ජාතික සුරක්ෂිතතා දිනය හෙට(26)!

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ” ජාතික සුරක්ෂිතතා දිනය” හෙටට (26) යෙදී  ඇත.

සුනාමි ව්‍යසනයෙන් සහ මෙරට සිදුවූ විවිධ ආපදා හේතුවෙන් මියගිය සියලුදෙනා සිහිපත් කිරීම නිමිත්තෙන් එම දිනය ප්‍රකාශයට පත් කර ඇති බව පැවසේ.

සුනාමි ව්‍යසනයෙන් 2004 වර්ෂයේ දී මෙරට පුද්ගලයින් 35,000කට අධික පිරිසක් මියගිය අතර තවත් 5,000කට වැඩි පිරිසක් අතුරුදන් විය.

2005 වර්ෂයේ සිට සෑම වර්ෂයකම දෙසැම්බර් මස 26 වන දින ජාතික සුරක්ෂිතතා දිනය ලෙස ප්‍රකාශයට පත්කර ඇති අතර එදින ජාතික උත්සවයක් ලෙස සැමරුමක් සිදුකෙරේ.

එහිදි සුනාමි ව්‍යසනයෙන් සහ සෙසු ආපදා හේතුවෙන් මියගිය ජනතාව සිහිපත් කිරීම සඳහා පෙරවරු 9.25 සිට පෙරවරු  9.27 දක්වා විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක්ද පවත්වයි.

හෙට (26) සැමරෙන ජාතික සුරක්ෂිතතා දිනයට සමගාමීව සුනාමි පිළිබඳ පෙර දැනුම් දිය හැකි නව දුරකථන යෙදවුමක්ද හඳුන්වාදීමට නියමිත අතර , සුනාමි උවදුරු පිළිබඳ දැනුවත් කිරීමේ නව වැඩසටහනක් හෙට සිට අරඹන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් විශ්‍රාමික මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ මහතා කියා සිටී.

ජංගම දුරකථන හරහා නාද මාලාවක් ඔස්සේ මෙම දැනුවත් කිරීම සිදුකරන බව සුදන්ත මහතා  වැඩිදුරටත් පැවසුවේය.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත👇👇

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බ්‍රසීලයේ හිටපු ජනාධිපති බෝල්සනාරොට දඬුවම් කිරීම ‘දේශපාලනිකව මරණ දඬුවමක්’ – ජනාධිපති ට්‍රම්ප්

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 21: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): බ්‍රසීලයේ 2022වසරේ පැවති...

හිටපු ජනපති රනිල් රහස් පොලීසියට කැඳවීම දේශපාලන පළිගැනීමක්?

හිටපු ජනපති රනිල් රහස් පොලීසියට කැඳවීම දේශපාලන පළිගැනීමක්?

දයාසිරි පාර්ලිමේන්තුවේදී හෙළි කළ පාවෙන අවි ගබඩා කතන්දරේ…

රෂිකා හෙන්නායක අගෝස්තු 21 කොළඹ LNW : පාවෙන අවි...

ලක්ෂ ගණනක් පලස්තීන ජාතිකයින් ගාසාව හැර පලා යයි!

රෂිකා හෙන්නායක අගෝස්තු 21, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඊශ්‍රායල හමුදා මෙහෙයුම්...