ක්ෂුද්‍ර මූල්‍ය ආයතන නියාමනයක්!

Date:

සටහන – රෂිකා හෙන්නායක

ජනවාරි 08 කොළඹ (LNW): හෙට (09) දින ක්ෂුද්‍ර මූල්‍ය සහ ණය නියාමන අධිකාරී පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි.

රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ, ඒ අනුව ආයතනවල සේවාවන් විධිමත් කරමින් ගණුදෙනුකරුවන් ආරක්ෂා කර ගැනීම අරමුණ බවයි.

ග්‍රාමීය මට්ටමේ ජනතාව ඉලක්ක කර ගනිමින් සේවය සපයන ක්ෂුද්‍ර මූල්‍ය ආයතන මගින් සිදුවන සේවාවන් ඔවුන්ගේ අභිමතය පරිදි පවත්වාගෙන යාම වෙනුවට රාජ්‍ය මැදිහත්වීම සහිත අධිකාරියක නියාමනය යටතේ සිදු කිරීමට අදාළ ආයතනවලට ද එය පහසුවක් බව සඳහන් වේ.

තවද , දෛනිකව මුදල් එකතු කිරීමේ ක්‍රමවේදය යටතේ ක්‍රියාත්මක ඇතැම් ක්ෂුද්‍ර මූල්‍ය ආයතන සියයට 300 ඉක්මවා ගිය වාර්ෂික පොලී අනුපාත අයකරනු ලැබූ අවස්ථා පිළිබඳ ව ද මීට පෙර වාර්තා විය.

රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ, සිය දිවි නසා ගැනීම්, පවුල් ආරවුල් වැනි තත්ත්වයන් පවතින අතර ඒ අනුව ක්ෂුද්‍ර මූල්‍ය සමාගම්වල අවශ්‍යතාව සහ දැනට ක්‍රියාත්මක කරමින් සිටින සේවාවන් පිළිබඳ සලකා බලමින් ඒවායේ සේවාව මෙම කෙටුම්පත මගින් විධිමත් කෙරෙනු ඇති බවයි.

මෙම පනත සම්මත වූ පසු දැනට ක්‍රියාත්මක 2016 අංක 6 දරණ ක්ෂුද්‍ර මූල්‍ය පනත අහෝසි වනු ඇති බවද සඳහන් වේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත👇👇

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කුරානය මත අත තබා නිව්යෝක් ඉතිහාසයේ ප්‍රථම මුස්ලිම් නගරාධිපතිවරයා දිවුරුම් දේ

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි මස 01: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: 2026...

ස්විට්සර්ලන්තයේ අලුත් අවුරුදු උදාවත් සමඟ ඇති වූ ගින්නක් හේතුවෙන් විශාල පිරිසක් ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි මස 01: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: 2026...

ඓතිහාසික දළදා සමිඳුන් වැඳ උදා වූ නව වසරට ආශීර්වාද ලබා ගත් ජනපති අනුර!

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (01) පෙරවරුවේ ඓතිහාසික...

පාසල් දරුවන්ට නොමිලයේ පාවහන් ගන්න අවස්ථාවක්!

කොළඹ LNW:දැනට පාසල් ළමුන් 250 ට අඩු පාසල් සඳහා...