ඩීසල් නැව් දෙකක් දැනටත් ගොඩබානවා. ඉදිරි දිනවල කිසිදු ඉන්ධන හිඟයක් නෑ – තෙල් සංස්ථා සභාපති

Date:

ඩීසල් නෞකා දෙකක් මේ වනවිටත් ගොඩබාමින් පවතින බවත් ඉදිරි දිනවල රටේ කිසිදු ඉන්ධන හිඟයක් ඇති නොවන බවත් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ මහතා පවසයි.

“විධිමත් සැලැස්මකට අනුව ආනයනය කරලා ඒ ඉන්ධන ගොඩබෑම ආරම්භ කරලා තියෙනවා. ගොඩබෑම ආරම්භ කරලා විතරක් නෙවෙයි අවශ්‍ය ඉන්ධන දිවයින පුරා බෙදාහැරීමේ කටයුතුත් මේ වෙනකොට ආරම්භ කරලා තියෙන්නෙ. ඉදිරි දින කිහිපය තුළ ඉන්ධන කිසිදු හිඟයක් නැහැ. රටට අවශ්‍ය ඉන්ධන ප්‍රමාණය අපි ආනයනය කරලා තියෙන්නෙ. දැනටමත් මුතුරාජවෙලින් ඉන්ධන අපි ලබාගත්ත ඩීසල් තොග ගොඩබෑම ආරම්භ වෙලා ක්‍රියාත්මක වෙලා තියෙනවා. ඊට අමතරව කොළඹ වරායට පැමිණි නැවකුත් ගොඩබෑමේ කටයුතු ආරම්භ කරනවා. ඩීසල් නැව් දෙකක් තමා දැනට අපි ගොඩබාන්නෙ. ඊට අමතරව අපට සඳුදා සහ අඟහරුවාදා දින වනවිටත් තවත් ඩීසල් තොගයක් ලැබෙනවා”

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ මහතා මේ බව පැවසුවේ ඊයේ (05) දිනයේදී මාධ්‍ය වෙත ප්‍රකාශයක් කරමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නදීශාට හොඳ අවස්ථාවක්

නිශ්මං රණසිංහ  සැප්තැම්බර් 14, කොළඹ LNW: ජපානයේ පැවත්වෙන ලෝක මලල ක්‍රීඩා සූරතාවලියේ...

අපහසු තරගය පහසුවෙන් ජය ගනියි

නිශ්මං රණසිංහ  සැප්තැම්බර් 14, කොළඹ LNW: අභියෝග ඉදිරියේ ශ්‍රී ලංකාව කෙතරම් ශක්තිමත්...

ඇමෙරිකාව දිනුවාට යුරෝපයේ ශක්තිය පෙන්නූ තරගයක්

නිශ්මං රණසිංහ  සැප්තැම්බර් 14, කොළඹ LNW: ජපානයේ පැවත්වෙන ලෝක මලල ක්‍රීඩා සූරතාවලියේ...