පේරු හි හිටපු ජනාධිපති කැස්ටිලෝට වසර 34 ක සිර දඬුවමක් ඉල්ලයි

Date:

සටහන : සශිකලා මධුෂාණි, ජනවාරි 13,


ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): 2012 දී තේරී පත් වූ ග්‍රාමීය පේරු හි හිටපු ගුරුවරයෙකු වූ කැස්ටිලෝ, ප්‍රභූන් සමඟ කිසිදු බැඳීමක් නොමැති ඇන්ඩියන් ජාතියේ පළමු නායකයා වූ අතර රටේ පළමු දුප්පත් ජනාධිපතිවරයා ලෙස ප්‍රශංසා ලැබීය.

කැරලිකාර අපරාධ, සිය දේශපාලන අධිකාරිය අනිසි ලෙස භාවිතා කිරීම සහ මහජන සාමයට බරපතල බාධා කිරීම හා කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින හිටපු ජනාධිපති පේද්‍රෝ කැස්ටිලෝට වසර 34ක සිර දඩුවම් නියම කරන ලෙස පේරු හි මහජන නඩු පවරන කාර්යාලය නිල වශයෙන් ඉල්ලා තිබේ.

2012 දී තේරී පත් වූ ග්‍රාමීය පේරු හි හිටපු ගුරුවරයෙකු වූ කැස්ටිලෝ, ප්‍රභූන් සමඟ කිසිදු බැඳීමක් නොමැති ඇන්ඩියන් ජාතියේ පළමු නායකයා වූ අතර රටේ පළමු දුප්පත් ජනාධිපතිවරයා ලෙස ප්‍රශංසා ලැබීය.

ජනාධිපති වීමෙන් අනතුරුව වාමාංශික නායකයා විපක්ෂයේ නායකත්වයෙන් යුත් කොන්ග්‍රසය සමඟ බල අරගලයක සිර වූ අතර මුදල් සඳහා පොදු කොන්ත්‍රාත්තු ඔහුගේ පවුලේ අය සහ හිතවතුන් වෙනුවෙන් ලබා දීම හා සම්බන්ධ අපරාධ සංවිධානයකට නායකත්වය දුන් බවට නීතිපතිවරයා චෝදනා කර තිබිණ.

2022 දෙසැම්බරයේ දී කොන්ග්‍රසය තාවකාලිකව විසුරුවා හැරීමේ සැලැස්මක් ක්‍රියාත්මක කළ කැස්ටිලෝ ප්‍රකාශ කර තිබුණේ, මෙමගින් රට තුළ නීතියේ ආධිපත්‍යය සහ ප්‍රජාතන්ත්‍රවාදය යළි ස්ථාපිත කිරීමට උත්සහ කරන බවයි. කෙසේ වෙතත්, විපක්ෂ දේශපාලනඥයන් පැවසුවේ මෙම තීරණය පේරු හි ව්‍යවස්ථාවට පටහැනි වනබවයි. එබැවින් ඔවුන් කැස්ටිලෝ තනතුරෙන් ඉවත් කිරීමට කොන්ග්‍රසය විශාල වශයෙන් ඡන්දය ප්‍රකාශ කළේය.

තඹ වලින් පොහොසත් රටේ ප්‍රධාන කැණීම් අංශයට පහර දුන් මාස ගණනාවක් මාරාන්තික විරෝධතා අවුලුවාලූ කැස්ටිලෝගේ නඩු විභාගය සම්බන්ධයෙන් ඔහු ප්‍රකාශ කර තිබුණේ, තමන් දක්ෂිණාංශික විපක්ෂය සහ නීතිපතිවරයා අතර දේශපාලන කුමන්ත්‍රණයක ගොදුරක් බවට පත්වූ බවත් කිසි දිනක තමන් යුධ අතට න්නොගත් බවත්ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බණ්ඩාරගම වෙඩි වරුසාවක්. පුද්ගලයකු එතැනම මරුට !

සටහන - රුවන් නෙළුගොල්ල බණ්ඩාරගම, බොල්ගොඩ පාලම අසල, තුන්බෝධිය ආසන්නයේ...

හිටපු පොලිස්පති දේශබන්දු රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා එළැඹෙන...

බ්‍රසීලයේ හිටපු ජනාධිපති බෝල්සනාරොට දඬුවම් කිරීම ‘දේශපාලනිකව මරණ දඬුවමක්’ – ජනාධිපති ට්‍රම්ප්

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 21: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): බ්‍රසීලයේ 2022වසරේ පැවති...

හිටපු ජනපති රනිල් රහස් පොලීසියට කැඳවීම දේශපාලන පළිගැනීමක්?

හිටපු ජනපති රනිල් රහස් පොලීසියට කැඳවීම දේශපාලන පළිගැනීමක්?