විරේන් අද එස්තෝනියාවේ සටනට

0
78

සටහන – නිශ්මං රණසිංහ

ජනවාරි 11 කොළඹ (LNW): මේ වන විට ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියෙන්ම සිටින ශ්‍රී ලාංකේය ක්‍රීඩකයා වන විරේන් නෙත්තසිංහ,අද ඇරඹෙන යොනෙක්ස් එස්තෝනියා 2024 ජාත්‍යන්තර බැඩ්මින්ටන් තරගාවලිය නියෝජනය කරනවා.

තරගාවලිය නියෝජනය කරන ක්‍රීඩකයන් අතර තරගාවලියේ අංක හතරට ශ්‍රේණිගතව සිටින විරේන්,පළමු වටයේ තරග සඳහා මුහුණ දීමට නියමිතව ඇත්තේ හෙටය.(ජනවාරි 12) විරේන්ට ප්‍රතිවාදියා ලෙස හමුවීමට නියමිතව ඇත්තේ සුදුසුකම් ලැබීමේ වටයෙන් ප්‍රධාන තරගාවලියට ඇතුළත්වන අට දෙනාගෙන් පළමු වැන්නාය.

විරේන්ට පළමු තරගය ජය ගැනීමට හැකි වුවහොත් ඊ ළඟට මුහුණ දෙන්නට වන්නේ සුදුසුකම් ලැබීමේ වටයේ හයවැන්නා සහ අටවැන්නා අතර තරගයේ ජයග්‍රාහකයාට බැවින්, එසේ වුවහොත් විරේන්ට අවසන් අට දෙනා අතර සිටින්නට සෑහෙන ඉඩක් ඇත.