තුන්වෙනි දිනටත් සෞඛ්‍ය සේවකයින් වැඩ වර්ජනයේ – රෝගීන්ගේ සහයට හමුදාව එක්වෙයි!(PHOTOS)

Date:

කොළඹ LNW: සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වෘත්තීය සමිති 10ක පිරිස් ආරම්භ කර තිබෙන වැඩ වර්ජනය අද (11) තුන්වෙනි දිනටත් ක්‍රියාත්මකයි.

මෙම වැඩවර්ජනය හේතුවෙන් රෝගීන් මහත් අසීරුතාවට පත්ව සිටින බව පෙනෙන්නට ඇති අතර රෝගීන්ගේ සහයට මේ වන විට යුද හමුදා සහය ලැබී තිබේ.

වෛද්‍යවරුන්ට ලබා දෙන දීමනාවට සාපේක්ෂව තමන්ට ලබා දෙන දීමනා රුපියල් 35,000 කින් වැඩි කරන ලෙසයි ඔවුන් ඉල්ලා සිටින්නේ.

ඒ අනුව ශ්‍රී ලංකා මහජන සෞඛය පරීක්ෂකවරුන්ගේ සංගමය, අක්ෂි තාක්ෂණවේදීන්ගේ සංගමය, රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය, රජයේ පවුල් සෞඛ්‍ය සේවා සංගමය, ඖෂධ සංයෝජක නිලධාරීන්ගේ සංගමය ඇතුළු සෞඛ්‍ය වෘත්තීය සමිති මෙම වැඩවර්ජනයට සම්බන්ධ වී සිටියි.

කෙසේ වෙතත් ළමා රෝහල,මහරගම අපේක්ෂා රෝහල,මාතෘ රෝහල්වල,වකුගඩු රෝහල් සහ මධ්‍යම ලේ බැංකුව මෙන්ම මානසික සෞඛ්‍ය විද්‍යාතනයේ ද මෙම වර්ජනය ක්‍රියාත්මක නොවේ.

වෛද්‍යවරුන්ගේ රාජකාරී බාධා, පැමිණ සිටීමේ හා ප්‍රවාහන දීමනාව (Disturbance, Availability and Transport allowance – DAT) රු.35,000 සිට රු. 70,000ක් දක්වා වැඩිකිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබුණු අතර ඒ අනුව සෙසු සෞඛ්‍ය වෘත්තිකයින් ද සිය දීමනා වැඩිවිය යුතු බවටයි අවධාරණය කරන්නේ.

කෙසේ වෙතත් ළමා රෝහල,මහරගම අපේක්ෂා රෝහල,මාතෘ රෝහල්වල,වකුගඩු රෝහල් සහ මධ්‍යම ලේ බැංකුව මෙන්ම මානසික සෞඛ්‍ය විද්‍යාතනයේ ද මෙම වර්ජනය ක්‍රියාත්මක නොවේ.

ජායාරූප – අජිත් සෙනෙවිරත්න

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රට භීතියට පත් කරන කාටෙල් සාමාජිකයන්ට එරෙහිව දැඩි පියවර ගන්නා ලෙස ඉල්ලමින් ජනතාව මෙක්සිකානු රජයට එරෙහිව විදී බසියි

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 16: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ජනාධිපති ක්ලෝඩියා...

එක්සත් රාජධානිය සරණාගතයින් වෙනුවෙන් ගත් දැඩි තීරණය!

රෂිකා හෙන්නායක නොවැම්බර් 16, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් රාජධානිය විසින්...

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයකට ?

රෂිකා හෙන්නායක නොවැම්බර් 16, කොළඹ LNW : හෙට (17) දිනයේදී...

“සෙවණැලි 63 ක් ඔබ පසුපස එනු ඇත”මැසිඩෝනියාවේ විරෝධතාකරුවන් දහස් යුක්තිය ඉල්ලා වීදි බසී!

රෂිකා හෙන්නායක නොවැම්බර් 16, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): පසුගිය මාර්තු...