ගුටි හුවමාරුවකින් අවසන් වූ නඩු තීන්දුවක්!

0
251

සටහන – රෂිකා හෙන්නායක.

ජනවාරි 04 ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): නඩු තීන්දුවක් ගුටි හුවමාරුවකින් අවසන් වූ පුවතක් ඇමෙරිකාවේ නෙවාඩා ප්‍රාන්තයෙන් වාර්තා වේ.

ඒ, විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, ඇමෙරිකාවේ නෙවාඩා ප්‍රාන්තයේ උසාවියක පුද්ගලයෙකු නඩුවක තීන්දුවක් ලබාදෙන අවස්ථාවේදී විනිසුරුවරියට පහරදීමට උත්සහ කළ පුවතක් පිළිබඳවයි.

උසාවියේ CCTV දර්ශනවලට අනුව එම පුද්ගලයා උසාවියේදී විනිසුරුවරියට පහරදෙන ආකාරයද සටහන් වී ඇත.

විනිසුරු Mary Kay Holthus අසුනෙන් බිමට වැටී ඇති අතර තුවාල ලබා ඇති බව සඳහන්වේ.

Mary Kay Holthus

එමෙන්ම විනිසුරුවරියගේ සහයට පැමිණි උසාවි මාර්ෂල්වරයෙකුද තුවාල ලබා ප්‍රතිකාර සඳහා රෝහල් ගත කර තිබෙන බව විදෙස් මාධ්‍ය සහ BBC පුවත් සේවය වාර්තා කරයි.

බැටරි චෝදනාවක් සම්බන්ධයෙන්, Delone Redden නමැති මෙම විත්තිකරුට දඬුවම් නියම වී ඇති බව වැඩිදුරටත් වාර්තා වේ,

https://www.bbc.com/news/av/world-us-canada-67879499