වැඩවර්ජන ඔක්කොම ජිනීවා වලට පේන්න – වෛද්‍ය බෙල්ලන (VIDEO)

0
275

ආරම්භ වී තිබෙන ජිනීවා මානව හිමිකම් සැසි වාරය අවසන් වූ පසු මෙම වැඩවර්ජන අවසන් වන අතර යළි වැඩවර්ජන සක්‍රීය වන්නේ ලබන සැප්තැම්බරයේ ජිනීවා මානව හිමිකම් කොමිසම රැස්වන විට බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා පැවසුවේය.

බෙල්ලන මහතා මේ බව සඳහන් කළේ අද (02) සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනය විසින් කැඳවා තිබෙන වැඩවර්ජනය ගැන අදහස් දක්වමිනි.

මේ වන විට මෙම වැඩවර්ජන විලාසිතාවක් බවට පත්ව තිබෙන බවයි බෙල්ලන මහතා කියා සිටියේ.

සෞඛ්‍ය සේවකයන් ගෙන යන මෙම වැඩවර්ජනය හරියට යුක්‍රේනයේ යුද්ධයක් පවතිද්දී එම ජනතාව වැටුප් විෂමතා විසඳන ලෙස බලකරමින් වැඩවර්ජන කිරීමක් වැනි යැයිද හෙතෙම සඳහන් කරන ලදී.

ASK

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here