ඊශ්‍රායල ශ්‍රේෂ්ඨාධිකරණය නෙතන්යාහුගේ අධිකරණ ප්‍රතිසංස්කරණ අවලංගු කරයි

Date:

සටහන – සශිකලා මධුෂාණි

ජනවාරි 02, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඊශ්‍රායල් අගමැති බෙන්ජමින් නෙතන්යාහු රජයට එරෙහිව පසුගිය වසරේ රටපුරා විරෝධතා ඇති කළ මතභේදාත්මක අධිකරණ ප්‍රතිසංස්කරණය ඊශ්‍රායල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන් 15 දෙනෙකුගෙන් 8 දෙනෙකුම සිය ජන්දය ප්‍රකාශ කිරීමෙන් අවලංගු කර ඇති බව වාර්තා වේ.

අගමැති නෙතන්යාහුගේ නව ප්‍රතිසංස්කරණය මඟින් පාර්ලිමේන්තුවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දු අවලංගු කිරීමට සහ නීති සමාලෝචනය කිරීමට අධිකරණයට ඇති හැකියාව සීමා කිරීමට බලය ලැබෙනු ඇති අතර අගමැතිවරාට විනිශ්චයකරුවන් පත්කිරීමේ අවසාන හිමිකම ලැබෙනු ඇත. මේ වෙනුවෙන් රටපුරා විරෝධතාවයන් ඇති වීමත් සමඟ විරෝධතාකරුවන් ප්‍රකාශ කර තිබුණේ, පූජනීය උසාවි සියලු මිනිසුන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට නම්, ඔවුන් දේශපාලනයෙන් ස්වාධීනව සිටිය යුතු බවයි.

මෙම ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව සම්බන්ධයෙන් ඊශ්‍රායලයේ අධිකරණ ඇමති යාරිව් ලෙවින් ප්‍රකාශ කර තිබුණේ, මෙම තීන්දුව යුද්ධයක් මාධ්‍යයේ විනිසුරුවන් ප්‍රජාතන්ත්‍ර විරෝධී ලෙස සියලු බලතල සියතට ගැනීමක් වශයෙනි.

කෙසේ නමුත්, මේ සම්බන්ධයෙන් විචාරකයන් අදහස් දක්වා තිබුණේ ඊශ්‍රායල් වැසියන්ගේ ගෙල සිරකර තැබූ එකධිපති කඩුව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඉවත් කළ බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇමරිකාව ඉරානයේ න්‍යෂ්ටික බලාගාර වෙත ප්‍රහාර එල්ල කරයි; සුදුකාරයා මෙවර පරාජය වනු ඇති බව ඉරානය කියයි

සටහන: සශිකලා මධුෂාණිජුනි 22; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්ස්ත් ජනපදය විසින්...

යුපුන්ගේ රිදමයට පැමිණීම

නිශ්මං රණසිංහ ජුනි 22, කොළඹ LNW: යුපුන් අබේකෝන් සිටියේ යම්...

ජ.වි.පෙ.ට යථාර්ථය සම්මුඛ වීම ….

මාලිමාව බලය සඳහා හෝ වෙන දෙයක් සඳහා හෝ බාහිර...