*
Monday, October 28, 2024
spot_img

Latest Posts

අඳුරට ඉඩදී අඳුරේ සැඟවී අපගෙන් වෙන්ව ගිය සේකර

සටහන – සශිකලා මධුෂාණි

ජනවාරි 14, කොළඹ (LNW): කාව්‍ය­ක­ර­ණය, සිතු­ව­ම්ක­ර­ණය, සින­මා­ක­ර­ණය තිර­පි­ට­ප­ත්ක­ර­ණය, නාට්‍ය­ක­ර­ණය, නව­ක­තා­ක­ර­ණය මතු නොව ගේය කාව්‍ය­ක­ර­ණය ආදී විවිධ විස්තීරණ කලා මාධ්‍යන් අතික්‍රමණය කරමින් සිංහල සාහිත්‍ය තුළ මුද්‍රා සලකුණු ශේෂ කළ මහගම සේකරගේ 48 වන ගුණානුස්මරණය අද දිනට දී තිබේ.

1929 අප්‍රේල් මස 07 වන දින කොළඔ දිස්ත්‍රික්කයේ සියනෑ කෝරලේ රදාවානේදී උපත ලද මහගම සේකර 1976 ජනවාරි මස 14වන දින කාය දේහයෙන් අප හැරයන ලදී.

මහගම සේකර රදාවාන රජයේ පාසලෙන් හා කිරිඳිවැල මිශ්‍ර පාසලෙන්ද සිය අධ්‍යාපනය හැදෑරූ සේකර 1945 රජයේ ලලිත කලා ආයතනයට සම්බන්ධ වූ ඔහු ඉන් අනතුරුව නිට්ටඔුවේ ගුරු පුහුණු විද්‍යාලයෙන් පුහුණුවෙන් රාජගිරියේ හේවාවිතාරණ පාසලේ චිත්‍ර ගුරුවරයෙකු ලෙස සිය පළමු පත්වීම ලබා ගන්නා ලදි. ඉන් අනතුරුව රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුවේ භාෂා පරිවර්තකයෙකු වශයෙන්ද ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ වැඩ සටහන් සම්පාදකවරයෙකු වශයෙන්ද රාජකාරී කටයුතු කරන්නට විය. අනතුරුව සේකර රජයේ ලලිතකලා ආයතනයේ විදුහල්පතිවරයෙකු වශයෙන්ද අධ්‍යාපන අමාත්‍යාංශයේ සෞන්දර්ය ඒකකයේ ප්‍රධානියා වශයෙන්ද උසස්වීම් ලබා ගන්නට විය. වෘත්තීය කටයුතුවල නියැලෙන අතරම ලන්ඩන් විශ්ව විද්‍යාලයේ B.A උපාධිය නිම කළ ඔහු විද‌්‍යොදය විශ්ව විද්‍යාලයේ PHD උපාධිය සඳහා පර්යේෂණ නිබන්ධයක් ද සම්පාදනය කරන ලදි.

සේකර එක් ක්ෂේත්‍රයකට නතු වූ නිර්මාණකරුවකු නොවන අතර සකල කලාවන්හිම බහුශ්‍රුත වුද, සකල කලාවන්හිම ස්වකිය අනන්‍යතාවය විශද කරනු ලැබූ කෘතහස්ත නිර්මාණකරුවකු විය.

සේකර විසින් මුලින්ම තෝරාගනු ලැබූ කලා මාධ්‍ය වුයේ චිත්‍රයයි.

‘සේකර විශේෂයෙන් කැපී පෙනුණේ චිත්‍ර කලාවටයි. කවර අවස්ථාවක වුවද ඔහු අතට අඟුරු කෑල්ලක් පැන්සලක් පෑනක් හුණු කැටයක් හසු වූ විට ඔහු ළඟ තිබුණේ කඩදාසියක් ද බිත්තියක්ද එසේ නැතිනම් වෙනත් උපකරණයක් ද යන විශේෂය නොබලා එහි චිත්‍ර ඇඳීමයි…… ’

ආචාර්ය කේ.ජයතිලක ( දිවයින 2007/01/11)

ලන්ඩනයේ වේල්ස් ශිල්පායතනයේ උපාධි ලබා පැමිණී චිත්‍ර ශිල්පීන් එම විදෙස් ශිල්ප කලාවම ශ්‍රේෂ්ඨ තැන්හි ලා සලකන විට සේකර ඉන් මිදී ස්වාධීන සිත්තම් ආරක් අනුගමනය කරන්නට විය. භුමි දර්ශන ඇඳීමත්, ප්‍රභූන්ගේ ආලේඛ්‍ය චිත්‍ර ඇඳීමත් චිත්‍ර කලාව නොව බව හඳුනාගත් සේකර සාම්ප්‍රදායික සංකේතයන් අවශ්‍ය පරිදි නවමු ශෛලියකින් ඉදිරිපත් කිරීමට උත්සුක වූ සේකර චිත්‍ර කලාව වෙනුවෙන් එතරම් අවධානයක් නොලැබීම නිසා කවිය තෝරාගනු ලැබූ බව කියැවේ.



”කවිය වූ කලී කවියාගේ ආත්මය මිස අනෙකක් නොවේ. එබැවින් කවියා දේශීය වන තරමට කවිය දේශීය ගුණයෙන් යුක්ත වේ.කවියා සංයමයෙන් යුක්ත වන තරමට කවියෙහි සංයමය ඇති වේ. කවියා නිර්ව්‍යාජ වන තරමට කවිය නිර්ව්‍යාජ වේ. ”

මහගම සේකර (1966.10.21 සිළුමිණ ශාස්ත්‍රීය අතිරේකය)

කවියෙකු ගේය පද රචකයෙකු වශයෙන් මහගම සේකරයන් පිළිබඳ කියවීම පහසු නැත. අවුරුදු 46ක ජීවිත කාලය තුළ ඔහු විසින් සිංහල කලා කෙතට ඉතිරිකර ගිය දෑ බොහෝය. ඒ අනුව ඔහු විසින් ලියන ලද ප්‍රබුද්ධ ලාංකීය පද්‍ය සාහිත්‍යයේ අමරණීයතම සිහිවටනය බව පැවසීම අතිශයෝක්තියක් නොවනු ඇත. සේකරගේ දේශපාලනික,ආර්ථික,සමාජ මෙන්ම ආගමික කියවීමේ ප්‍රකාශන මාධ්‍ය වූයේ කවියයි.ගීතයයි.

‘බතක්-වතක්-ගෙයක් දොරක්
ලද පමණින්
රස්සාවක් ලද පමණින්
විමුක්තියක් ලැබිය හැකිද
අසහනයෙන් මිදිය හැකිද
සංසාරේ නිරන්තරව තැවරී ඇති
දුක එතැනින් නිමා වේද….’

සේකර- ‘ප්‍රබුද්ධ’1977

සිට බටහිර කවීන්වන වඩ්ස් වර්ත්,ලෝරන්ස්,ෆොස්ට්,ශෙලී,එලියන්ට්,විග්මන්ට් සිට කලිල් ජිබ්රාඩ් ,නෙරූදා,පුෂ්කින්,ලර්මන් ටෝව් හරහා තාගෝර් මෙන්ම සරෝජිනී නායිදූ දන්වාම සිය කියවීම, ලිවීම මෙන්ම හැදෑරීමද ඔහු විසින් කරන ලද සේකර සිය නිර්මාණ, පර්යේෂණ, ශාස්ත්‍රීය ආදී ක්ෂේත්‍රයන් අළලා විවිධ කෘතින් රැසක් රචනා කිරීමට ඔහු සමත් විය. කේ.ජයතිලක හා සම කතෘත්වයෙන් ලියන ලද ‘ව්‍යංගා’ කෘතියට අමතරව සේකර විසින් ප්‍රබුද්ධ, සක්වා ලිහිණි, නොමියෙමි ,බෝඩිම ආදී කාව්‍ය සංග්‍රහයන්ද තුංමං හංදිය හා මනෝමන්දිර ආදී නවකතාවන්ද ‘ගීත’ නම් ගීත සංග්‍රහයද දරුවන් වෙනුවෙන් පුංචි අපට කයි කතන්දර හා සරු පොළවක් අපට ඇතේ යන ළමා කෘතීන්ද පාඨක ලේඛක අවධානය නිබඳවම දිනාගනු ලැබීය.

‘ප්‍රබුද්ධ’ ලාංකීය පදය සාහිත්‍යයේ අනභිබවනියතම නිර්මාණය වන අතර ඔහු සතුව පැවැති නෛසර්ගික ශක්‍යතාවය වන්නේ සමාජය පිළිබඳ ඔහුගේ ඥානය අත්දැකීම් තුළින් ලද පරිචය ඉතාම සරළ සුගම බස් වහරක් මඟින් ඉදිරිපත් කිරීමට ඔහු හැකියාව පුදුම සහගතය.

එමෙන් ම සේකරගේ කවි සහ ගේය පද රචනා මුළුමනින්ම එකිනෙකට වෙනස් ආකෘතීන් ගනු ලැබේ. අනායාසයෙන් ගලා එන සාහිත්‍යානුරූපී බස් වහර ඔහුගේ ලේඛණ ශෛලිය තුළ දක්නට ලැබේ. ඔහු හැම විට සිය පෑන මෙහෙයවනු ලැබුවේ පරමාදර්ශී සමාජයක් වෙනුවෙනි. සේකර පරමාදර්ශී කොට ගෙන ඔහු වටා අංකුර කවීන් රැසක් ගොඩ නැගෙන්නට ප්‍රධානතම හේතුවද මෙම කාව්‍ය ශෛලියයි. කවිකමයි.

‘වඩා ලස්සන රුව මවන්නේ
කිසිම දව­සක ලස්ස­නක් නොදුටු ඇසයි
වඩා මිහි­රට ගී ගයන්නේ
කිසි දව­සක රස බසක් නෑසුව කනයි.’

සර් ආතර් කොනන්ඩොයිල්ගේ THE WHITE COMPANYහි සිංහල පරිවර්තනය ලෙස 1956 වසරේ දී ”ධවල සේනාංකය” රචනා කරමින් ග්‍රන්ථකරණයට ප්‍රවිශ්ට වූ සේකර අතින් ලියැවු විශිෂ්ටතම කෘතිය වුයේ රාජතිලක,ලයනල් හා ප්‍රියන්තයි.

මෙය සේකරගේ ප්‍රබුද්ධ මෙන්ම සමතැන්හිලා සැලකිය හැකි අතර සමාජ පරිනාමනය ආකස්ම්ක හෝ අහඹුවක් නොවන බවත් එය සමාජ ක්‍රමයේම අනවරතන ප්‍රතිඵලයක් බවත් එහි කියැවේ. පවතින සමාජයක දුර්වලතාවයන් හා නොගැලපීම් මත නව සමාජ ක්‍රමයක් පැන නගින බවත් එය සැබැවින්ම පැවැති සමාජ ක්‍රමයට වඩා ප්‍රගතශීලී සාධනීය ලක්ෂණයන්ගෙන් යුක්ත බවත් පරම්පරාවෙන් පරම්පරාවට සේකර විසින් කියනු ලබයි. මේ හා සමාන සමාජ පරිවර්තනයක් මිට පෙර මාර්ටින් වික්‍රමසිංහයන් විසින් ගම්පෙරලිය, කලියුගය හා යුගාන්තය යන තුන්ඈදුතු නවකතාවන් හරහා ඉදිරිපත් කළ අතර සේකරගේ විශේෂත්වය වන්නේ මෙකී සංකීර්ණ සමාජ පරිණාමනය එක් කෘතියකට ලඝු කිරීමයි.

සේකර විටෙක ප්‍රශස්ත කවියෙකු ලෙසින් පමණක් උත්කර්ෂයට නැගීම අපරදයක්ව හැගෙන්නේ සමාජය පිලිබඳ තතු තත්වාකාරයෙන් හා ගැඹුරින් විශ්ලේෂණයට ඇති හැකියාව සිය කෙටිකතා හා නවකතා තුලින් දක්නට ලැබීමත් සමඟය. කවි­ය­කුට එහා ගිය මහා දාර්ශ­නි­ක­ත්ව­ය­කින් යුතු හෙතෙම ලාංකීය චුල සම්ප්‍රදායට කියවා ගැනීමට නොහැකි වුවාදැයි සිතෙන තරම්ය.

මිට අමතරව සේකර විසින් නිර්මාණය කරන ලද නාට්‍ය අතර 1961 දී සම්පාදනය කරන ලද සද්දන්ත සහ තවත් නාටක, මූදු පුත්තු (ගුණසේන ගලප්පත්ති සමඟ), හංස ගීතය සහ වෙනත් නිර්මාණ සුවිශේෂයෙන් සඳහන් කලයුතු අතර පීතර, පුතාට කාර් එකක් මෙන්ම මහගම සේකරගේ කතා සහ චිත්‍ර – (1981) මන් තනන්නෝ යන කෙටි කතාද වැදගත් වේ.

සේකරගේ නවකතාවන් මෙරට නවකතා සම්ප්‍රදාය වෙනම මානයකට ගෙන යාමට සමත් වූ අතර තුංමංහංදිය එදා මෙදාතුර බිහිවූ උත්කෘෂ්ටතම නිර්මාණය විය.

තුංමං­හං­දි­යේ සිරි­සේන තම ජීවි­තයේ තීර­ණා­ත්මක තුංමං­හං­දි­යට එයි. එහිදී පාර­වල් තුනක් තුන් අතට විහිදී යයි. එක­කින් ගම්පහ ලෝරන්ස් විදු­හ­ලට ගොස් ඉංග්‍රීසි ඉගෙන ගත හැකිය; අනෙ­කෙන් ආපහු ගෙද­රට යා හැකිය; තුන්වැ­න්නෙන් යා හැක්කේ මර­දාන පැත්තට ය. එනම් කාර්මික විද්‍යා­ල­යට ගොස් වෘත්තීය අධ්‍යා­ප­න­යක් ලැබීම ය. සිරි­සේ­නගේ ඡායා­මා­ත්‍ර­යක් මහ­ගම සේකර මතට වැටෙනු වැළැ­ක්විය නොහැකි ය.

තුංමං­හ­න්දිය චිත්‍ර­ප­ටය අධ්‍ය­ක්ෂ­ණය වෙනු­වෙන් 70 දශ­කයේ විශි­ෂ්ට­තම සිනමා නිර්මා­ණය ලෙස OCIC සම්මා­නය දිනා ගනු ලැබිය.

මා සේකරගේ ගී ගඟුල පිලිබඳ විග්‍රහ කරන්නට නොහැකි දුහුනෙක් වෙමි. සේකරගේ කවි යනු තව­මත් හද­වත රිදුම් දෙන මොහො­තක් වේ ද තැවුල් සිත සනසා සුවපත් කරන්නට හැකි දිව ඔසුවක් බව තරයේ විශ්වාස කරමි. ජීවි­තය සුසර කර­ගන්නේ යම් සේ ද එයට එහි ආත්මීය රිද්මය මහෝ­ප­කාරී කර­ගන්නා අයුරු ඔහු මැන­වින් දැන සිටියේ ය.

රිද්මය, ලය මානය, ස්වභා­වික රිද්ම රටා ගැන හේ කළ පර්යේ­ෂ­ණය සේම ස්වකීය නිර්මා­ණ­ව­ලට ද ඒවා සාර සුභා­වට එකතු වූයේ ඔහු­ටත් නොදැනී ම වන්නට ඇත. ආරෝ­ප­ණය කර නොගන්නා සෑම දෙයක් ම නොදැ­නීම අප ජීවන විලා­ස­යට එක්වීම සාමා­න්‍ය­යකි. මහ­ගම සේකර හා රිද්මය යනු එකක් ම ය වැනි යැයි සිතෙන තර­මට ඔහු ස්වකීය නිර්මා­ණ­ක­ර­ණයේ රිද්මීය පරි­ධිය පිළි­බඳ සැල­කි­ලි­මත් වූයේ ය. නිර්මා­ණ­ක­ර­ණය හා සැබෑ ජීවි­තය එකක් ම යැයි සිතෙන තර­මට ඔහු අව්‍යාජ ය.

නිසර්ග කවි­ත්වය විසින් ඔප දමන ලද නිර්ව්‍යා­ජ­ත්වය අපූර්ව නිර්මාණ රැසක් පාඨක සමා­ජ­යට තිළිණ කළේ ය. ඔහුගේ කෙටි දිවිය මුළු­ම­නින් ම පාහේ කැප වූයේ ජීවි­තය විවි­ධා­කා­ර­යෙන් කියවා ගැනීම වෙනු­වෙනි. ජීවි­තය සුසර කර­ගන්නේ යම් සේ ද එයට එහි ආත්මීය රිද්මය මහෝ­ප­කාරී කර­ගන්නා අයුරු ඔහු මැන­වින් දැන සිටියේ ය.

ලොව ඇත්තේ යාම් ඊම් පමණී. සේකරගේ ජීවිතය යනු කෙටි තිළි­ණ­යකි. ඒ තිළි­ණය නිසි­යා­කාර ව බාර ගන්නා යමෙක් වේ ද ඔහු අම­ර­ණී­ය­ත්ව­යට පත් වීම වැළැ­ක්විය නොහැකි ය. මහ­ගම සේකර වැටෙන්නේ ඒ ගණ­යට ය. සේකරගේ නිර්මාණ කෙතේ ඇවිද යන ඔබට සේකර මුණ ගැසීම කිසි­සේත් ම අහ­ම්බ­යක් නොවණු ඇත. ඒ නිර්මාණ තුළ ඔහු සදාකල්හිම ඇප සිත්තුල ජීවමාන වනු ඇත.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan