බෝගොල්ලාගම බ්‍රිතාන්‍ය කොන්සර්වේටිව් මන්ත්‍රී රනිල් ජයවර්ධන හමුවෙයි.

Date:

අශෝක ජයතුංග

ජනවාරි 17 වොෂින්ටන් LNW : බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් රෝහිත බෝගොල්ලාගම මහතා කොන්සර්වෙිටිව් මන්ත්‍රී රනිල් ජයවර්ධන මහතා 2024 ජනවාරි 10 වැනි දින පාර්ලිමේන්තුවේ දී හමුවූහ.  මහ කොමසාරිස්වරයා සහ  මන්ත්‍රීවරයා අතර හමුවේ දී සමකාලීන ජාත්‍යන්තර සබඳතා, ව්‍යවස්ථාමය ප්‍රතිසංස්කරණ, ඩයස්පෝරා කටයුතු සහ ශ්‍රී ලංකාවේ ප්‍රතිසන්ධාන ක්‍රියාවලිය ඇතුළත් අන්‍යෝන්‍ය වශයෙන් උනන්දුවක් දක්වන මාතෘකා රැසක් ගැන සාකච්ඡා කළහ.

 වෙනස්වන දේශපාලන පරිසරය තුළ ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විකාශනය සහ බලය බෙදා හැරීමේ ප්‍රවේශයන් පිළිබඳව මහ කොමසාරිස්වරයා  මන්ත්‍රී ජයවර්ධන මහතාට කරුණු දැක්වීය.  ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන සහ ආණ්ඩුකරණය පිළිබඳව ද දෙදෙනා දීර්ඝ ලෙස සාකච්ඡා කළහ.

 එක්සත් රාජධානිය සහ ශ්‍රී ලංකා සබඳතා පිළිබඳව අදහස් දක්වමින් ජයවර්ධන මන්ත්‍රීවරයා, ගැටුමෙන් පසු වහාම ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් එක්සත් රාජධානියේ රජයේ ස්ථාවරය වෙනස් කිරීම පිළිබඳව කතා කළේය.  “බොහෝ දේවල් වෙනස් වී ඇත” ඔහු තවදුරටත් පැවසීය.  උතුරු නැගෙනහිර ප්‍රදේශය නැවත ගොඩනැගීමේ දී ශ්‍රී ලංකා රජයේ ඵලදායී ප්‍රවේශය පිළිගන්නා අතරම, එක්සත් රාජධානියේ සිටින ශ්‍රී ලාංකික ඩයස්පෝරාව ශ්‍රී ලංකාවේ සංවර්ධනය සඳහා අත්‍යවශ්‍ය බලවේගයක් බවට පත්විය හැකි බව ඔහු තර්ක කළේය.

 එක්සත් රාජධානිය – ශ්‍රී ලංකා ආර්ථික සබඳතා ශක්තිමත් කිරීම, ශ්‍රී ලංකාවේ පිරිසිදු බලශක්තිය ව්‍යාප්ත කිරීමට සහය වීම සහ රටවල් දෙකක් අතර ගුවන් සම්බන්ධතාව ඉහළ නැංවීම පිළිබඳව ද ඔවුන් අදහස් හුවමාරු කර ගත්හ.

 රනිල් ජයවර්ධන 2020 මැයි සිට 2022 සැප්තැම්බර් දක්වා ජාත්‍යන්තර වෙළඳාම සඳහා පාර්ලිමේන්තු උප ලේකම් ( උප ඇමති) ලෙසත්, සැප්තැම්බර් 6 සිට ඔක්තෝබර් 25, 2022 දක්වා පරිසර, ආහාර සහ ග්‍රාමීය කටයුතු පිළිබඳ රාජ්‍ය ලේකම් (කැබිනට් ඇමති) ලෙසත් සේවය කළේය

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

යුරෝපීය රටවල විවිධාකාර සංස්කෘතීන් මධ්‍යයේ ගලා යන ගංගා රැජිණිය “ඩැනියුබ්”!

සටහන – පුලී දෙසැම්බර් 10, කොළඹ (LNW): ඩැනියුබ් ගඟ යුරෝපයේ...

ආපදා සහන ලබා ගන්නේ කොහොමද?

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: ආපදා සහන කටයුතු වෙනුවෙන් අවශ්‍ය විශේෂ...

නව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු දිවුරුම් දෙයි!

අද (10) පෙරවරුවේ, අභියාචනාධිකරණ විනිසුරු කේ. එම්. ගිහාන් හිමාන්ශු...