කොළඹ LNW:උදාවන නත්තල වෙනුවෙන් දේවස්ථානවලට විශේෂ ආරක්ෂාවක් පොලීසිය කටයුතු කර තිබේ.
ලබාදී ඇති ආරක්ෂාව ප්‍රමාණවත් නැත්නම් ඒ සඳහා දැනුම්දීමට පොලිස් මූලස්ථානයෙන් විශේෂ අංකයක් ද හඳුන්වාදී ඇත.
ඒ අනුව 011 247 27 57 අංකය හරහා අදාළ තොරතුරු දැනුම්දීමේ හැකියාව ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා ඳහන් කරන්නේ.
අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් අද රාත්‍රී 11.45ට මෙරට ප්‍රධාන දේවමෙහෙය හල්පේ ශාන්ත ෆ්‍රැන්සිස් සේවියර් දේවස්ථානයේදී පැවැත්වීමට නියමිතය.
ASK