයාම කළයුතු වෙනවා. මම මේ කරන්න හදපු දෙය මගේ කවිය තුළ කෙතරම් සාර්ථකද කියලා තාම හරි වැටහීමක් නම් මට නෑ.

5. ලේඛනයට අමතරව ඔබ පොත් කවර නිර්මාණයෙත් යෙදී සිටිනවා. ඇත්තටම පොතක පිටකවරය කියන්නෙ ආර්ට් එකක්ද නැතිනම් තනිකරම වෙළදපොළ සාධකයක්ද?

පොත් කවරයකට කෘතිය නොමැතිව කලාත්මක වස්තුවක් ලෙස පැවතිය හැකි වුණත් වෙළෙඳ පොළක් නෑ. එහෙම බැලුවම පොත් කවරය තාමත් ආර්ට් එකක් විදිහට සුරැකිලා තියනවා කියලා කියන්න පුළුවන්. නූතන ධනවාදී සමාජ වටපිටාවක වෙළද භාණ්ඩයක් තුළම හිදිමින් තම කලාත්මක අනන්‍යයතාව රැක ගෙන ඉන්න පුළුවන් වෙන්න පොත් කවරයකට හැකිවීම අසිරිමත් දෙයක්.


සාකච්ඡාව සහ සටහන
බාසුරු ජයවර්ධන

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan