ඇමතිවරු දෙන්නෙක් අයින් කරලා ප්‍රශ්න විසඳන්න බැහැ. ආණ්ඩුවම ගෙදර යන්න – JC (VIDEO)

Date:

ඇමතිවරු දෙදෙනෙක් ඉවත් කර රට මුහුණ දී සිටින ප්‍රශ්න විසඳිය නොහැකි අතර එය කිරීමට නම් ආණ්ඩුවම ගෙදර යා යුතු බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.සී. අලවතුවල මහතා පැවසුවේය.

අද පෝලිම්වල සිටින ජනතාවගේ ඉල්ලීම වී ඇත්තේ එය බව මන්ත්‍රීවරයා සඳහන් කළේය.

මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ අද (04) කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල ඉවත් කළේ රටේ ප්‍රශ්න විසඳීමට නොව ආණ්ඩුව අභ්‍යන්තරයේ පවතින ප්‍රශ්න විසඳා ගැනීමට බවයි මන්ත්‍රීවරයා කියා සිටියේ.

මේ වන විට ආණ්ඩුව සිය නොහැකියාව පෙන්වා හමාර අතර පැය හතක් විදුලිය කැපීමට තීරණය ගත් ඇමති දැන් රටේ බලශක්තිය භාර ගෙන ඇති බවත් විදුලි බලය භාරගත් ඇමතිනියත් කොරෝනා කාලේ කළ දේවල් මතක ඇති බවත් අලවතුවල මහතා සඳහන් කරන ලදී.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

‘ඓතිහාසික’ ජයග්‍රහණයෙන් පසු බදු කප්පාදු ඉටු කිරීමට ජපානයේ Takaichi ප්‍රතිඥා දෙයි..

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): 2026 වසරේ පැවති...

මහනුවර පෙරමුණ රැක ගනියි

නිශ්මං රණසිංහ පෙබරවාරි 09, කොළඹ LNW: මැලිබන් ජාතික රග්බි ලීග්...

බලංගොඩ කස්සප හිමි ඇතුළු පිරිසට අදත් ඇප නෑ!

කොළඹ LNW: ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් අත්ඩංගුවට ගත්, පූජ්‍ය...

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු DIG තිලකරත්න අත්අඩංගුවට !

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරව හිටපු නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්. තිලකරත්න...