ඉන්දියාවේ රෝහිත්, ශ්‍රී ලංකාවේ ක්‍රිකට් අවසාන තරග බලාපොරොත්තුවට වැට බඳියි

Date:

සටහන – නිශ්මං රණසිංහ

ජනවාරි 05 කොළඹ (LNW): ඉන්දීය නීතිඥ රෝහිත් රාජ් පාල් ශ්‍රී ලංකාවේ පැවති අටවන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසාන තරගයට පිවිසීමට ශ්‍රී ලංකාවට තිබුණු ඉඩ කඩ වසා දමන්නට ක්‍රියා කරමින් එන්සීසී ක්‍රීඩාංගණයේදී සුවිශේෂී තුන් ඉරියව් දස්කමක් ප්‍රදර්ශනය කරන්නට සමත් විය.පන්දු යැවවීමේදී පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකාවට එරෙහිව සිය පන්දු වාර 7 නිමා කරමින් ලකුණු 14 ට කඩුලු දෙකක් දවා ගත් රෝහිත්,ඉන්දියාවෙන් ඈත් වෙමින් තිබූ ජයග්‍රහණය නැවත ඉන්දියාව දෙසට හරවමින් වෘත්තීය මට්ටමේ පිතිකරුවෙකු සතු විය යුතු සියලු ගුණාංග රැඳුණු සුපිරි ඉණිමක් දියත් කරමින් පන්දු 66 න් ලකුණු 69 ක් නොදැවී ලබා ඉන්දීය කණ්ඩායමට කඩුලු 3 ක ජයක් අත් කර දෙන්නට පෙරමුණ ගත්තේය.


ශ්‍රී ලංකාව පළමුව පන්දුවට පහර දෙමින් රැස් කළ ලකුණු 192 ට පවිත්‍ර බෝලපගේ ලකුණු 50 න් දායක විය.නමුත් එහි යම් මන්දගාමී ස්වභාවයක් තිබුණ අතර විනාඩි 90 ක කාලයක් වැය වූ එම ඉණිම සඳහා පන්දු 85 ක් වැය කර තිබිණ.තරගයේ අවසාන භාගයේ වෙඩි වරුෂාවක් බඳු ඉණිමක් දියත් කළ යොහාන් ජිනසේන පන්දු 14 න් ලකුණු 33 ක් ලබා ගත්තේ හවේ පහර 2 ක් සහ හතරේ පහර 3 ක් සමඟින්ය.ශ්‍රී ලංකා පිතිකරුවෝ වෙනත් තරගවලට වඩා පහසුවෙන් මෙම තරගයේදී හයේ පහර සඳහා පිවිසීම කැපී පෙණුන අතර තරගයේදී කඩුලු 8 ක් දැවී ලකුණු 192 ක් ලබා ගනිද්දී ශ්‍රී ලංකා පිතිකරුවන් වෙතින් හයේ පහර 8 ක් එල්ල වි තිබිණ.බෝලපගේ ඉණිම නොමැතිව ලකුණු 192 ක එකතුවකට යාම අපහසු එකකි.එහෙත් ඔහු ඒ සඳහා වැය කළ පන්දු ප්‍රමාණය තව අඩු විණිනම් පසුපෙළට හෝ ඔහුටම වුව තව ලකුණු 20 ක් පමණ එකතු කර දීමට හැකියාව තිබිණ.එසේ වුවේනම් තරගයේ අවසාන ප්‍රතිපලය මීට වඩා වෙනස් වන්නට තිබිණි.


ශ්‍රී ලංකාවට ලබා ගත් ලකුණු ප්‍රමාණය මදි වීමට බල පෑ එක හේතුවක් වූයේ ඉන්දීය පිතිකරුවන්ගේ ශාරිරික යෝග්‍යතාවය විය.කඩුලු අතර දිවීමේදී ඔවුන් දැක් වූ යුහුසුළුභාවය ශ්‍රී ලංකා නීතිඥවරුන්ගේ ශාරිරීක යෝග්‍යතා මට්ටමට වඩා බොහෝ ඉදිරියෙන් තිබිණි.කණ්ඩායම් දෙකේ වෙනස මෙන්ම ජයග්‍රහණයේ සහ පරාජයේ පරතරය ලෙස ද එම තත්ත්වය හැඳින්විමේ වරදක් නැත.එසේම අන් තරගවලට වඩා හයේ පහර එල්ල කළ අයුරෙන්ම ශ්‍රී ලංකා පන්දු යැවීමට මෙම තරගයේදී පන්දු යැවීමේ ඉලක්කය වැරදී තිබිණි.නිවැරදි ඉලක්කයට පන්දු යැවීම වෙනුවට වයිඩ් පන්දු 11 ක් සමඟ 32 වන පන්දු ඕවරයේ අවසාන පන්දුවට තරගය නිමා වන විට අමතර පන්දු 11 ක් සමඟ ලකුණු සහ පන්දු ද ඉන්දීය කණ්ඩායමට ලබා දී තිබිණි.එය ද අතිරේක ලකුණු මෙන්ම තවත් ලකුණු එකතු කරගන්නට ඉන්දීය කණ්ඩායමට දුන් ආශිර්වාදයක් ලෙස බලපෑම් ඇති කළේය.


අද අවසාන තරගය ලෙස ඉන්දියාව සහ පකිස්තානය ගැටෙන අතර පහතින් දැක්වෙන්නේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවති අවසාන පූර්ව තරගයේ ලකුණු සටහනට පිවිසීමට හැකි සබඳතාවයයි.
https://www.slcscorers.com/series.php
ඡායාරූපයේ දැක්වෙන්නේ රෝහිත් රාජ පාල් ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජාතික රෝහලට ඇතුළත් කෙරුණු හිටපු ජනාධිපති රනිල් දැඩි සත්කාර ඒකකයට !

කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණු හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ...

සියල්ලටම ප්‍රධාන වන්නේ ඔබගේ සිතුවිල්ලයි:සම්මානනීය චිත්‍රපට අධ්‍යක්ෂක සංජීව පුෂ්පකුමාර

ඔබට අවශ්‍යයවන්නේ මිනිසෙකුට අකමැතිවීමට පළමුව ඒ සදහා අවශ්‍යවන සිතුවිල්ලයි....

හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ට නොතීසි!

රෂිකා හෙන්නායක අගෝස්තු 23 කොළඹ LNW: හිටපු මහ බැංකු අධිපති...

රනිල් බන්ධනාගාර රෝහලෙන් කොළඹ ජාතික රෝහලට මාරුකරයි !

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා...