රගර් විනිසුරු තීරණ පහත වැටෙද්දී විනිසුරු සංගමය බලය රැක ගැනීමේ අදහසට මුල් තැන දෙයි….

සටහන – නිශ්මං රණසිංහ

කොළඹ (LNW):

මහනුවර ක්‍රීඩා සමාජය සහ පොලිස් ක්‍රීඩා සමාජය අතර පැවති අන්තර් සමාජ රග්බි තරගයේදී විනිසුරු තීරණ සම්බන්ධයෙන් යම් යම් ගැටළුකාරී තත්ත්වයන් ඇති වී තිබෙන බවට එල්ල වූ චෝදනාවලට අදාළ වීඩියෝ දර්ශන නැරඹූ තරගාවලියේ සමාලෝචන කමිටුව එම විනිසුරුවන්ගේ ගාස්තුවෙන් සියයට 50 ක් අඩු කිරීමට යෝජනා කර තිබෙන බව වාර්තා වෙනවා.


විනිසුරුවන්ගෙ දැණුම සහ විනිශ්චය කටයුතු සහ ආචාර ධාර්මික තත්ත්වයන් දියුණු කිරීමට වඩා විනිශ්චය කටයුතුවලට සම්බන්ධ පිරිස් ඉකුත් කාලයේ පැවති පරිපාලනයට එරෙහිවීමේ කොටස්කරුවන් වීමට වැඩි අවධානයක් යෙදූ බව පෙනෙන්නට තිබිණි.බොහෝ විට විනිශ්චය කටයුතු දියුණු නොකර වෙනත් දේ සම්බන්ධයෙක් යොමු කළ අවධානය මෙයට හේතු විය හැකි බව මේ වන විට කේෂ්ත්‍රයේ බොහෝ දෙනෙකුගේ අදහස වී ඇත.
විශාල ණය බරක් මෙන්ම හිටපු අනුග්‍රාහකත්වයද අහිමි වි තිබියදීත් අලුත් ඉසව් හඳුන්වා දෙමින්,නව අනුග්‍රාහකයන් සොයා ගනමින් රගර් පරිපාලනය මත වැටී තිබූ ණය බර අඩු කරමින් හිටපු සභාපතිවරයා ගෙන ගිය වැඩ පිළිවෙලට,විනිසුරුවන් වශයෙන් නිවැරදි විනිශ්චයක් ලබා දෙමින් සිය වෘත්තිමය තත්ත්වය ඉහළින් පවත්වා ගැනීමට කටයුතු කළ යුතුව තිබුණු බව එම අදහස් දරන්නන්ගේ මතයයි.
“විනිසුරු සංගමය එසේ කළ ද,රගර් පරිපාලනය විවිධ කාරණාවලදී විශේෂයෙන් අගය කළ යුතු විනිශ්චය ගුණධර්ම සහ සූක්ෂම දැණුම සහ අවබෝධය සහිතව වැඩ කළ විනිසුරුවන් අගය කිරීමද රගර් පරිපාලනය විසින් සිඳු කළා” එසේ අදහස් දරන්නෙක් තව දුරටත් දේශපාලන කකුලෙන් ඇදීම් නිසා විවිධ ගැටළුවලට මුහුණ දෙන්න සිඳු වූ පැවති රගර් පරිපාලන නායකත්වය ගැන අදහස් දක්වමින් පැවසීය.


කෙසේ හෝ මේ ආකාරයට විනිසුරුවන් අසාර්ථක වෙද්දී නව විනිසුරු මඩුල්ලක් ඇති වීම වැළක්වීමට හෝ විනිසරු නිල මඩුල්ලට අලුත් පුද්ගලයන් ඇතුළත්වීම වැළක්වීමට ද විනිසුරු සංගමයේ සිටින ප්‍රධාන නිලධාරියෙක් මේ දිනවල අන්තර්ජාලය හරහා විනිසුරු සංගමයේ ඡන්ද දායකයන් අමතමින් සිටින බව ද දැන ගන්නට ඇත.අපට ද එම පණිවිඩය ලැබි ඇති අතර එය යොමු කළ පුද්ගලයා කණ්ඩායමක් හැටියට බලය රඳවා ගැනිම වෙනුවට මේ මොහොතේ අවශ්‍යය වන්නේ විනිසුරු සංගමයට පැමිණෙන පුද්ගලයන් පහත වැටී තිබෙන විනිසුරු තීරණ ආදිය ගැන අවධානය යොමු කරමින් එම වෘත්තීයේ ගුණාත්මකභාවය වැඩි කිරීමට කළ යුතුව ඇති දේ පිළිබඳව වැඩ සටහන් සහ යෝජනා කවරේද යන්න ඉදිරිපත් කිරීම බව ද පැවසුවේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාවේ සමස්ත අපනයන ආදායම 2026 පළමු මාස නවයේදී ඩො. බි. 13.6 ඉක්මවයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 26, කොළඹ LNW : 2026 වසරේ මුල්...

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ශාඛා සමිති සියයට හැටක් පිහිටුවා අවසන්-ඩී.වී චානක

කොළඹ LNW:ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී...

2027 ඩකාර් රැලි තරගාවලිය සෞදි අරාබියෙන් ඉවතට…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 26, කොළඹ LNW : ජාත්‍යන්තර ක්‍රීඩාව සහ...

නාය යෑමේ අනතුරු ඇඟවීම්:රත්නපුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 06කට ඉවත් වීමේ රතු නිවේදන

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ජාතික ගොඩනැගිලි...