*
Monday, May 6, 2024
spot_img

Latest Posts

‘පොහොට්ටුව එක්ක නම් හිටගන්නේ නැහැ’. නව සන්ධානයේ වැඩ අරඹමින් ලන්සා සහතික වෙයි!

කොළඹ LNW: පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලන්සා මහතාගේ මූලිකත්වයෙන් ආරම්භ කරන ලද නව සන්ධානය අද (01) සිය දේශපාලන මෙහෙයුම් ආරම්භ කළේය.

ඒ,නව සන්ධානයේ මෙහෙයුම් නායක කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා, නව සන්ධානයේ නිර්මාතෘ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලාන්සා සහ නව සන්ධානයේ පුත්තලම දිස්ත්‍රික් නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රියංකර ජයරත්න යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙනි.

රාජගිරිය ප්‍රදේශයේ පිහිටි නව සන්ධාන මූලස්ථානයේදී එම කටයුතු නිල වශයෙන් ආරම්භ විය.

මෙහිදී අදහස් දක්වමින් නිමල් ලන්සා මහතා පැවසුවේ දැනටමත් පාර්ලිමේන්තුව තුළ පොදුජන පෙරමුණෙන් තරඟ කර නමුත් මේ වනවිට පොදුජන පෙරමුණ නියෝජනය නොකරන මන්ත්‍රීවරු 71 සිටින හෙයින් ඉදිරියේදී වැඩිම පාර්ලිමේන්තු නියෝජනයක් සහිත සන්ධානයක් ගොඩනැගිය හැකි බවයි.

ඒ අනුව අද සිට නව සන්ධානයේ දේශපාලන කටයුතු සක්‍රීයව ආරම්භ වන බවයි ලන්සා මන්ත්‍රීවරයා පැවසුවේ.

“මේ වර්ෂයේ අනිවාර්යෙන් මැතිවරණයක් පැවැත්විය යුතු අතර එය ජනාධිපතිවරණය විය යුතුයි කියලා විශ්වාස කරනවා. ජනාධිපතිතුමාට අවශ්‍ය නම් පාර්ලිමේන්තු, පළාත් සභා, ප්‍රාදේශීය සභා මැතිවරණය වුණත් පවත්වන්න පුලුවන්. විපක්ෂයේ මතය පාර්ලිමේන්තු මැතිවරණය කැඳවයි කියලා. මගේ මතය වන්නේ ජනාධිපතිතුමා ජනාධිපතිවරණය කැඳවයි කියන එකයි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් තරඟ කරලා, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය නොකරන සහ අනෙකුත් දේශපාලන පක්ෂ එක්ක තරඟ කරලා ඒවා නියෝජනය නොකරන 71 දෙනෙකු පාර්ලිමේන්තුව තුළ ඉන්නවා. 71 දෙනාම දැනට ඒ පක්ෂ නියෝජනය කරන්නේ නැහැ. ඒ 71 දෙනා නියෝජනය කරමින් තමා නව සන්ධානය බිහි කරන්න පාර්ලිමේන්තුව තුළ නව කතිකාවක් ආරම්භ කළේ. අපිට පුලුවන් වෙනවා පාර්ලිමේන්තුවේ වැඩිම මන්ත්‍රීවරුන් පිරිසක් නියෝජනය කරන, ඒ වගේම පාර්ලිමේන්තුව නියෝජනය කරන වැඩිම පක්ෂ සහිත සන්ධානය අපට හදන්න.

අද ඉදන් නව සන්ධානයේ දේශපාලන මෙහෙයුම් කටයුතු සක්‍රීයව ආරම්භ කරනවා. ජනාධිපතවරණයේදී අපගේ කණ්ඩායම පුළුල් කණ්ඩායමක් ලෙස ජනාධිපතිතුමාට සහය දක්වන්න, ශක්තිමත් කණ්ඩායමක් විදියට වැඩ කරනවා. අපි වැඩ කරපු හැම තැනම ජයග්‍රහණය කළා. අපි කරන්න එපා කියපු දේවල් කරන්න ගිහින් සමහර නායකයන්ට පරාජය වැළඳගන්න සිදුවුණා. අපි කියපු දේවල් කරපු අය ක්‍රමක්‍රමයෙන් උඩට ආවා. සත්‍ය අසත්‍ය ජනතාවට ඉදිරිපත් කරන, ඇත්ත බොරුව අතර මැතිවරණයක් එනවා. ඕනෑම පක්ෂයකට අරවා දෙනවා, මේවා දෙනවා කියලා කියන්න පුලුවන්. හැබැයි කරන්න බැහැ. සල්ලි ගස් වලින් කඩන්නත් බැහැ. මවන්නත් බැහැ. අද ඉදන් භාණ්ඩ මිල ඉහළ යනවා. මිනිස්සු බනිනවා කියලා ජනාධිපතිතුමත්,ආණ්ඩුවත් දන්නවා. මිනිස්සු කොච්චර බැන්නත් මේ සත්‍ය, ඇත්ත, යථාර්ථය මිනිස්සුන්ට කියන්න ඕනේ. ඒ නිසා අපිට විශාල වගකීමක් තියෙනවා ජනතාවට ඇත්ත කියන්න. කයියනායකලට කයිවාරු ගහන්න පුලුවන්. බොරු කියන්න පුලුවන්. ඕන දෙයක් දෙනවා කියලා කියන්න පුලුවන්. හැබැයි කරන්න බැහැ.

ගෝඨාභය රාජපක්ෂ ඇවිල්ලා බදු අඩුකරලා මොකද වුනේ. ඔක්කෝටම ඒක හොඳ වුනා. හැබැයි ආර්ථිකය කරගන්න බැරිවුනා. අපි මේ පටන්ගන්න ව්‍යාපාරය වැඩපිළිවෙළක් එක්ක යන ගමනක්. විශේෂයෙන් ආර්ථික වැඩපිළිවෙළක් එක්ක යන ගමනක්. ජනාධිපතිතුමාටත් අපි සහය දක්වන්නේ ආර්ථික වැඩපිළිවෙල හොඳ නිසා. ආර්ථිකය ශක්තිමත් කරන්න තීන්දු ගන්නකොට ජනතාවට අමාරුයි. අපිට අමාරුයි. නමුත් මේ සත්‍යයට අපිට මුහුණ දෙන්න සිදු වෙනවා.

ආණ්ඩුවට ලැබෙන ආදායම මදි වියදම පිරිමහන්න. කවුරිහරි ඇවිල්ලා කියනවම් අරවා දෙනවා මේවා දෙනවා කියලා ලියලා තියාගන්න මාස තුනයි කරන්න පුලුවන්. මහ බැංකු අධිපතිතුමා කියනවා කවුරු පත්වුනත් මේ ක්‍රියාවලිය, ආර්ථික වැඩපිළිවෙළ කරන්න වෙනවා කියලා. අපි අද ඉදන් බලාපොරොත්තු වෙන්නේ ඇත්ත මිනිස්සුන්ට කියන්න. අවුරුදු 70 ක් තිස්සේ ජනතාව විවිධ දේශපාලන පොරොන්දු වලට අහුවුනා. ජන්ද දුන්නාම සියයට දහයක්, පහළොවක් විතර ඒ ඒ දේශපාලන පක්ෂ ඉටුකළා. ඒ කළෙත් ණය වෙලා. ජනාධිපතිතුමාටත් පුලුවන් අඩු කරගෙන කරගෙන යන්න. මේ කැමැත්තෙන් කරන දේවල් නෙමේ. රට දුවන්න මේ දේවල් කරන්න සිදු වෙනවා.

මේ අතර මෙම නව සන්ධානය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ කටයුතු නොකරන බවද ලන්සා මහතා කියාසිටියේය.

”අපි පැහැදිලිව කියන්න ඕනේ මේ සන්ධානය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එක්ක හිටගන්නේ නැහැ. බදු අඩුකරද්දි කිව්වා අඩු කරන්න එපා කියලා. පොහොර එක නවත්තන්න එපා කිව්වා. කොරෝනා කාලේ කිව්ව රට ඔය විදිහට වහන්න එපා කියලා. ඒ එකක්වත් ඇහැව්වේ නැහැ. වියත්තු කියලා කොටසක් ඇවිල්ලා, දැන් සජිත් මහත්තයට උපදෙස් දෙන්නේ ඒ වියතා තමා. ගෝඨාභය මහත්තයගේ දකුණු අත වගේ හිටියේ නාලක ගොඩහේවා මහතා. එතුමා තමා බදු අඩුකරන්න උපදෙස් දුන්නේ. පොහොර ප්‍රශ්නය දොස්තර මහත්තයා. දේශපාලඥයෝ නෙමේ මේ දේවල් කළේ. අපි බැනුම් ඇහැව්වට ගුටි කෑවට එකක්වත් අපි කළේ නැහැ. ඒ වෙලාවේ මතයක් තිබුනා දේශපාලනය නොකරන කෙනෙක් ගේන්න ඕනේ කියලා. ජනතාව කාලෙන් කාලෙට එක එක රැලි පස්සේ යනවා. මිනිස්සුන්ට උදව් නොකරන, බදු නොගෙවන, රස්සාවක් නොදුන්න, මොනවත් නොකරපු අය කයිවාරු වලින් වීරයෝ වෙලා.

පි ඇවිල්ලා ජනතාවට ඇත්ත කියනවා. අද සජබයට, පෙහොට්ටුවට මිනිස්සු දාහක් ගෙනල්ලා රැස්වීමක් තියාගන්න බැහැ. ජවිපෙ හැම තැනින්ම බස් දාලා ජනතාව ගෙනල්ලා රැස්වීම් තියලා සාර්ථකත්වය පෙන්නන්න හදනවා. අපි විශ්වාස කරනවා අපේ දිස්ත්‍රික්ක 22 ඉන්න අය ජනතාව දහදාහකට වඩා ගෙනල්ලා රැස්වීමක් කරන්න පුලුවන් ශක්තිමත් අය කියලා. ඒ නිසා ජනතා විමුක්ති පෙරමුණට අභියෝග කරන්න පුලුවන් එකම කණ්ඩායම අපි. අපි වැඩපිළිවෙලක් එක්ක ජනතාවට සත්‍ය ඉදිරිපත් කරන්න කටයුතු කරනවා.” යනුවෙන් මන්ත්‍රීවරයා වැඩිදුරටත් ප්‍රකාශ කරන ලදී.

ASK

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan