ලංකා විදුලිබල සේවකයින්ගේ නිවාඩු අවලංගුයි!

Date:

සටහන – රෂිකා හෙන්නායක

ජනවාරි 03 කොළඹ (LNW): විදුලිබල මණ්ඩලයේ වැඩබලන සාමාන්‍යාධිකාරවරයා විසින් චක්‍රලේඛයක් නිකුත් කරමින් ලංකා විදුලිබල සේවකයින්ගේ නිවාඩු අවලංගු කර ඇත.

විදුලිය සැපයීම අත්‍යාවශ්‍ය සේවාවක් බවට පත්කර ඇති මොහොතක ඒ බව අවධාරණයට ලක් කරමින් නිකුත් කර ඇති මෙම චක්‍රලේඛයෙන් දැක්වෙන්නේ ඊයේ (02) සිට නැවත දැනුම් දෙන තුරු සියලුම ලංවිම සේවකයින්ගේ නිවාඩු අවලංගු කර ඇති බවයි.

එසේවෙතත් අත්‍යාවශ්‍ය හදිසි අවස්ථාවලදී අදාළ ශාඛාවට / අංශයට අනුයුක්ත පළමුවන පන්තියේ හෝ ඊට ඉහළ විධායක නිලධාරියෙකුගේ අනුමැතිය මත පමණක් සේවකයින්ට නිවාඩු ලබාගත හැකි බවත් එම චක්‍රලේඛයේ සඳහන් වේ.

මෙසේ සේවක නිවාඩු අවලංගු කර ඇත්තේ විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ඉදිරිපත් කර ඇති පනත් කෙටුම්පතට එරෙහිව අද (03) සිට දින තුනක විරෝධතා ක්‍රියාමාර්ගයක් ලංකා විදුලි සේවක සංගමය විසින් සැලසුම් කර ඇති පසුබිමක් තුළ ය.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත👇👇

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලක්ෂ්මන් යාපාගේ අලස් නඩුවටත් නියෝගයක් ලැබෙයි!

කොළඹ LNW:හිටපු ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන සහ...

අපිව මෙහෙම ගෙන්වන එක අපිටත් හොදයි.3% දායක සභාවටත් හොඳයි – FCID ආපු මනූෂ කියපු කතාව

කොළඹ LNW:ඉතිහාසය විසින් ගොඩනගා තිබෙන හොරු, වංචාකාරන් පිළිබඳ ඇත්ත...

අධිකරණ සේවා කොමිසම රජය අපහසුතාවට පත්කිරීමේ කුමන්ත්‍රණයකද ??

අධිකරණ සේවා කොමිසම විසින් ලබාදී ඇති ස්ථාන මාරුවීම් සහ...

ඩයලොග් ඇරඹුමට කොළඹින් කණ්ඩායම් 40

නිශ්මං රණසිංහ අගෝස්තු 20, කොළඹ LNW: ශ්‍රි ලංකා වොලිබෝල් සම්මේලනය...