2024 වසරේ ‘යා යුතු ස්ථාන 52’ අතරට මීගමුවත්! නිව්යෝර්ක් ටයිම්ස් පවසයි!

Date:

සටහන – රෂිකා හෙන්නායක

ජනවාරි 13 කොළඹ (LNW): ශ්‍රී ලංකාව ලොව හොඳම සංචාරක ගමනාන්තයක් බවට යළිත් වරක් තහවුරු කරමින් 2024 වසරේ ‘යා යුතු ස්ථාන 52’ අතරට මීගමුව ඇතුළත් කිරීමට ‘නිව්යෝර්ක් ටයිම්ස්’ පුවත්පත පියවර ගෙන තිබේ.

සංචාරක අමාත්‍යාංශය පවසන්නේ, ලොව ප්‍රමුඛතම සංචාරක ගමනාන්තයක් වන මීගමුව, නිව්යෝර්ක් ටයිම්ස් විසින් 2024දී ලොව යා යුතු ස්ථාන 52 අතරට ශ්‍රේණිගත කර තිබෙන අතර, එම ශ්‍රේණිගත කිරීමට අනුව 16 වැනි ස්ථානයට මීගමුව පැමිණ ඇති බවයි.

අන්තර්ජාතික සංචාරකයන් සඳහා ආසන්න අන්තර්ජාතික ගුවන් තොටුපොළක් තිබීම, වෙරළ තීරයන්වලින් සමන්විත වීම, අඩු තදබදයක් සහිත ගමනාන්තයක් වීම, සිත් ඇදගන්නාසුලු වෙහෙර විහාරස්ථාන තිබීම යන කරුණු මේ ශ්‍රේණිගත කිරීමට පදනම් කරගෙන ඇති බව සඳහන් වේ.

සංචාරක ඇමැති හරීන් ප්‍රනාන්දු මහතා පවසන්නේද, ලෝකයේ සංචාරය කළ හැකි හොඳම නගර 52න් 16 වැනි තැනට මීගමුව පැමිණ තිබෙන අතර විදෙස් සංචාරකයන්ගේ ආකර්ෂණය දිනාගත් අලුත්ම ස්ථාන කිහිපයක් මේ වසරේ නම් කරන බවද , ඒ වටා සංචාරක කර්මාන්තය දියුණු කරන බවද පෙන්වා දෙන ඒ මහතා, පසුගිය 2023 වසරේදී විදෙස් සංචාරකයන් ලක්ෂ 15ක් මෙරටට ගෙන්වා ගැනීම ඉලක්කය වී තිබූ බවද පවසයි.

තවද වැඩිදුරටත් අමාත්‍යවරයා පවසන්නේ, 2024 වසරේ සංචාරකයන් ඉලක්කය ලක්ෂ 23ක් බව කී ඇමැතිවරයා ඒ වෙනුවෙන් වැඩසටහන් ක්‍රියාත්මක කරන බවද මේ අතර ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර ගුවන් සේවා වැඩිදියුණු කිරීමට බලාපොරොත්තු වන බවයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත👇👇

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඩයලොග් ඇරඹුමට කොළඹින් කණ්ඩායම් 40

නිශ්මං රණසිංහ අගෝස්තු 20, කොළඹ LNW: ශ්‍රි ලංකා වොලිබෝල් සම්මේලනය...

අපේ කරුමයට හේතුව ගණිතය නොදන්නා එවුන් රට පාලනය කිරීමයි – ඩඩ්ලි සිරිසේන

මේ රට මේ තත්වයට අද පත්ව ඇත්තේ ගණිතය නොදන්නා...

අද 10 ට රට වටේම ක්‍රිකට්

නිශ්මං රණසිංහ අගෝස්තු 20, කොළඹ LNW ශ්‍රී ලංකා ක්‍රිකට් ජාතික ගමණ...

Cop30 සමුළුවට පෙර දේශගුණික සැලසුම් ඉදිරිපත් කරන ලෙස බ්‍රසීලය සාමාජික රටවල්වලින් අවසාන වශයෙන් ඉල්ලයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එළඹෙන නොවැම්බර් මාසයේ...