කොළඹ LNW: දකුණු පළාත් හිටපු මහඇමති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන් විජේලාල් ද සිල්වා මහතා අද (01) දින සමඟි ජන බලවේගය හා එක්ව තිබුණි.
සමඟි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා හමු වී අද නිල වශයෙන් ඔහු සිය නව දේශපාලන ගමන ආරම්භ අකර තිබෙන අතර අම්බලන්ගොඩ ප්‍රධාන ආසන සංවිධායක ධූරය ද සමඟිනි.
ඒ අනුව මෙම දේශපාලන වෙනස් වීම සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරීම සඳහා විපක්ෂ නායක කාර්යාලයේ අද (01) පෙරවරුවේ මාධ්‍ය හමුවක් සංවිධානය කර තිබුණි.
ඊට ඩලස් අලහප්පෙරුම මහතාගේ ”නිදහස” ජනතා සභාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මහාචාර්ය ජී.එල්.පීරිස් සහ ඩිලාන් පෙරේරා මහතාද එක්ව සිටියේය.
ඒ අනුව අද සිට ඔවුන් නිල වශයෙන් සමඟි ජන බලවේගය සමඟ දේශපාලන කටයුතුවල නියැලෙනු ඇති.
මෙම වසර මැතිවරණ වසරක් වන හෙයින් ආරම්භක දිනයේ සිටම දේශපාලන පිටිය රත්වෙමින් තිබෙන අතර ඉදිරියේදී තව බොහෝ වෙනස්කම් අත්දකින්නට ලැබෙනු ඇත.
ASK