මා හපා කන්නේ නෑ, හම්බවෙලා සාකච්ඡා කරමු – සෙලෙන්ස්කි පුටින්ගෙන් ඉල්ලයි

Date:

සතියකට වැඩි කාලයක් තිස්සේ ඇදී යමින් තිබෙන යුදමය තත්වය අවසන් කළ හැක්කේ සාකච්ඡා මාර්ගයෙන් පමණක් බව යුක්රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි යළිත් අවධාරණය කරනවා. ඒ සඳහා තමා හා රුසියානු නායක ව්ලැදිමීර් පුටින් මුහුණට මුහුණ හමුවිය යුතු බවද සෙලෙන්ස්කි පවසයි.

සාකච්ඡා මාර්ගයෙන් අර්බුදය විසඳා ගැනීම සඳහා අවස්ථා කිහිපයකදී ඉල්ලීම් සිදුකළ නමුත් මෙතෙක් රුසියානු නායකයා ඊට සූදානම් නොමැති බවත්, සාකච්ඡා සඳහා පුටින්ගෙන් මේ දක්වා කිසිදු ප්‍රතිචාරයක් දක්වා නොමැති බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.

‘පුටින්ට මා කියන්න කැමතියි, මා හමුවෙන්න බයවෙන්න එපා. මා හපා කන්නේ නෑ.’ යනුවෙන් යුක්රේන ජනාධිපතිවරයා මාධ්‍ය හමුවේ සඳහන් කර තිබෙනවා.

රුසියාව විසින් යුක්රේනය ආක්‍රමණය කිරීම හමුවේ රුසියාවටද ආර්ථිකයම වශයෙන් දැඩි හානි සිදුව ඇති අතර මේ වනවිට රුසියානු රූබලය දැවැන්ත ලෙස කඩාවැටී තිබෙනවා. කෙසේ නමුත් රුසියානු නායකයා තවමත් අඩියක් පසුපසට තැබීමට සූදානම් නෙමැත. ‍

මේ අතර, යුක්රේන හමුදාව සිය වැසියන් මිනිස් පළිහක් ලෙස යොදා ගනිමින් සිටින බවට රුසියානු ජනාධිපතිවරයා යුක්රේනයට චෝදනා කරනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගැසූ ගල් අත්තිවාරමට ගෙන බවුමා හැඳූ විජයග්‍රහණයේ මාළිගය

නිශ්මං රණසිංහ ජුනි 15, කොළඹ LNW: දකුණු අප්‍රිකාව කාලයක ඉදලා...

Sarkozy ට අහිමි වුණු “Legion of Honour”සම්මානය!

රෂිකා හෙන්නායක ජූනි 15, කොළඹ LNW : ප්‍රංශයේ සාකෝසිට ජාතියේ...

කෘත්‍රීම බුද්ධිය භාවිතය පිළිබඳව විශේෂ වැඩමුළුවක්

රෂිකා හෙන්නායක ජූනි 15, කොළඹ LNW : අද (15)දින අරලියගහ...

ඉරාන ඊශ්‍රායල් නොනිවෙන ගිනිදැල්!

රෂිකා හෙන්නායක ජූනි 15, කොළඹ LNW : ඊශ්‍රායලය විසින් තෙල්...