*
Friday, May 17, 2024
spot_img

Latest Posts

සිය වසක අභිමානයේ රසට වස දීම

සටහන – නිශ්මං රණසිංහ

ජනවාරි 14 කොළඹ (LNW): නාමල් රාජපක්ෂ ක්‍රීඩා අමාත්‍යවරයාව ශ්‍රී ලංකා රගර් වෙත මුදාහළ පිඩනය රොෂාන් රණසිංහ යටතේ ද ක්‍රියාත්මක වූ අතර එය නිමාවට පත් වුණේ ජාත්‍යන්තර වශයෙන් දේශපාලන බලපෑම් එල්ලවීම පාදක කරගෙන ශ්‍රී ලංකා රගර් තහනම් කිරීමෙන්ය.මේ රගර් තහනම සඳහා ශ්‍රී ලංකාවේ දේශපාලනයේ හැසිරීම මෙහෙයවූයේ ආසියානු රගර් සභාපති ක්වායිස් අබ්දුල්ලා ය.ඒ මෙහෙයුම සහ ඊට දායක වූ ශ්‍රී ලාංකේය චරිත කවරේද යන්න ද අපි දීර්ඝ කාලයක් තිස්සේ හෙළිදරව් කර ඇත්තෙමු.

දැන් එම චරිත ශ්‍රී ලංකා රගර් ආසියාවේ පහළට ඇඳ දැමූ තැනින් උඩ එ්මට අවශ්‍යය කරන ඊළඟ පරම්පරාවේ රගර් නැගිටීමට උපක්‍රමිකව උගුල් අටවන්නට ශ්‍රී ලංකාවේ ප්‍රබලම පාසලක් වන කොළඹ සහිරා රග්ර්වලට වසර 100 ක් පිරෙන උත්සවය යොදා ගන්නට සූදානම් වන බව පෙනෙන්නට ඇත.එය දරුණු අත පෙවීමක මුල විය හැකි බැවින් මේ කාරණය සියුම්ව අවබෝධ කර ගත යුතුව ඇත.එහි ප්‍රධාන ආරාධිතයා වන්නේ ශ්‍රී ලංකාවේ රගර්වලට උගුල් ඇට වූ ආසියානු සභාපති ක්වායිස් අබ්දුල්ලා ය.

මේ පිටුපස කතා කිහිපයක්ම ඇති අතර ඒ ඉතිහාසයන්ට වර්ථමානය සම්බන්ධ කර නොගෙන මෙහි ඇත්ත අවබෝධ කර ගැනීම දුෂ්කරය.එහෙත් මෙරට රගර් ක්‍රීඩාව තහනම් කිරීම සඳහා පුද්ගල ප්‍රශ්නයක් පාදක කරගෙන කටයුතු කරද්දී,ආසියානු සභාපතිගේ තුරුල්ලේ සිට මුනිවත රකින ලද අසංග සෙනවිරත්න සහ ඔහු තමන්ගේ අවශ්‍යයතාවය සඳහා ඇමට යොදා ගන්නා සබීර් කාදර් පෙනෙන්නට සිටීම මෙහි භයානකකම දුර සිට හඳුනාගන්නට හොඳ අවස්ථාවක්ය.සබීර් පෙනෙන්නට සිටින අතර අසංග තිරය පිටුපස සිට ඇම දමා බලා සිටින්නේය.

කොළඹ සහිරාව සිංහල බෞද්ධ දරුවන්ට ද සිය කුසලතා මත පෙරට ඒමට අත දෙන එහෙත් ශ්‍රී ලංකාවේ නම ගිය මුස්ලිම් පාසලක්ය.ඒ ඇත්ත ඇතුළේ ඉතාම සූක්ෂම විදිහට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ශ්‍රී ලංකාවේ රගර්වලට වින කරන ලද ආසියානු සභාපතිවරයා සහ සහිරාවේ මුස්ලිම්වරු සම්බන්ධ කරන්නට සබීර් කාදර්ට පාර පෙන්නන්නේ කවුද යන්න මේ සටහන දිගට කියාගෙන යාමේදී ඔබට දැනෙනවා ඇත.යම් ආකාරයකින් මුස්ලිම් අන්තවාදී පෙණුමක් ඇති කරමින් රගර් හී මිත්‍රත්වය බිදීමට සහ එකිනෙකා කෙරෙහි අවිශ්වාසය ඇති කරමින් ශ්‍රී ලංකාවේ රගර් ක්‍රීඩාවේ හෙට දවස භාර ගන්න සිටින තරුණ පිරිස අතර විරසකයක් ඇති කරන්නට අවශ්‍යය ජාතිවාදි විෂබීජ පැතිරීමට මේ අවස්ථාව යොදා ගෙන ඇත්තේ ශ්‍රී ලංකාවේ සහිරාවට සහ සහිරාවේ රගර්වලට වගකිව යුතු විශාල පිරිසක් නොසළකා හරිමින්ය.සැබවින්ම සහිරාවේ රගර් යනු රටේ රගර්වල අනන්‍යතාවයෙන් පැවතිය යුතු දෙයක් මිස ජාතිවාදී ලෙස හානියට පත් නොකළ යුතු දෙයක්ය.

සහිරාවේ වසර 100 සැමරීමට ක්‍රීඩාව වෙනුවෙන් ආරාධනා කරන්න දේශපාලන නායකත්වය ගැන සිතුවොත් ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු සිටියි.අධ්‍යාපනස්ථානයක් හැටියට ගතහොත් සුසිල් ප්‍රේමජයන්ත සිටියි.රගර්මය ලෙස සිතන විට එම අවස්ථාව ශ්‍රී ලංකා රගර් වෙත හෝ ශ්‍රී ලංකා පාසල් රගර් වෙත ලබා දෙන්නට ද හැකියාව ඇත.

අප ප්‍රශ්නය තීරණය කර යුත්තේ එතැන සිටය.සහිරාව මුස්ලිම් අන්තවාදයට ගෙන ගොස් දැමීම දක්වා වන අනතුරක් ද සමාජය මත පටවමින් ශ්‍රී ලංකාවේ රගර්වලට මෑත කාලයේ වඩාත්ම නරක දේ ළඟා කරන්න මුල් වූ පුද්ගලයා සහිරාවේ 100ට ගෙන ඒම කතාව නිර්මාණය වන පසුබිම කුමක්ද යන්න සෙමින් විමසා බැලිය යුතුය.

නාමල් රාජපක්ෂ ක්‍රීඩා ඇමති සමය උදාවන්නේ අසංග සෙනවිරත්න ශ්‍රී ලංකා රගර් කේෂ්ත්‍රයෙන් දුරස් කර තබන්නට ක්‍රීඩා සමාජවලින් තීරණය කර තිබෙන අවධියකය.ඒ වන විට ආසියානු සභාපතිවරයාට අසංගගෙන් පසුව සභාපති පදවියට පත් ලසිත ගුණරත්න ඡන්දය භාවිතා නොකිරිම නිසා ආසියානු සභාපතිවරයා ශ්‍රී ලංකා රගර් සම්බන්ධයෙන් නොපැහැදීමෙන් එරෙහිව සිටි මොහොතක්ය.අසංග ප්‍රතික්ෂේප වන්නට හේතු කිහිපයක් තිබිණි.

අසංග ගේ පාලන සමය ශ්‍රී ලංකා රගර් වෙත මිලියන 30 ක ණයක් ඉතුරු කළ යුගයකි.එසේම කොටස් වශයෙන් ගෙවා දැමිය යුතු පවුම් 50000 ක දඩයක් ගැසීමට හේතුවන වරදක් ශ්‍රී ලංකා රගර් හරහා සිඳු වූ වසරකි.ඒ විදේශ ක්‍රීඩකයන් ලාංකිකයන් සේ හඳුන්වා ශ්‍රී ලංකාවට තරග කිරීමට යෙදිමෙන්ය.ශ්‍රී ලංකාව ලසිතගේ ඡන්ද දීමේ පිළිවෙත නිසා ආසියානු සභාපතිවරයාගේ උදහසට ලක්වෙද්දී අසංග සෙමින් ආසියානු සභාපතිවරයාගේ තුරුළට වන්නේය.එවැනි මොහොතක රිස්ලි ඉල්ලියාස් සභාපති පදවියට ආ විට අසංග සිඳු කරන්නේ ශ්‍රී ලංකාවේ නිල රගර් පරිපාලනය සමඟ ආසියාව සම්බන්ධ කිරීම වෙනුවට නාමල් රාජපක්ෂ සහ ආසියානු සභාපතිවරයා අතර සම්බන්ධයක් ගොඩ නඟමින් ආසියානු සභාපතිවරයාට අවශ්‍යය පරිදි ශ්‍රී ලංකාවේ රගර් හැසිරවීම සඳහා සම්බන්ධ වීමට උත්සාහ කිරිමය.

එහි පියවරක් හැටියට නාමල් සිය අමාත්‍ය ධූරයේ බලය යොදාගෙන ආසියානු සභාපතිවරයා හා සම්බන්ධ වී ශ්‍රී ලංකාවේ රගර් පරිපාලන ව්‍යහුයට පිටින් උපදෙස් දෙන්නට අසංග සෙනවිරත්නගේ සභාපතිත්වය යටතේ උපදේශක සභාවක් පත් කරන්නේය.එහෙත් පවුම් 50000 ක දඩයකට ශ්‍රී ලංකා රගර් යටත් කළ සහ මිලියන 30 ක ණය කන්දකට ශ්‍රී ලංකා රගර් යටකළ නරියෙකුට කුකුල්ලු භාර දීම කරන්නට ශ්‍රී ලංකා රගර් අකමැති වන්නේය.මේ සමඟ ඇතිවන ගැටුම් මැද දේශිය රගර් අනුග්‍රාහකයා ද ආසියානු රගර් අනුග්‍රහයට ඇඳගෙන යාම සම්බන්ධයෙන් කෝප වන ශ්‍රී ලංකා සභාපතිවරයා ආසියානු රගර් සභාපතිවරයාට දෝශාරෝපනය කරන්නේ ශ්‍රී ලංකා රගර් හි ස්වාධීනත්වය සහ අභිමානය වෙනුවෙන්ය.ගැටුම ආසියානු රගර්වලින් ශ්‍රී ලංකාව තහනම් කිරීම දක්වා දුරට යද්දී ලංකාවේ ක්‍රීඩා ඇමතිවරු ලංකාවේ රගර් අනතුරේ හෙළුව අසංග සහ ආසියානු සභාපතිවරයා සමඟ එකඟ වන්නේය.විශේෂයෙන් ජේ ෂා ලා ගැන කියන,අයිසීසී ය ගැන කියන ක්‍රිකට් ප්‍රේමයෙන් ඇස් තෙත්වන රොෂාන් රණසිංහ මෙන්ම ඔහුට උපදෙස් දෙන්නට සිටි ජාතික ක්‍රීඩා සභාවේ සභාපති අර්ජුන වැන්නන් ද ශ්‍රී ලංකාවේ රගර් ස්වාධීනත්වය වෙනුවෙන් සටන් කළ සභාපතිවරයාට පහර දෙමින් ආසියානු සභාපතිවරයාගේ සෙවණෙ හුරතල් වන්නේය.

අසංග කළ මෙහෙයුම නිසා ආසියානු සභාපතිවරයා සමග එක්ව කළ මෙහෙයුමේ අවසාන ප්‍රතිපලය වන්නේ ආසියානු තරගාවලිය ශ්‍රී ලංකාවට අහිමි වන්නට යාමය.එහිදී ශ්‍රී ලංකා ඔලිම්පික් ආයතනය ආසියානු ඔලිම්පික් කමිටුව හරහා කළ ඉල්ලීම පිට ශ්‍රී ලංකාවට තරගාවලියට සහභාගි වන්නට දුන්නේ ආසියානු ඔලිම්පික් කමිටුවේ ධජය යටතේය.එහිදී පෙර ආසියානු තරගාවලියේ දී පදක්කමකට ආසන්නයේ සිටි ශ්‍රී ලංකාවේ රගර් පරිපාලනයට දොරගුළු දමා පුහුණුව පවා වැළක්වීමේ ප්‍රතිපලයක් ලෙස ශ්‍රී ලංකාව තරගාවලියේ පහතට වැටුණු අතර ක්වායිස් අබ්දුල්ලා නියෝජනය කරන එක්සත් අරාබී එමීර් රාජ්‍යය අන්තිම තැන සිට විශාල ඉදිරියක් පෙන්නුම් කළේය.ඒ අවසාන ප්‍රතිපලය අනුව ලසිතගේ ඡන්දය නොදීමට ශ්‍රී ලංකාවේ රගර්වලට කළ යුතු හොඳම කෙනහිළිකම ක්වායිස් අබ්දුල්ලාට කරන්නට සේවය සැපයූ පිරිස් අතර අසංග සෙනව්රත්නත්,ඔහුගේ සභාපති අවධියේ මාධ්‍ය මෙහෙයුම භාරව සිට ලසිත ගේ සහ ඉල්ලියාස්ගේ කාල වකවානුවල ඉවත් කරන ලද පසු අසංගගේ සෙනෙහසින්ම ආසියානු රගර් සංගමයේ තනතුරකට පත් වූ සබීර් කාදර් ද විය.

මේ කණ්ඩායම සමඟ රටේ ක්‍රීඩා ඇමති ලෙස සිය කාලයේ ආසියානු රගර් පදක්කමක් දිනා ගන්නට තිබුණ ඉඩ අසුරමින් ඇමති රොෂාන් රණසිංහ ද ශ්‍රී ලංකා රගර් ආසියානු තරගාවලිය නියෝජනය කිරිම ගැනවත් නොසිතා උද්දච්ඡ ලෙස හැසිරුණේ හරියට ලෝක කුසලානය නිමාවීමට පෙර තරග ඉතිරිව තිබියදී ශ්‍රී ලංකා ක්‍රිකට් විසුරුවා හැරිය ආකාරයේ ලද බොඳද හැසිරීමෙන්මය.
අමාත්‍යවරයා ක්‍රිකට් විසිරීම ගැන ජේ.ෂා ගැන,අයිසීසී පක්ෂපාතීත්වය ගැන කියමින් දේශීයත්වය ගැන වැළලෙන්නට තැනුවාට ඔහු ඹ්‍රී ලංකාවේ රගර්වල ස්නාධීනත්වය පතා ආසියානු සභාපති සමඟ ගැටීමකට ගිය ශ්‍රී ලංකා සභාපතිගේ දේශීයත්වය වෙනුවෙන් පෙනී සිටීම සළකා බැලුවේවත් නැත.ඔහු කළේ ආසියානු සභාපතිට ඇති බලය කියමින් ශ්‍රී ලංකා සභාපති මට්ටු කරන්නට ඇමකි බලය යොදවමින් හැසිරීම සහ අපවාද අවලාද නැඟීමය.

මේ පිටුවම වැසී ගොස් ජාත්‍යන්තර වශයෙන් යොදුව තහනම ද ඉවත් වී වෙනස් මානයකින් ලංකාවේ රගර්වල හුටපට ගැන සමාජය සබුද්ධිමත් වී සිටියදී ලංකාවේ රගර් නොසළකා හැරීම සම්බන්ධයෙන් අලුත් මානයකට ශ්‍රී ලංකාවට ද්‍රෝහීවීම වෙනුවෙන් මීට පෙර ද ආසියානු සභාපතිවරයා සමඟ සිට ගත් අසංගලා සහ සබ්රිලා එකතු වී තිබෙන බව දකින්නට ඇත.ඒ ඊ ළඟ ලාංකේය රගර් විනාශයට යන ආකාරයෙන් සැකයන් නිර්මාණය වීමට මුස්ලිම් සංස්කෘතිය රගර් ක්‍රීඩාව ඇතුළත සැකයට බඳුන් වන විදිහේ හැඩයක් සැකසීමටය.

මේ සඳහා සහිරා විද්‍යාලය ශත සංවත්සරයට එළියක් දීම ප්‍රකට ව්‍යාපාරිතයෙක් වූ ෆවුසුල් හමීඩ්ට තිබෙන්නට ඇති බව අපි පිළි ගන්නෙමු.මන්ද ඔහු ඉතාම නරක තත්ත්තවයකට අසංගලාගේ මෙහෙයුම් නිසා රගර් වැටී සිටියදී ද යම් යම් ආකාරයෙන් ශ්‍රී ලංකාවේ රග්බි ගමණට දිරිය දෙන්නට ඉදිරිපත් වූ බැවිනි.ඔහු රගර් සභාපතීත්වය යටතේ සහිරාවට එකතු කර ගත් සබීර් කාදර් සම්බන්ධ වන්නේ කොතැනින් ද කියන තැන සිට මේ ප්‍රශ්නය අවබෝධ කරගෙන ලිහා දැමීම වැදගත්ය.

ශ්‍රී ලංකාවේ කීර්තිමත් පාසලකට ආසියානු සභාපතිවරයෙක්ව ප්‍රමුඛ කොට සහභාගිවීම කායිස් අබ්දුල්ලා රැගෙන ඒමෙන් හිමි වනු ඇතැයි පිංතූරයක් මැවීම ඒ සම්ප්‍රාප්තියේ අරමුණය.නමුත් මේ රටේ රගර් ප්‍රේමීන් දන්න කතාව ඊට වඩා වෙනස්ය.ලංකාවේ සභාපතිවරයා සමඟ පැටලෙමින් ශ්‍රී ලංකාවේම රග්බි තහනම් කර ආසියානු තරගාවලියෙන් පහතට ඇඳ දැමීමට මුල් වූ චරිතය කයිස් අබ්දුල්ලා ය.ඔහු සමඟ භෞතිකව සිටි ලාංකිකයන් අතර පෙරමුණේ වූයේ අසංග සෙනවිරත්න සහ සබීර් කාදර් ය.ඒ තත්ත්වය පැහැදිළිව දන්නා රගර් ප්‍රේමියෙකුට සහිරාව මුස්ලිම් වීම,කායිස් අබ්දුල්ලා මුස්ලිම් විම,ඒ මුස්ලිම්කම නිසා රටට කායිස්ගෙන් වූ හානිය නොසළකා හැරීම වැනි කාරණා පිටට පෙනෙමින් ලංකාවේ අනන්‍යතාවය ඉක්මවා මුස්ලිම්මය පිංතූරයක් ඒ කැඳවිමෙන් හැඳෙන්න දෙන්නත්,තවත් කාලයකට එක්සත් අරාබි රාජ්‍යයේ හෙවත් කායිස්ගේ දේශයේ රගර් පසුකර යන්නට නොහැකි ලෙස ලංකාවේ පසු පරම්පරාවන් සැකසීමට අවශ්‍යය විෂබීජ ඇති කිරීමත් මේ සහභාගීත්වය යටි පෙළේ ඇති බවක් හිතෙන්නේ නැද්ද? තවමත් පාස්කු ප්‍රහාරයෙන් ඇති කළ සැක සංකා ඉවත්වීම සපුරා සිඳුව නැති අවකාශයක ඒ ඇතුළට රටට හානිකර දේ කළ මුස්ලිම්වරයෙක්ව, මුස්ලිම් පිරිසක් එක්ව කැඳවාගෙන ඒම ගැටළුකාරී තත්ත්වයක් නොවන්නේ ද?අඩුම තරමේ ශ්‍රී ලංකාව ආසියානු ක්‍රීඩා උළෙල ඉතිහාසයේ සිය වසර සිය ගණනක ලාංකේය රගර් ඉතිහාසය හැකිලෙන තත්ත්වයට පත් කර,එමෙන් දස ගුණයකටත් පහළ කුඩා ඉතිහාසයක් ඇති එක්සත් අරාබි එමීර් රාජ්‍යය ඉදිරියේ ශ්‍රී ලංකාවේ රගර් පහතට දැමීමට මුල් වූ පුද්ගලයා ලෙස ලංකාවේ බහුතර රගර් සමාජය පිළිගනිද්දී ඔහුව සහිරා භූමියට ප්‍රධාන පුද්ගලයා කර ගෙන ඒම අවුලක් නොවේද?සහිරා දෙස සැකයෙන් බලන්නට සහ රගර් සමාජය ඇතුළත නොතිබි ජාතිවාදී සහ ආගම්වාදී හැඩයක් ඇති කරමින් රගර් හී නැග්ම අඩපණ කරන්නට උපක්‍රමිකව සකස් කළ ගැටුම් උපදවන සුළු සැළසුමක් නොවේද?

පෙණුමට සංදරශණාත්මක වුව ද,අපට දැනෙන්නේ එම සංදර්භය හරහා, අහිතකර බටපතල සැළසුමකට කීර්තිමත් සහිරාවේ සිට බොහෝ තැන් ගුලි කර ගන්නට අශුද්ධ දෑත්වල මෙහෙයවීම සාර්ථක කරගෙන ඇති බවය.එසේ නොවන්නට මේ සටහන ඇසුරෙන් ගොඩ නැඟෙන ගැටළුවලට නිවැරදි පිළිතුරු ලබා දීම වගකිව යුතු වැදගත් කාර්යයක් වන අතර අප ඒ සඳහා ඉඩ ලබාදීමටද නොපැකිළිව සූදානමෙන් සිටින්නෙමු.

*ශ්‍රී ලංකාවේ ගෙවුණු මෑත ඉතිහාසය තුළ රගර් ක්‍රීඩාව ජාත්‍යන්තර වශයෙන් හැකිලී යාම කෙරෙහි ආසියානු සභාපතිවරයා ගත් තීරණ බලපෑවේ නැද්ද?

*ගැටළුවක් මුල් කරගෙන සමස්ත ලංකාවේම රගර්වලට ආසියානු සංගමයෙන් වැට බැදීමට ආසියානු සභාපතිවරයා ක්‍රියා කරද්දී, එම තත්ත්වයන් ඇතුළත අසංග සෙනවිරත්න සහ සබීර් කාදර් ආසියානු සභාපතිවරයාගේ පාර්ශවය නියෝජනය නොකළේද?

*ආසියානු සභාපතිවරයා ලංකාවේ දේශපාලනඥයන්ද හවුල් කර ගනිමින් ගනු ලැබූ එම තීරණ හේතුවෙන් ආසියානු ක්‍රිඩා උළෙලේ දී ආසියානු සභාපතිවරයා නියෝජනය කරන රට ශ්‍රී ලංකාවට පහළින් සිට ඉහළට පැමිණි බව ද,ශ්‍රී ලංකාව පදක්කමක් ආසන්නයේ සිට හිටි තැනින් පහළට වැටුනේ ද කියන කාරණය පිළිගන්නේ ද?

*ඒ අනුව වසර සියයකට වඩා ඉතිහාසයක් ඇති ශ්‍රී ලංකාවේ රගර් ආසියානු සභාපතිවරයාගේ රටේ කෙටි ඉතිහාසය තුළ එම රටට පහළින් ස්ථාපිත වීම සිදු වූ බව පිළිගන්නේ ද?

*අසංග සෙනවිරත්න සභාපති පදවිය දරන අවධියේ විදේශිකයින් ශ්‍රී ලංකා කණ්ඩායමට යෙදවීමෙන් ශ්‍රී ලංකාවේ රගර් අපකීර්තියට පත් කළ බව ඇත්ත නොවේද සම ඒ වෙනුවෙන් පවුම් 50000 ක දඩයක් ශ්‍රී ලංකාවට ගෙවීමට සිදු වී ඇති බවත්,එය තවමත් කොටස් වශයෙන් ගෙවමින් සිටින බවත් සත්‍ය නේද?

*ශ්‍රී ලංකාවේ රගර් සභාපතිවරයාව සිට ඉවත්වන විට අසංග සෙනවිරත්න මිලයන 30 ණයකට ශ්‍රී ලංකා එම පාලන කාලය තුළ යටත් කර තිබූ බව නිවැරදි නොවන්නේද?

*මේ තත්ත්වයන් මත රගර් පරිපාලනයට රගර් ක්‍රිඩා සමාජ විසින් ඇතුළත් කර නොගත් අසංග සෙනවිරත්නට ආසියානු සභාපතිවරයාගෙන් තනතුරු හිමිවීම, හරහා සබීර් කාදර්ට අවස්ථාව හිමිවීම මෙන්ම සත්‍ය කාරණාවන් නොවන්නේ ද?

*සබීර් කාදර් අසංග සෙනවිරත්න දේශිය රගර් පරිපාලනයේ සිටියදී තනතුරුවල සිටිය ද පසුව පැමිණි ලසිත සහ ඉල්ලියාස් යන සභාපතිවරු ඔහුව ඉවත් කර තිබියදී අසංග ආසියානු සම්මේලනයට කැඳවා ගත් බව නිවැරදි නොවේද?

*ශ්‍රී ලංකාවේ නිල ඡන්දදායක ක්‍රීඩා සමාජ ප්‍රතික්ෂේප කරන ලද පුද්ගලයෙක් ලෙස අසංග සෙනවිරත්නව ක්‍රිඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ විසින් උපදේශක සභාවට ගෙන ඒම,අසංග ඇති කළ මාර්ග ඔස්සේ ගොස් දේශිය අනුග්‍රාහකයින් ආසියානු අනුග්‍රහයට එකතු කිරීම වැනි කරුණු නිසා ශ්‍රී ලංකාවේ රගර්වල ස්වාධීනත්වය සහ අභිමානය වෙනුවෙන් හිටපු සභාපති රිස්ලි ඉල්ලියාස් ආසියානු සභාපතිවරයාට දොස් පැවරුවේය යන කාරණය සත්‍ය නොවේද?

*ජනප්‍රිය ක්‍රිකට් ක්‍රීඩාවේ ජනතා ප්‍රසාදය අපේක්ෂා කරමින් ජෙ.ෂා,අයිසීසී ය වැනි පුද්ගලයන් සහ සංවිධානයන් ද විවේචනය කරමින් සිටින හිටපු අමාත්‍යවරයා සහ ඔහුගේ පිරිස ආසියානු රගර් සභාපතිවරයාව එක පයින් පිළිගෙන,සභාපතිවරයෙක්ව සිටියදී ශ්‍රී ලංකාවේ රගර් ක්‍රිඩාව පවුම් 50000 ක දඩයකට යටත් කළ පුද්ගලයා ගැන ආසියානු සභාපතිවරයාට කිසිවක් නොකියා ශ්‍රී ලංකාවේ රගර් හී අභිමානය සහ ස්වාධීනත්වය වෙනුවෙන් පෙනී සිටිය සභාපතිවරයාට එරෙහිව ආසියානු සභාපතිවරයා සමග සිට ගැනීම අනුමත කරනවාද? ඒ වෙනුවට ශ්‍රී ලංකා සභාපතිවරයාගෙන් කරුණු විමසා සත්‍ය තේරුම් ගෙන ජාත්‍යන්තර රගර් සංගමය ඉදිරියේ ශ්‍රී ලංකා රගර් වෙනුවෙන් පෙනී සිටීමට ක්‍රීඩා අමාත්‍යවරයා ඉදිරිපත් වුණේ නම් දේශපාලන බලපෑමක් ලෙස සළකා ශ්‍රී ලංකාවේ රගර් තහනම් කිරීම වෙනුවට ජාත්‍යන්තර රග්බි සම්මේලනය ආසියානු සභාපතිවරයාගෙන් ශ්‍රී ලංකා රගර්වලට එරෙහිව සිඳු කළ අසාධාරණයට එරෙහිව ආසියානු නිලධාරීන්ට එරෙහිව කටයුතු කරන්නට ඉඩ තිබුණ බව නොපිළිගන්නේ ද? (සරලම වශයෙන් ඇමතිවරයෙක් ඔහු නියෝජනය කරන රටේ රගර් ක්‍රිඩාවට දඩ ගැසීමට තුඩු දෙන දේ කළ අයෙක් ආසියානු සභාපතිවරයා ළඟ සිටීම ප්‍රශ්නයක් කර නොගෙන,රටේ රගර් ආරක්ෂා කරන්නට ආසියානු රගර් සභාපතිවරයා ඉදිරියේද සටන් කළ පුද්ගලයා ප්‍රශ්නයක් කර ගැනීම අවුලක් නොවේද?)

*ඉහත සියලු කරුණුවල සත්‍යතාවයක් තිබෙන්නේනම් සහිරාවට 100 ක් සැපිරීමේ කාරණය සඳහා ආසියානු සභාපතිවරයා ගෙන ඒම සහ එහිදී ඔහුට මුල්තැන දී ශ්‍රී ලංකාවේ ක්‍රීඩා අමාත්‍යවරයා,අධ්‍යාපන අමාත්‍යවරයා,ශ්‍රී ලංකා රගර් සහ ශ්‍රී ලංකා පාසල් රගර් දෙවන තැනට දැමීමෙන් වෙනත් මානයක සැක සංකා මතුවීම අසාධාරණ නැද්ද?
එය මේ දක්වා ලංකාවේ රගර්වල කීර්තිය ජාත්‍යන්තර මට්ටමෙන් හකුළා දැමීමට ක්‍රියා කිරිමෙන් නොනැවතී යම් මුස්ලිම් අන්තවාදී අදහස්වලට ලඝු කිරීමට කැස කවන පිරිස් සඳහා ඊට අවසර ලබා දෙන සුළු වැඩ සටහනක් හරහා ලංකාවේ අනාගත රගර් ක්‍රිඩාවද අසාර්ථක වීමට හැකි සැක සංකා බේද ඇති කිරීමක් නොවන්නේ ද?

මේ ඉහත ඇති සංවේදී කරුණුවලට දැන හෝ නොදැන යම් ආකාරයකින් දායක වූ බවත් සිතෙන්නේ නම්,එම අතපසුවීම ගැන කරුණු පැහැදිළි කිරීමට හෝ අප දක්වා තිබෙන කරුණු මේ පොළවේ සිඳු නොවුණු බව කියන්නට ඔබට යම් කරුණක් වේනම් ඒ සඳහා ද අපි අවසර දෙන්නෙමු.අපට දැනෙන හැටියට සහිරාවේ 100 ශ්‍රී ලංකාවේ රගර් ක්‍රිඩාවේ අනාගත උන්නතිය පිණිස ගෙන යා හැකි ඉහළ ආශිර්වාදාත්මක මාර්ගයෙන් වෙන් කර වෙනත් පිරිසක් සිය පෞද්ගලික අභිමතාර්ත උදෙසා උපක්‍රමිකව භාවිතා කර ඇති බව හැඟෙන්නෙමු.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan