“මම ඔස්ටින්” කෘතිය ජනපති රනිල්ට පිළිගන්වයි

හිටපු ජනාධිපති ලේකම්වරයෙකු වූ ඔස්ටින් ප්‍රනාන්දු මහතා විසින් රචිත “මම ඔස්ටින්” කෘතිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත පිළිගැන්වීම පෙරේදා (09) ජනාධිපති කාර්යාලයේදී සිදු විය.

ස්වයං ලිඛිත චරිතාපදානයක් වන මෙම කෘතිය මඟින් රාජ්‍ය සේවයේ හා දේශපාලන ක්‍රියාකාරීත්වයේ කදිම විවරණයක් සිදු කර ඇත.

සමකාලීන ශ්‍රී ලාංකේය ඉතිහාසයේ සංකීර්ණ භූමිකාවක නිරත වූ ඔස්ටින් ප්‍රනාන්දු මහතා සටන් විරාම ගිවිසුම ක්‍රියාත්මක වූ 2001-2003 සමයේ ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ධුරය හා 2017-2018 සමයේ ජනාධිපති ලේකම් ධුරය දරමින් රාජ්‍ය සේවයේ නියැළුණේය.

රාජ්‍ය සේවයේ ඉහළ වගකීම් රැසක් දරා ඇති ඔහු, පෞද්ගලික හා අන්තර්ජාතික ආයතනික කාර්යභාරවල නියැළීම හේතුවෙන් ශ්‍රී ලංකා දේශපාලන ඉතිහාසයේ ඇතැම් මතභේදාත්මක සිදුවීම්වල ජීවමාන සාක්ෂිකරුවකු බවටද පත්ව තිබේ.

ලාංකේය දේශපාලන හා පරිපාලන ක්ෂේත්‍රය පිළිබඳව ජනමාධ්‍යයෙහි හෝ අන් තැනක ලේඛනගත නොවූ සත්‍යය වටහා ගැනීමට මේ කෘතිය අවස්ථාවන් විවර කර දෙයි.

ඒ තුළින් පාඨකයාට රාජ්‍ය තන්ත්‍රය හා රාජ්‍ය තාන්ත්‍රිකයන් පිළිබඳ මෙන්ම දේශපාලනය සහ සමාජය තුළ ගැබ්වී ඇති මිනිස් ස්වභාවයේ විශිෂ්ටත්වයද, දුර්වලත්වයද, සංකීර්ණත්වයද දැකිය හැකිය.

“මම ඔස්ටින්” කෘතිය ස්වයං චරිතාපදානයක් මෙන්ම කාලෝචිත සමාජ කතිකාවතකි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බැසිල්ට එරෙහිව Interpol රතු නිවේදන ලබා ගැනීමට ශ්‍රී ලංකාවෙන් පියවර!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 13, කොළඹ LNW : රාජ්‍ය අරමුදල් අනිසි...

ශිරන්ති රාජපක්ෂ වෙනුවෙන් වෛද්‍ය මණ්ඩලයක්!

කොළඹ LNW:සිරිලිය සවිය ගිණුම සම්බන්ධයෙන් වන විමර්ශනයක් මත අත්අඩංගුවට...

අධිකරණයට අපහාස කිරීමක් සම්බන්ධයෙන් කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු පිරිසකට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්!

කොළඹ LNW:ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක් ක්‍රියාත්මක කිරීම පැහැර හැරීම තුළින් අධිකරණයට...

ඥානසාර හිමි මගේ යාළුවෙක්. උන්වහන්සේ අවංක මනුස්සයෙක්. සිවුරට දඬුවම් දෙනවාට මම කැමති නෑ – ඇමති ලාල්

ගලගොඩඅත්තේ ඥානසාර හිමි තමන්ගේ මිතුරෙකු බවත් උන්වහන්සේ අවංක පුද්ගලයකු...