වැව් 60 ක් වාන් දමයි!

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ප්‍රධාන ජලාශ හා වැව් 60 ක් පමණ මේ වනවිට වාන් දමමින් ඇති බව, ජල විද්‍යා සහ ආපදා කළමනාකාරණ ඒකකයේ අධ්‍යක්ෂ ඉංජිනේරු එස් පී සී සූගීෂ්වර මහතා පවසයි.

වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසන්නේ ,  වර්ෂාවත් සමග ප්‍රධාන ජලාශවල ජල ධාරිතාව 85% ක් පමණ දක්වා ඉහළ ගොස් ඇති බවයි.

වර්ෂාවත් සමග ගංගා කිහිපයක ජල මට්ටම් ඉහළ ගොස් ඇතැයිද ඉංජිනේරු එස්.‍පි.සී සුගීෂ්වර මහතා සඳහන් කළ අතර ,පවතින වර්ෂාවත් සමග පොළොන්නරුව දිස්ත්‍රික්කයේ මාර්ග රැසක් ජලයෙන් යටවී ඇතැයි දිස්ත්‍රික් ලේකම් සුදන්ත ඒකනායක මහතාද කියා සිටී.

මේ අතර, පවතින අධික වැසි හමුවේ දිස්ත්‍රික්ක කිහිපයක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ රැසකට නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කෙරිණු අතර ,බදුල්ල , මහනුවර , මොණරාගල, නුවර එළිය, මාතලේ දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස රැසක් ඒ අතරට ඇතුළත් වේ.

මේ අතර අදත් ප්‍රදේශ රැසකට මිලිමීටර් 75 ඉක්මවූ වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ ජනක කුමාර මහතා සඳහන් කළේ ය.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත👇👇

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඩඩ්ලිගේ යූස්ඩ් වාහනයට රේගුව මිලියන 100ක් බදු ගහලා ?

අරලිය සහල් අධිපති, කෝටිපති ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන පසුගිය දවස්වල...

ලංකාවට තවත් අවස්ථාවක්

නිශ්මං රණසිංහ ජූලි 04, කොළඹ LNW: මේ වන විට ආසියානු...

එස්. එම්. චන්ද්‍රසේන අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන අල්ලස් හෝ...

ශ්‍රී ලංකා ක්‍රිකට් විශ්ව විද්‍යාලයට යයි

නිශ්මං රණසිංහ ජූලි 04, කොළඹ LNW: රාජ්‍ය විශ්වවිද්‍යාලය 16 ට...