පොහොට්ටුවේ කොන්දේසි 10 ට සැලසුම් හදමින් ජනාධිපතිවරණයට එන්න සූදානම් වෙනවා – ධම්මික පෙරේරා (VIDEO)

Date:

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සිය ජනාධිපතිවරණ අපේක්ෂකයා තෝරාගැනීම සඳහා කොන්දේසි 10ක් සකස් කර ඇති බවත් තමන් මේ දිනවල එම කොන්දේසි 10 ඉටුකිරීමට සැලසුම් සකස් කරමින් සිටින බවත් එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධම්මික පෙරේරා මහතා පවසයි.

“මම 2024 ජනාධිපතිවරණ අපේක්ෂකයෙක් හැටියට එන්න වැඩ කරමින් ඉන්නේ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කියන්නේ ලංකාවේ අතිවිශාල පක්ෂයක්. ඒ පක්ෂයෙන් එන්න, අපට කියලා තියෙනවා වැඩ 10ක් කරන්න ඕනෙ කියලා. ඒ කියන්නේ, මිනිස්සුන්ට රැකියා දස ලක්ෂයක් හදන්න ඕනෙ, රජයේ තියෙන ආයතන විකුණන්න බෑ, මිනිස්සුන්ට වැට් බදු බර වැඩියි එනිසා වැට් අඩු කරන්න ඕනෙ, මේ වගේ මට දාලා තියෙනවා කොන්දේසි 10ක්. මේ කොන්දේසි 10ත් මම කරන්න ඕනෙ. අවුරුදු පහක් කියලා කියන්නෙ පැය 9600 යි වැඩ කරන්න තියෙන්නෙ. එතකොට මේ පැය 9600 ඇතුළත ඉවර කරන්නත් ඕනෙ. දැන් මම මේක කරන්නෙ කොහොමද කියලා සැලසුම් ටික තමයි හදමින් ඉන්නෙ. 2024 ජනාධිපතිවරණයට අන්තිම දවස ඔක්තෝබර් 12. ඒකට තව දවස් 286ක් තියෙනවා. ඉතින් අපි බලමු ඉදිරි දවස් 286දී කොහොමද අපි ඒකට සූදානම් වෙන්නෙ කියලා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තමයි අපේක්ෂකයා නිවේදනය කරන්න ඕනෙ, ඒකට තියෙන කොන්දේසි ටික සැපිරුවාට පස්සේ. මම දැනට කරන්නේ සූදානම් වෙන එක විතරයි. එහෙන් තමයි නිවේදනය කරන්න ඕනෙ කවුද අපේක්ෂකයා කියලා”

ප්‍රශ්නය – ඇත්තටම මේ රට ගොඩගන්න පුළුවන්ද ?

“අයියෝ, මේ රට ගොඩගන්නවා කියන එක එච්චරම කලබල වියයුතු නෑ. මොකද මුදල් නැතුව රට ගොඩගන්න එක තමයි දැන් තියන එකම අමාරුකම. හැබැයි ඒකත් මුදල් නැතිව එක මට්ටමක් දක්වා ගොඩක් දේවල් කරන්න පුළුවන් නෙ. ඉතින් ඇත්තටම මුදල්ම නෙවෙයි, මිනිස්සුන්ට තේරිලා තියෙනවා මුදල් නැතිව කරන්න පුළුවන් කොටසත් කෙරෙන්නෙ නෑ කියලා. ඒක තමයි, මේ මිනිස්සුන්ට කේන්තිය ඇවිල්ලා තියෙන්නෙ එතනදී”

ධම්මික පෙරේරා මහතා මේ බව පැවසුවේ කිරිඳිවැල මධ්‍ය මහා විද්‍යාලයේ පැවැත්වෙන “සතුටු පවුල” අධ්‍යාපනික හා වෙළඳ ප්‍රදර්ශනයට සහභාගී වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්න කිහිපයකට පිළිතුරු ලබාදෙමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බොරලැස්ගමුවේ වෙඩිතැබීමක්. තරුණයෙකු මරුට !

සටහන - රුවන් නෙළුගොල්ල බොරලැස්ගමුව, මාලනී බුලත්සිංහල මාවත ප්‍රදේශයේදී අද...

මර්දනයට ලෑස්ති වෙන්න එපා, අපේ ඉවසීමෙත් සීමාවක් තියෙනවා – නාමල් ආණ්ඩුවට කියයි

ජාතික ජන බලවේගයේ ආණ්ඩුව ටෙන්ඩර් සම්බන්ධයෙන් ඔවුන්ට එරෙහිව එල්ල...

රනිල්ව සිරගත කිරීම : රජයේ කිසිදු මැදිහත් වීමක් හෝ පළිගැනීමක් නෑ – ඇමති TB

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාව රක්ෂිත...

GMOA දීපව්‍යාප්ත වැඩවර්ජනයකට දින නියම කරයි

සටහන - රුවන් නෙළුගොල්ල ඉල්ලීම් 4ක් මුල්කර ගනිමින් 2025 අගෝස්තු...