ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් මාලදිවයිනට හා ශ්‍රී ලංකාවට ප්‍රශංසා!

Date:

සටහන – රෂිකා හෙන්නායක

ජනවාරි 18 කොළඹ (LNW): මාලදිවයිනට හා ශ්‍රී ලංකාවට ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රශංසාව හිමි ව තිබේ.

ඒ මාලදිවයින සහ ශ්‍රී ලංකාව ‘හෙපටයිටිස් බී’ රෝගය පාලනය කර ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) නිවේදනය කිරීමත් සමඟයි.

මෙම ප්‍රකාශය සිදු කර ඇත්තේ හෙපටයිටිස් බී එන්නත් මාත්‍රාව සම්බන්ධයෙන් දෙරට තුළ නිරන්තරයෙන් ඉහළ ආවරණයක් ඇති බව විශේෂඥ මණ්ඩලයක් විසින් තහවුරු කිරීමෙන් පසුවයි.

දෙරට ළදරුවන් සඳහා ‘හෙපටයිටිස් බී‘ එන්නත් මාත්‍රාව නිරන්තරයෙන් ඉහළ ආවරණයක් ලබාගෙන ඇති බවත්, මාරාන්තික රෝගයේ අඩු ව්‍යාප්තියක් ඇති බවත් එහිදී තහවුරු වී ඇත.

වසර 2019දී බංගලාදේශය, භූතානය, නේපාලය හා තායිලන්තය යන දකුණු හා නැගෙනහිර ආසියානු රටවල් ද ‘හෙපටයිටිස් බී’ රෝගය පාලනය කිරීමට සමත් වීඇති බවද සඳහන් වේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත👇👇

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දිට්වා ආපදාවෙන් උන්හිටි තැන් අහිමි වූ කඳුකර ජනතාව ඉන්න තැනක් ඉල්ලා කොළඹට එයි! (PHOTOS)

කොළඹ LNW: දිට්වා සුළි කුණාටුවෙන් ඇති වූ ආපදා තත්ත්වය...

රනිල්ගේ ලන්ඩන් නඩුව: අධිකරණයේ සිදුවූ දේ!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට අදාළ විමර්ශන...

සති 11 ගෙවෙද්දි සීආර් ඉදිරියෙන් වුණාට කිරුළේ හිමිකාරිත්වය තවමත් විවෘතයි

නිශ්මං රණසිංහ ජනවාරි 28, කොළඹ LNW: මැලිබන් ජාතික රග්බි ලීග්...

රනිල් කොටුව අධිකරණයට!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:රුපියල් ලක්ෂ 166ක මහජන දේපල අවභාවිතා කිරීමේ...