උගන්ඩාව සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා වැඩි දියුණු කිරීමට අවධානය!

Date:

සටහන – රෂිකා හෙන්නායක

ජනවාරි 06 කොළඹ (LNW):27 වැනි පොදුරාජ්‍ය මණ්ඩලීය කථානායකවරුන්ගේ (CSPOC) සමුළුවට සහභාගී වීම සඳහා උගන්ඩාවේ නිල සංචාරයක නිරතව සිටින කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා උගන්ඩා ජනාධිපති යුවේරි කගුටා මුසවේනි මහතා, අග්‍රාමාත්‍ය රොබිනා නබන්ජා මහත්මිය සහ පාර්ලිමේන්තුවේ කථානායක අනීටා අමන්ග් මහත්මිය හමුවී ඇත.

එහිදී, කතානායකවරයා සහ උගන්ඩා විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය ඔරියම් හෙන්රි ඔකෙලෝ මහතා අතර ද හමුවක් පැවැත්වී ඇති අතර, ඔවුන් අතර සාකච්ඡාවලදී ශ්‍රී ලංකාව සහ උගන්ඩාව අතර ද්විපාර්ශ්වික සබඳතා වැඩි දියුණු කර ගැනීම පිළිබඳව අවධානය යොමුවී ඇති බව වාර්තා වේ.

මෙහිදී වැඩිදුරටත් සාකච්ඡා වී ඇත්තේ, දෙරට අතර සබඳතා ශක්තිමත් කිරීම සඳහා සහයෝගීතාව සහ අවබෝධය වැඩි කිරීම මෙන්ම අන්‍යෝන්‍ය උනන්දුවක් ඇති ප්‍රධාන ක්ෂේත්‍ර පිළිබඳවයි.

2024 ජනවාරි 3 වැනිදා සිට 6 වැනිදා දක්වා උගන්ඩාවේ කම්පාලා නගරයේ පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලීය කථානායකවරුන්ගේ (CSPOC) 27 වැනි සමුළුවට සහභාගි වීම සඳහා කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ප්‍රමුඛ ශ්‍රී ලංකා දූත පිරිස ජනවාරි 3 වැනිදා උගන්ඩාවට පැමිණියහ.

මෙම සමුළුව සදහා පොදුරාජ්‍ය මණ්ඩලයට අයත් රටවල ව්‍යවස්ථාදායකයන්හි කථානායකවරුන් සහභාගි වීම සිදුවන අතර, 1969 වසරේදී එවකට කැනඩාවේ පාර්ලිමේන්තුවේ කථානායක ලූෂන් ලැමුරෙක්ස් මහතාගේ මූලිකත්වයෙන් මෙය ආරම්භවී ඇත.

මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම්, පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණධීර සහ උගන්ඩාවේ ශ්‍රී ලංකා තානාපති වේලුපිල්ලේ කනනාතන් යන මහත්ම මහත්මීහූ ද එක්ව සිටියහ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත👇👇

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මනූෂගේ මගම යමින් අවබෝධතා ගිවිසුමකින් E-8 වීසා යළි කරළියට

දකුණු කොරියාවේ සෘතුමය රැකියා E-8 වීසා යටතේ නැවතත් සක්‍රිය...

ලොකුගේ නික්ම යයි

නිශ්මං රණසිංහ ජූලි 01, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ සිටිය ක්‍රීඩා...

ලෝක ආර්ථික සමුළුවේදී මම කරපු කතාව විකෘති කරලා – ඇමති හඳුන්

සටහන - රුවන් නෙළුගොල්ල ලෝක ආර්ථික සමුළුවේදී තමන් කළ කතාව...

කාන්තා පාපන්දු පරාජයන් හී ඇත්තේ දොස්වලට වඩා හිස්

නිශ්මං රණසිංහ ජූලි 01, කොළඹ LNW: ශ්‍රී ලංකාව ආසියානු කුසලාන...