*
Saturday, April 26, 2025
spot_img

Latest Posts

දැන්ම අපේක්ෂකයා ගැන කියල සත පහක වැඩක් නැහැ. අපි වෙලාවට දෙන්නම් – මෛත්‍රී

කොළඹLNW:ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් දැන්ම කතා කිරීමේ සත පහක වැඩක් නැති බව හිටපු ජනාධිපති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසුවේය.

අද (13) ශ්‍රීලනිප මූලස්ථානයේ පවතී දේශපාලන මණ්ඩල හමුවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනුයි හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පමණක නොව පුළුල් සන්ධානයක් ගොඩනගා එම සන්ධානය මඟින් අපේක්ෂකයා නිසි වේලාවේදී නම් කරන බව හෙතෙම කියා සිටියේය.

පක්ෂය විසින් දැන් කළ යුත්තේ අපේක්ෂකයා ගැන පැවසීම නොව රට ගොඩනගන වැඩපිළිවෙල කුමක්ද යන්න බව ද හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශ කරන ලදී.

සන්ධානය පිහිටුවා අපේක්ෂකයා නම් කිරීම ඉදිරියේදී සිදුකරන අතර ඊට කිසිදු හදිසියක් නොමැති බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

ASK

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan