මා වෙනත් කවයකට ඇතුල් වුවා පමණි ….

Date:

ඔබව දුරස් කළේ නැත
සගය,
මා වෙනත් කවයකට
ඇතුල් වුවා පමණි.

කොන්දේසි විරහිතව පැමිණි ගමනක,
බාහුබල දරා ගොඩදැමූ සිදුවීම්ද..
පිළිමලුන් පැරදවීමට කඩුලු අතර දිවීම්ද..
අම්මාට බොරුගොතා විවරකළ ගේදොරද..
මා වෙනුවෙන් – ඈ සනසාලූ දයාබරත්වයද..
කඳුලු සැඟවූ අඳුරු අහුමුළුද..
සාද මතින් අවසන් කළ විරසකද..

එතැනම තබමි.
අචාර කරමි.

ඔබව දුරස් කළේ නැත
සගය,
මා වෙනත් කවයකට
ඇතුල් වුවා පමණි.

උවමණාම මොහොත පැමිණිවිටත්
මා විමසන්න නොවෙහෙසී
තනියෙම තීරණ ගනිං..
මා එයට එකඟබව
සිහි තබා ගනිං..

මා වෙනත් කවයකට
ඇතුල් වුවා පමණි.

එහි මා පමණි.

~ සංජය ඈපා සෙනවිරත්න

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඓතිහාසික දළදා සමිඳුන් වැඳ උදා වූ නව වසරට ආශීර්වාද ලබා ගත් ජනපති අනුර!

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (01) පෙරවරුවේ ඓතිහාසික...

පාසල් දරුවන්ට නොමිලයේ පාවහන් ගන්න අවස්ථාවක්!

කොළඹ LNW:දැනට පාසල් ළමුන් 250 ට අඩු පාසල් සඳහා...

ගංගාරාම විහාරය අන්තර්ජාතික සංචාරක හා සංස්කෘතික මධ්‍යස්ථානයක් බවට පත්වෙන ලකුණු!

රෂිකා හෙන්නායක ජනවාරි 01, කොළඹ LNW : ගංගාරාම විහාරය අන්තර්ජාතික...

කැරට්-නාස් කාරයොන්ට සීමා නොවුණු ශීත කලාව!

සටහන – පුලී ජනවාරි 01, කොළඹ (LNW): හිම වැටෙන්නට පටන් ගන්නා...