සටහන – නිශ්මං රණසිංහ
කොළඹ (LNW): ක්‍රීඩාවට ගෙවුණු වසර සුබදායක එකක් වූ බව කීමට අපහසු ක්‍රිකට් පරාජයන් නිසයි.ලංකාවේ එකම ක්‍රීඩාව ක්‍රිකට් බව සිතන දෙනා වැඩිවීම එයට හේතුවයි.ක්‍රීඩා සංස්කෘතියක් ඇති රටකනම් ඉකුත් වසර ක්‍රීඩාව සම්බන්ධයෙන් සංතෘප්ත වීමට විශාල කරුණු ගණනාවක් තිබෙනවා.ඒ අතරින් මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් ලබා දුන් ජයග්‍රහණ විශීෂ්ඨයි.මලල ක්‍රීඩාව දෙස ලෝකය හැරි බැලීමට තරමේ ජයග්‍රහණ එකතු කරන්න සමත් වූවන් අතර 18 හැවිරිදි තරුෂි කරුණාරත්න කාන්තා මීටර් 800 ඉසව්වේදී දැක් වූ දක්ෂතා ඉතා ඉහළින් අගය කළ යුතුයි.එසේම දිල්හානි ලේකම්ගේ හෙල්ල වීසි කිරීමේදී තමන්ගේ පසුපසින් තබා ගත් ආසියානු දක්ෂයෝ ලෝකයේම ඉදරියෙන් සිටින්නන් වන බැවින් ඇයගේ රිදී පදක්කමට හිමිවන්නේ රත්තරන් වටිනාකමක්.
වසර 17 ට පසුව ආසියානු ක්‍රීඩා උළෙලේ පදක්කම් අතරට ඒමට සමත් වූ ශ්‍රී ලංකාව දිනා දුන් සෑම පදක්කමකදීම ඔවුන්ගෙන් පොළවට වැටුණු දහදිය බිඳු හැම එකකටම වටිනාකමක් ලබා දෙන්න මැදිහත් වෙන්නට හැකි වීම අප වෙබ් අඩවියට සතුටු වෙන්නට හැකි දෙයකි.ඒ කාර්යය ඉටු කළ ‘ශ්‍රී ලංකා ක්‍රිකට්’ තරුශීගේ සිට පදක්කම් දිනූ සියල්ලම දහසින් බැඳි පියල්ලෙන් පිදූ එකම තැන විය.එම මුදල ලක්ෂ 280 කි.
මේ වන තෙක්ම වෙනත් කිසිවෙක් මේ සියලු දෙනා වෙනුවෙන් එවැනි ඇගයීමක් කරන්නට ඉදිරිපත් වී නොමැත.ඒ අතර ක්‍රීඩා අමාත්‍යංශයද ඇතුළත්ය.හිටපු ක්‍රීඩා ඇමතිවරයා අවුරුදු 50 ක් පැරණි ක්‍රීඩා පණතෙන් අලුත් වූ ලෝකය නොසළකා ක්‍රීඩා සංගම් සම්මේලන සංගම් සිය අත් අඩංගුවට ගැනීමට ගත් උත්සාහය නිමා වූයේ ක්‍රීඩා තුනක් දේශපාලන අතපෙවීම් නිසා තහනම් වෙමින් සහ අමාත්‍යවරයාට ඇමති ධූරය අහිමි වෙමින්ය.
ඒ නිසා හරීන් ප්‍රනාන්දු ක්‍රීඩා අමාත්‍යවරයාට අලුත් වසරේ දේශපාලන බලධාරීත්වයට ක්‍රීඩා සංගම් සම්මේලනවල ගෙල බැදී ඇති බලු දම්වැල මුදා හරින්නට සිඳු වෙනවා.මේ වචනය තරමක් සැර වැඩි වුව ද,යම්කිසි වහල් භාවයකින් මීට වසර 50 ට පෙර ස්ථාපිත කළ ක්‍රීඩා පනත ලංකාවේ ක්‍රීඩාවන් දේශපාලනයට බඳවා තබා තිබෙන බව මොන ආකාරයේ සුරංගනා කථා කීව ද ලෝකය පිළිගන්නා බව අප අමතක නොකළ යුතුයි.රාජපක්ෂ දේශපාලනය විසින් මිනිසුන්ගේ ඔළුව තුළ වැඩ හිඳුවාලන ලද ලෝකය ලංකාව ඇතුළෙ තියෙන රටක් හැටියට අපිට අපිට ඕනි හැටියට හැසිරිය හැකියා යන ගොං පාර්ට් හරහා ජාත්‍යන්තර වශයෙන් රටට හානිකර තත්ත්වයන් නිර්මාණය කර අතට වාසිදායක තත්ත්වයන් නිර්මාණය කර ගැනීමේ සූත්‍රය තවමත් ලංකාවේ සමාජය හරියට කියවාගෙන නැහැ.ඒ නිසා මේ මොහොතේ ක්‍රීඩාව මෙන්ම ලංකාවේ දේශපාලනය ද ලංකාවේ අනන්‍යතාවය වැනි නූතණත්වයට නොගැලපෙන සහ ආර්ථිකමය සහ සමාජීය වශයෙන් වැටී තියෙන තත්ත්වයට අදාළ නොවන සංකල්ප මත ගොඩ නඟන්නට යාම මිත්‍යාවක් සහ ප්රෝඩාවක්ම පමණයි.
ඒ නිසා අලුත් වසර රටේ වෙන කේෂ්ත්‍රවලට ද අදාළ,ක්‍රීඩාවට ද අදාළ පොදු ඇත්ත වන්නේ ලෝකය පිළිගන්න නීතිමය රාමුවක් අස්සේ ලංකාවේ ක්‍රීඩාවේ සැකස්ම සහ සැළසුම සැකසීමයි.මේක පාසල් මට්ටම දක්වාම ක්‍රියාත්මක විය යුතුයි.ශීෂ්‍ය මනෝභාවය සම්බන්ධයෙන් ගුරුවරයා සහ ඊට අදාළ අමාත්‍යංශ බලධාරීන් දක්වන උනන්දුව ක්‍රීඩාවේදී අතිශයින් වැදගත් වෙනවා.තමන්ගෙ බලය ප්‍රදර්ශනය කරන්නන්ට සහ තමන්ගේ අභිමතයන්ට අනුව ක්‍රීඩකයන්ට සීමා පැනවීම් සීමා කර වඩාත් නිදහස්,පීඩනයට පත් නොවන අලුත් ලෝකයේ ගැටවරයෙක් දායාද කරගත හැකි තැනකට ලංකාවේ පාසල් ක්‍රිඩාවද යා යුතුය.නැතිනම් ස්මාර්ට් පංති කාමරයෙ පරිගනකය නොව එහි බෑග් එක පමණක් තැබෙනු ඇත.පළල් නිදහසක් විඳින ලෝකයේ තාරුණ්‍යය විඳින්නට ඉඩ හැර ඒ අවශ්යයතාවයන්වලට යා නොහැකි ලෙස දෙපය දම්වැලෙන් බඳින වැඩ සටහන්වලින් සිඳු විය හැක්කේ පීඩාව පළල්වීම පමණක් යන්න තේරුම් ගැනීම වැදගත්ය.
එළැඹෙන වසර තුළ ලංකාවේ පාපන්දුවේ වැදගත් පියවර ගණනාවක් ඇති විය හැකියි.ඒ විදෙස්වල සිටින ලාංකේය සම්භවයක් ඇති ක්‍රීඩකයින් ලංකාවට ක්‍රීඩා කරන්න එන සූදානම නිසා.මේ වැඩේට අනෝජා බස්නායක සහ චතුර රණසිංහ මේ පරිපාලන දහරාවෙන් පිට ඉදලා ලොකු ගැම්මක් ගත්තා.හැබැයි මේ වැඩේ හොඳයි වගේම පාපන්දු පරිපාලනය කල්පනා කළොත් ඒ ක්‍රීඩකයින් ලංකාවෙ එක එක කණ්ඩායම්වලට බෙදලා හරි නැත්නම් පළාත් මට්ටමෙන් අලුත් තරගාවලියක් ඇතු කරලා ඒ ජාත්‍යන්තර අත්දැකීම අපේ ක්‍රිඩකයන්ට හුවමාරු කරගන්න ඉඩක් හැදීම තුළින් ලංකාව ඇතුළෙ දක්ෂයො නිර්මාණය කරගන්නත් පුළුවන්.
ඒ වගෙම නොයෙක් පයින් ඇදිලා මැද්දෙ අසාර්ථක කරන්න කරන්න ආයෙ ආයෙ නැගිටන්න යැඩ කරලු රගර් ක්‍රීඩාවට රිස්ලි ඉල්ලියාස් දුන්න මඟ පෙන්වීම ඉදිරියට ගෙන යාමට ඔහුට රගර් එපා කෙරෙව්වත් ඊට පත්වන අය රගර් ක්‍රීඩාවට ආදරේනම් නොනවත්වා ඒ වැඩ සැළසුම් පෙරට ගෙන යා යුතුයි.
වැඩි විස්තර ලියන්න දෙයක් නැහැ.ඔලිමිපික් වගේම තවත් ජාත්‍යන්තර තරත අත්දැකීම්වලට ලංකාව මුහුණ දෙන්න ඕනි.නෙට්බෝල් වගෙ ක්‍රීඩාවක ආසියාවේ රැජිණියන් හැටියට හිසේ ඇති කිරුළ රැක ගන්න වැඩි මහන්සියක් දරන්න වෙයි.කොහොමත් ඉස්සෙල්ලාම නොමැති නොහැකි ඉලක්ක වෙනුවට ක්‍රීඩා පරිපාලනවලට ඇමතිවරුන්ට අත පොවන්න තියෙන ඉඩ අඩු ක්‍රීඩා පණතක් ගෙනත් ලංකාවේ පොදු නීතිය යටතේ වැරදිවලට දඪුවම් කරන්න පුළුවන් පාර්ලිමේන්තු කාරක සභාවක් වගෙ දෙයක් හදාගන්න පුළුවන්නම් ඒක ක්‍රීඩාවෙ යහපතට හේතු වෙයි.
හරීන් ප්‍රනාන්දු මතක තියාගන්න ඕනි වැදගත්ම දේ රොෂාන් රණසිංහ අමතක කරපු ලෝකය ඇතුළේ ලංකාව තිබෙන බවයි.
