ස්විට්සර්ලන්තයේ ඩාවෝස් නුවරදී අද (15) දින ලෝක ආර්ථික සමුළුව ඇරඹෙයි!

Date:

සටහන – රෂිකා හෙන්නායක

ජනවාරි 15 කොළඹ (LNW): අද (15) දින ලෝක ආර්ථික සමුළුව ස්විට්සර්ලන්තයේ ඩාවෝස් නුවරදී පැවැත්වෙන අතර, සමුළුවට එක්වීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දිවයිනෙන් පිටත්ව ගියේ පෙරේදා
(13) දිනයේය.

ලෝක ආර්ථික සමුළුවට සමගාමීව අද ආරම්භ වන ලෝක ආර්ථික සංසදයේ වාර්ෂික රැස්වීමට ද ජනාධිපතිවරයා සහභාගීවීමට නියමිත අතර, ලෝක ආර්ථික සංසදය යනු දේශපාලන, ආර්ථික, සමාජීය සහ පාරිසරික න්‍යායපත්‍ර හැඩගැස්වීම සඳහා වසර ආරම්භයේදී ලෝකයේ ප්‍රධාන රටවල් සහභාගී වන රැස්වීමකි.

ජාත්‍යන්තර සංවිධාන, ගෝලීය සමාගම්, සිවිල් සමාජය සහ අධ්‍යයන ආයතන ද මේ සඳහා සහභගී වන බව සඳහන් වේ.

මෙහිදී ජනපතිවරයා ස්විට්සර්ලන්ත – ආසියානු වාණිජ මණ්ඩලය විසින් සංවිධාන කරනු ලබන ග්‍රීන් ටෙක් සංසදයේ ප්‍රධාන දේශනයට ද පැවැත්වීමට නියමිතයි.

“බලශක්ති සුරක්ෂිත ශ්‍රී ලංකාවක් කරා මග පෑදීම” එහි තේමාව වන බවද සඳහන් වේ.

තවද, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය විසින් ස්විට්සර්ලන්ත ආසියානු වාණිජ මණ්ඩලය සමග එක්ව සංවිධානය කරනු ලබන ව්‍යාපාරික වට මේස සමුළුවට ද ජනාධිපතිතුමා සහභාගි වීමට නියමිත බව වාර්තා වේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත👇👇

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නව සීමා නිර්ණ කමිටුවට කැබිනට් අනුමැතිය!

කොළඹ LNW:2012 සහ 2021 දී පත් කරන ලද කමිටුවල...

පාතාලය කැළඹුනාට ජතික ආරක්ෂවට ප්‍රශ්නයක් නැහැ – ආරක්ෂක ලේකම්

කොළඹ LNW:ජාතික ආරක්ෂාවට මේ වනවිට කිසිදු ප්‍රශ්නයක් එල්ල වී...

ඕස්ට්‍රේලියාව සහ ජපානය යුද නැව් සඳහා විශාලතම ආරක්ෂක ගිවිසුමකට!

රෂිකා හෙන්නායක අගෝස්තු 05, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඕස්ට්‍රේලියාව සහ ජපානය...

කීර්ති බණ්ඩාරපුර පොලිසියේ ට්‍රැෆික් OIC අත්අඩංගුවට?

අල්ලස් ලබා ගැනිමට යෑමේදි, කීර්ති බණ්ඩාරපුර පොලිසියේ ට්‍රැෆික් OIC...