වැසි තත්වයේ වැඩිවීමක් – අද (26) කාලගුණ නිවේදනය

Date:

අද දින (26) සිට දිවයිනේ උතුරු, උතුරුමැද සහ නැගෙනහිර පළාත්වල වැසි තත්ත්වයේ වැඩිවීමක් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්ත්යමේන්තුව පවසයි.

නැගෙනහිර පළාතේ විටින් විට වැසි ඇතිවේ. උතුරු, උතුරු-මැද සහ ඌව පළාත්වල වැසි වාර කිහිපයක් ඇතිවේ.

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක ප.ව. 2.00 න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක.

මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට හමන පැ.කි.මී. (30-40) පමණ තරමක තද සුළං ඇතිවිය හැක.

සබරගමුව, මධ්‍යම සහ බස්නාහිර පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකියි.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටී.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ටාෂියා – ඇමෙරිකාව දිනූ පදක්කම් තුනෙන් දෙකකම ලාංකේය සුවඳ තවරයි

නිශ්මං රණසිංහ අගෝස්තු 23, කොළඹ LNW: පෑන් ඇමෙරිකානු යොවුන් තරගාවලිය පැරගුවේ...

ක්‍රීඩා අමාත්‍යංශයට අවදි වෙනවානම් කෙන් හාර්ඩ්න්ගේ මේ අදහස් මරු

නිශ්මං රණසිංහ අගෝස්තු 23, කොළඹ LNW: මේ සටහන සමාජ මාධ්‍ය හරහා...

සිම්බාබ්වේට මුහුණ දෙන එක්දින කණ්ඩායම පිටත්ව යයි

නිශ්මං රණසිංහ අගෝස්තු 23, කොළඹ LNW: එක්දින සහ විස්සයි විස්ස තරගාවලියක්...

සොබාදහම වෙනස් ඇහැකින් දකින්නවුන් වෙනුවෙන් “Edition Hope”!

සටහන – පුලී අගෝස්තු 23, කොළඹ (LNW): පසුගිය වසර පහ...