වැට් එක ගහල ප්ලැට් වෙලා ඉන්න රටේ ඇමතිවරු සුපුරුදු සෙල්ලමේ – විපක්ෂ නායක

Date:

කොළඹ LNW:රජයේ සංඛ්‍යා ලේඛන අනුව රටේ පවතින ආර්ථික බංකොලොත්භාවය නිසා ඉතා ශෝචනීය තත්ත්වයක් ගොඩනැගී ඇති බව පෙනෙන්නට ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (11) පාර්ලිමේන්තුවේදී පැවසුවේය.

විපක්ෂ නායකයා මේ බව කියා සිටියේ ජීවන වියදම ඉහළ යාම සහ මන්දපෝෂණ තත්ත්වය වළක්වා ගැනීම සඳහා වන විවාදයට එක්වෙමිනි.

රජයේ සංඛ්‍යාලේඛන අනුව රටේ ගෘහයන්ගෙන් 60%ක ආදායම අඩු වී 91%කගේ වියදම් වැඩි වී ඇති බවත් ආර්ථික බංකොලොත්භාවය නිසා 22%ක් ගෘහයන් ණය බරතාවයෙන් පෙළෙන බවත් අනාවරණය වී ඇති බවයි ඔහු පැවසුවේ.

පාසල් යන වයස අවුරුදු 3 සිට 21 දක්වා සිසු පරපුරෙන් 54.9%ක් ආර්ථික බංකොලොත්භාවය තුළ දැවැන්ත හානියකට ලක්වන විට ජනගහනයෙන් 7%ක් සුපුරුදු පරිදි සිය සෞඛ්‍ය සේවා වෙනස් කර තිබෙන බවද ඔහු පෙන්වාදුන්නේය.

මේ තත්ත්වයෙන් රට බංකොලොත් කළ කණ්ඩායමට නිවැරදි ආකාරයෙන් රට නැවත ගොඩ ගත හැකිද නැද්ද කියා පසුගිය දිනක මුහුද මැද මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් වරාය අධිකාරියේ යාත්‍රා උපයෝගී කර ගෙන දැමූ සාදය තුළින් පෙනී යන බව ද මෙහිදී ප්‍රේමදාස මහතා කියාසිටියේය.

රටේ ජනතාව හාමතේ ඉන්න විට ජනතාගේ බදු මුදල් උපයෝගී කර ගෙන මුහුද මැද මත්පැන් සාද දමන නින්දිත රාජ්‍ය පාලනයක් රට තුළ තිබෙන බව පෙන්වා දී ඇති බවද විපක්ෂ නායකයා ප්‍රකාශ කරන ලදී.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවා හියුමන් ඉමියුනෝග්ලොබියුලින් වංචාව ඇතුළු මේ රටේ බෙහෙත්වලින් හොරා කෑ දේශපාලනඥයන් සහ නිලධාරීන් පිළිබඳ විභාගයක් කර ගෙන ගියද එම හොරකමට සම්බන්ධ හිටපු සෞඛ්‍ය ඇමතිවරයා සහ ඒ කණ්ඩායම රකින්න පාර්ලිමේන්තුවේ 113 දෙනකු අත ඉස්සු බවත් මෙම 113 දෙනාම දේශද්‍රෝහී ජනතා ද්‍රෝහී රාජද්‍රෝහී පුද්ගලයන් බවත් ඔවුන්ද හොරකම වෙනුවෙන් පෙනී සිටි බවත් විපක්ෂ නායකවරයා අවධාරණය කළේය.

2020 ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව IMF ලබා දුන් ඩොලර් මිලියන 100 ප්‍රතික්ෂේප කරන විට බන්දුල ගුණවර්ධන කටපියන් සිටියත් දැන් IMF එක කියන විදිහට යන්න කියන්නේ වස්ත්‍රයක් ඇදගෙන ද කියා අහන බවත් වත්මන් ආණ්ඩුව IMF එක පෙරටු කර ගෙන ජනතාවට කළ හැකි නින්දිත දේවල් කරන බවත් විපක්ෂ නායකවරයා මෙහි දී වැඩිදුරටත් සඳහන් කළේය.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Human Immunoglobulin ඖෂධය ගැන යළි කතා බහක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 23, කොළඹ LNW: මේ වන විට මතුව...

ඇමරිකානු ආරක්ෂක ලේකම් එක්සත් ජනපද ආරක්ෂක බුද්ධි ඒජන්සියේ (DIA) ප්‍රධානියා ධුරයෙන් නෙරපයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 23:ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු ආරක්ෂක ලේකම් පීට්...

සජිත් සමග එකතු නොවීමේ වන්දිය ගෙවන රනිල්!

අගෝස්තු 23, කොළඹ (LNW): ශ්‍රී ලංකාවේ දේශපාලනය බොහෝ කලක...

නිව්යෝර්ක් අධිවේගී මාර්ගයේ සංචාරක බස් රථයක් අනතුරට ලක්වීමෙන් පස් දෙනෙකු මරුට

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 23: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): බටහිර නිව්යෝර්ක් බෆලෝ...