වැට් බද්ද වැඩි කර ඇත්තේ කිසිම සමීක්ෂණයකින් තොරවයි – විපක්ෂ නායක සජිත් (VIDEO)

වත්මන් ජනාධිපතිවරයා ප්‍රමුඛ වත්මන් රජය වැට් බදු සියයට 18 දක්වා වැඩි කර ඇත්තේ එම වැඩි කිරීම තුළ සිදුවන මූල්‍ය බලපෑම ගැන ක්ෂේත්‍රය තුළ විධිමත්, විද්‍යාත්මක සමික්ෂණයකින් තොරව බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ (10) පාර්ලිමේන්තුවේදී පැවසීය.

වැට් බදු ඉහළ දැමීම නිසා ග්‍රාමීය, නාගරික සහ වතු ප්‍රජාවට සිදුවන බලපෑම ගැන රජය මේ අවස්ථාවේ සමික්ෂණයක් සිදු කිරීම ගැන තමන් පුදුමයට පත්වන බවත් ප්‍රබුද්ධ ප්‍රශස්ත මූල්‍ය කළමනාකරණය තුළ බදු ගැසීමට පෙර හෝ බදු ඉවත් කිරීමට පෙර මූල්‍ය බලපෑම් ඇගයීමක් සිදු කළ යුතු වුවත් රජය එවැන්නක් මෙහි දී සිදු කර නොමැති බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

වැට් වැඩි කර එවැනි සමීක්ෂණයක් සිදු කිරීම බරපතල ගැටලුවක් බවත් පැවසු විපක්ෂ නායකවරයා කියා සිටියේ මේ නිසා සීනි, පරිප්පු, මිරිස්, කීරි සම්බා, සම්බා ආදී භාණ්ඩවල මිල ගණන් වැඩි වී ඇති ආකාරය වෙළෙඳපොළට ගොස් සොයා බලන ලෙසයි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

‘අපි නැවත Grey List එකට ඇතුළත් නොවේ’: මහ බැංකු අධිපතිගෙන් දැඩි සහතිකයක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 13, කොළඹ LNW : ශ්‍රී ලංකාව මූල්‍ය...

බැසිල්ට එරෙහිව Interpol රතු නිවේදන ලබා ගැනීමට ශ්‍රී ලංකාවෙන් පියවර!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 13, කොළඹ LNW : රාජ්‍ය අරමුදල් අනිසි...

ශිරන්ති රාජපක්ෂ වෙනුවෙන් වෛද්‍ය මණ්ඩලයක්!

කොළඹ LNW:සිරිලිය සවිය ගිණුම සම්බන්ධයෙන් වන විමර්ශනයක් මත අත්අඩංගුවට...

අධිකරණයට අපහාස කිරීමක් සම්බන්ධයෙන් කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු පිරිසකට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්!

කොළඹ LNW:ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක් ක්‍රියාත්මක කිරීම පැහැර හැරීම තුළින් අධිකරණයට...