*
Monday, October 28, 2024
spot_img

Latest Posts

රටට සුදුසු නායකත්වයක් ඉදිරියේදී විදේශයකින් ගෙන ඒමට සිදුවනු ඇතැයි මල්වතු පාර්ශවයේ මහා නායක හිමියෝ පවසති.

සටහන – නදීක දයා බණ්ඩාර

ජනවාරි 02, මහනුවර(LNW):
ජනාධිපතිවරණයකදී විධායක ජනපතිධූරය අහෝසි කරන බවට තමන් හමුවේ පොරොන්දු වූ සියලුම නායකයන් බලයට පත්වූ පසු එම පොරොන්දුව නොසලකා හැර ඇතැයි මල්වතු පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල හිමියන් පවසති.

ඒ අයුරින් ඉදිරි ජනපතිවරණ සමයේදි විධායක ජනපතිධූරය අහෝසි කරන මාතෘකාව පිළිබදව කථා කොට පසුව එය අමතක කර දමනු ඇතැයි උන්වහන්සේ සඳහන් කළහ.

සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ නායක, හිටපු කථා නායක කරූ ජයසූරිය මහතා මල්වතු පාර්ශවයේ මහා නායක හිමියන් අද (02) බැහැ දුටු අවස්ථාවේදී මහා නායක හිමියන් මේ බව සඳහන් කළේය.

සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය මගින් සිදුකිරීමට අපේක්ෂිත ජාතික වැඩසටහන පිළිබදව දැනුවත් කිරීම මල්වතු මහා විහාරයට පැමිණි කරූ ජයසූරිය මහතා එම පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල හිමි බැහැ දැක සාකච්ඡා කළ අතර පසුව එම පාර්ශවයේ අනුනායක හිමිවරුන් වන පූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම හිමි සහ පූජ්‍ය නියංගොඩ විජිතසිරි හිමියන් බැහැ දැක සාකච්ඡාවෙහි නිරතවූහ.

අස්ගිරි මහා විහාරයට ගිය කරූ ජයසූරිය මහතා අස්ගිරි පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය වරකාගොඩ ඤාණරතන හිමියන් සමඟ සාකච්ඡාවෙහි නිරතවූහ. පසුව ඒ මහතා අස්ගිරි පාර්ශවයේ අනුනායක පූජ්‍ය ආණමඩුවේ ධම්මදස්සි හිමි සහ අස්ගිරි පාර්ශවයේ ලේඛකාධිකාරී පූජ්‍ය මැදගම ධම්මාන්ද හිමි බැහැ දැක අපේක්ෂිත සාධාරණ සමාජයක් පිළිබඳව සාකච්ඡා කළහ.

මහා නායක පදවියට තමන් පත්ව ගතවූ විසි වසරක කාලය තුළ නායකයන් රැසක් ලබා දුන් පොරොන්දු පිළිබදව මතකයේ රැදී ඇතැයි කී උන් වහන්සේ විධායක ජනපතිධූරය අහෝසි කරන බව කී නායකයන් රැසක් පුටුවට පත්වූ පසු එම පොරොන්දු අමතක වී ඇතැයි පෙන්වා දුන්නේය.

රටට සුදුසු නායකයෙකු නොසිටි බවත් ඉදිරියේදී ද තෝරා පත් කර ගත යුත්තේ මෙරටින් වන නිසා රට වෙනුවෙන් ක්‍රියාකරන සුදුස්සෙක් නොමැති බව ද උන් වහන්සේ කීවේය.

නව වසරක් ආරම්භ වූ පසු කිරි උතුරුවා ප්‍රතිඥා දෙමින් වැඩ ආරම්භ කර ටික දිනක් ගියපසු පෙර පැවැති තත්ත්වයෙන්ම වැඩ කරන රටක පාලකයන් තුළින් ජනතා හිතවාදී වෙනස්කම් බලාපොරොත්තු විය නොහැකි යැයි ද මහනාහිමියෝ අවධාරණය කළහ.

මහා නායක හිමියන් හමුවේ අදහස් දැක්වූ කරූ ජයසූරිය මහතා, සිංහළ දෙමළ ජනතාව තුළ එකිනෙකා කෙරෙහි පවතින බිය හා සැකය දුරු කොට විශ්වාසය තහවුරු කිරීමේ වැඩසටහනක් දියත් කරන බව කීවේය.

තිස් අවුරුදු යුද්ධය, සිංහළ දෙමළ කෝළාහාල, අරගල ආදී විවිධ සමාජ ගැටුම් හේතුවෙන් මේ දක්වාම විවිධ ජන කොටස් අනෙක් ජන වර්ග පිළිබදව නිරන්තර සැකයෙන් පසුවන බව ද ඒ මහතා පැවසීය.

සිංහල බෞද්ධයන්, වෙනත් ජාතීන් මෙන්ම චීවරධාරීන් අතින් ද බුද්ධාගමට අපහාස කරන සිද්ධි මෑත කාලයේදී වාර්තා වූ බව කී සභාපතිවරයා, මෙරටට අමතරව විදේශීය බෞද්ධයන් ද බුදු දහමට සිදුවන නිගරු කිරීම් පිළිබඳව කම්පා වන බව කීවේය. එවැනි සිද්ධි වළක්වා ගැනීමට පසුගිය අවස්ථා කිහිපයකදී යෝජනා අණ පනත් ඉදිරිපත් වුවත් විවිධ හේතු නිසා සම්මත කර ගැනීමට හැකියාවක් නොලැබුණු බව ද ඒ මහතා කීවේය.

එම ව්‍යාපාරයේ මහ ලේකම් සුනිල් ජයසේකර මහතා ද මෙම අවස්ථාවට එක්වූහ.


ඡායාරූප

01. සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ නායක, හිටපු කථා නායක කරූ ජයසූරිය මහතා මල්වතු පාර්ශවයේ මහා නායක හිමියන් බැහැ දුටු අවස්ථාව

02. ඒ මහතා අස්ගිරි පාර්ශවයේ මහා නායක හිමියන් බැහැ දුටු අවස්ථාව

03. මල්වතු පාර්ශවයේ අනුනායක පූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම හිමියන් බැහැ දුටු අයුරු

04. අස්ගිරි පාර්ශවයේ අනුනායක පූජ්‍ය ආණමඩුවේ ධම්මදස්සි හිමියන් බැහැ දැක සාකච්ඡා කළ අවස්ථාව

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan