වෙළෙඳ ඇමතිගේ පුරෝකථනය!

Date:

කොළඹ LNW:2024 වර්ෂය ධන ආර්ථික වර්ධන වේගයක් සහිතව ආරම්භ කිරීම නිසා මෙම වසරේ පළමු කාර්තුව අවසන් වන විට ජනතාවගේ ජීවන බර 75% කින් අඩුවන බව වෙළඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පවසයි.

පාරිභෝගික අධිකාරිය වෙනුවෙන් මෙම වසර තුළ නව වැඩපිළිවෙලක් සකස් කිරීමට බලාපොරොත්තු වන බවයි අමාත්‍යවරයා සඳහන් කරන්නේ.

එමඟින් පාරිභෝගික අයිතිවාසිකම් වඩාත් සුරක්ෂිත කිරීමට කටයුතු කරන බව හෙතෙම කියාසිටියි.

ඉන්දියාව ලූණූ අපනයනය නැවැත්වීම නිසා එහි පීඩනය මෙරටටද බලපා තිබෙන අතර ඉදිරි සති දෙක තුළ ඉන්දියාව සිය ලූණු අපනයන සීමා ලිහිල් කිරීමත් සමග එම ගැටලුව විසදෙනු ඇති බවත් අමාත්‍යවරයා පවසයි.

අමාත්‍යවරයා මෙම අදහස් දක්වා සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ යන මැයෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පවත්වන මාධ්‍ය හමුවේදීය.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වැරැද්දක් කරලා තියෙනවා නම් දඬුවම් දෙන්න – අපි තමයි දුෂණයට,වංචාවට එරෙහිව නීති ගෙනාවේත්!

කොළඹ LNW:දුෂණයට,වංචාවට විරුද්ධ පක්ෂයක් ලෙස ඒවාට එරෙහිව නීති ගෙන...

ලෝක ජනමතයට හිස නමා පලස්තීනයට ජීවත් වීමට ඉඩ දෙනු – යතුරු පැදි පෙළපාලියක්! (PHOTO STORY)

කොළඹ LNW:පලස්තීනයට සහය දක්වමින් අද (23) සමාජවාදී තරුණ සංගමය...

අල්ලස් කොමිසම හමුවට ආ ඇවන්ගාඩ් සභාපති!

රෂිකා හෙන්නායක ජූනි 23, කොළඹ LNW : අල්ලස් කොමිසම...

කළුතර මහනගර සභාවේ නව නගරාධිපතිධූරය NPP එස් එච් ධනුජට!

රෂිකා හෙන්නායක ජූනි 23, කොළඹ LNW : කළුතර මහනගර සභාවේ...