ඉන්දියාවේ සරිගමප හපනිය ලංකාවේ දෙමළ භාෂා ජාතික නාලිකාවෙන් හරසර

Date:

සටහන – නිශ්මං රණසිංහ

ජනවාරි 18 කොළඹ (LNW): ඉන්දියාවේ Zeeதமிழ் නාලිකාවේ සරිගමප රියැලිටි තරගයෙන් ප්‍රථම ස්ථානය දිනූ ශ්‍රී ලාංකේය දියණියක වන කිල්මිෂා වෙනුවෙන් විශේෂ ඇගයුම් වැඩසටහනක් කරන්නට ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව සහ විශේෂයෙන්ම එහි ජාතික දෙමළ භාෂා රූපවාහිනි නාලිකාව වන නේත්‍රා නාලිකාව තෛපොංගල් දිනයේදී පියවර ගත්තා. නේත්‍රා නාලිකා ප්‍රධානි ජනප්‍රිය ගීත රචකයෙකු මෙන්ම දෙමළ සහ සිංහල මාධ්‍ය දෙකෙන්ම සාහිත්‍ය නිර්මාණකරයේදී දායකවන නිලාර් එන්.කාසීම් මෙම කාර්යයට මූලික වී තිබුණා.

තවමත් 9 වන ශ්‍රේණියේ සිසුවියක් වන යාපනයේ උපන් කිල්මිෂා උදයසීලන්ගේ හඬත් ගායන ශක්‍යතාවත් වයසට වඩා බෙහෙවින් පරිපාකයට පත්ව තිබෙනවා.ඇය විසින් රටේ දෙමළ මාධ්‍ය හසුරුවන ජාතික නාලිකාව තෛපොංගල් උත්සව දිනයේ ඇය වෙනුවෙන් කරන ලද ආදරණිය පිළිගැනීම සහ ඒ වෙනුවෙන් විවිධ අනුග්‍රාහකත්වයන් හරහා සහභාගි වීමට මෙන්ම විවේකීව සහභාගී වීමට අවශ්‍යය නවාතැන් පහසුකම් පවා නේත්‍රා විසින් සම්බන්ධිකරණය කර තිබීම ගැන බෙහෙවින් උද්දාමයට පත්ව සිටියා.

විශේෂයෙන්ම ජාතීන් ලෙස වෙන්ව වැඩ කරන සහ ඊට අනුබල දෙන සංස්කෘතියක බලපෑම ද තවමත් විශ්වාස කරන්නන්ද සහිත රටක එකම වහලක් යට සිංහල සහ දෙමළ ජාතික නාලිකාවන් පැවතීම මෙන්ම,එම නාලිකා දෙකටම සම්බන්ධ සේවක ප්‍රජාව සහෝදරත්වයෙන් සහ මාතෘත්වය සහ පීතෘත්වය විඳහා පෙන්වමින් තමන්ට පෑ සෙනෙහස ද කිල්මිෂාව අමන්දානන්දයට පත් කරන සුළු එකක් වූවා.විශේෂයෙන්ම සිංහල බස හැසිරවීමට අතිශයින් දුර්වල වුව ද,ලංකාවේ සංගීතය භාෂාවෙන් වෙන් නොකරගෙන විඳින්නට ඇය තුළ කැමත්තක් ඇති බව දැණුනේ ටික්කි ටිකිරි ටිකිරිලියා ගීතයද ඇයගේ මධුර හඊින් ගායනා කරන්නට ඉදිරිපත් වූ නිසයි.

නේත්‍රා සජීවී තෛපොංගල් වැඩ සටහනට ද දායක වූ කිල්මිශාට විශේෂ සමරු සම්මාන වගේම කොළඹ සිංහ සමාජයක් මෙන්ම තවත් සංවිධාන සහ ආයතන ද එක්ව යම් යම් වටිනා ප්‍රදානයන් සිඳු කරන්නට ද පියවර ගත්තා.ඉතාම සුහදශිලීව සහ දයාබරව ළමාකමේ අනන්‍යතාවය ද සුරැක ආදරයෙන් ගත කරපු ඒ කාලය ගැන තෘපතිමත් වගේම මේ වන විට තමන් ජයග්‍රහණය කළ වැඩ සටහන වූ
Zeeதமிழ் නාලිකාවේ රියැලිටි වැඩ සටහන වූ සරිගමප වැඩ සටහනේ ජයග්‍රහණය සමඟ එම රූපවාහිනි ආයතනය සමඟ ඇති ගිවිසුම් නිමාවීමෙන් පසුව නේත්‍රා රූපවාහිනි වැඩ සටහන් සමඟද එක්වීමට ඇය ආශා කරන බව පැවසුවා.

හින්දු සංස්තෘතියට අනුව එම වාද්‍ය භාණ්ඩවල වැයුම් ද,නර්තන ද සපිරි උත්සවශ්‍රීයෙන් අලංකාර වූ සුවිශාල නොවුණ ද,සාඩම්බර පිළිගැනීමක් දීම සම්බන්ධයෙන් ඇය විමතියට පත් වූවා මෙන්ම ඒ කෙරෙහි වූ මහත් ආශාවකින් පිබීදී සිටියා.නේත්‍රා සහ ජාතික රූපවාහිනි ජාතික නාලිකාවල ඉහළ සිට පහළ දක්වා සියලු දෙනාගේ ආශිර්වාදය සහ කැපවීම කිල්මිශාගේ පිළිගැනීමට මෙන්ම තෛපොංගල් උත්සවයේ සාර්ථකත්වයට බෙහෙවින් බලපා තිබුණා.මේ අවස්ථාවට එක් වූ විශේෂ ආරාධිතයන් අතර කිල්මිශාගේ ආදරණීය දෙමව්පියන් මෙන්ම ශ්‍රී ලංකේය කලා කේෂ්ත්‍රයට දෙමළ බසින් සම්බන්ධ වී සිටින කලාකරුවන් ද දකින්නට ලැබුණා.

මේ සමඟ දැක්වෙන්නේ, ඊයේ පැවති නේත්‍රා TV තෛපොංගල් උළෙලේ මතක සටහන් කිහිපයකි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලෝක රුධිර පරිත්‍යාගශීලීන්ගේ දිනය අදයි !

2004 වසරේ සිට ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ලෝක රුධිර...

“සීනි බදු වංචාව” : කිසිදු අපරාධමය වරදක් නෑ. නඩුව අවසන් !

2020 වසරේ ඔක්තෝබර් මාසයේදී සීනි සඳහා පනවා තිබූ රුපියල්...

අද (14) දවසේ මි.මී. 100 තද වැසි ඇතිවන ප්‍රදේශ මෙන්න !

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජුනි 14) දිනයේදී බස්නාහිර, සබරගමුව,...

ඉරානයෙන් ඊශ්‍රායලයට බැලස්ටික් මිසයිල ප්‍රහාර මාලාවක් ! (VIDEO)

ඉරානය විසින් ඊශ්‍රායලයේ ජෙරුසලම් අගනුවරට සහ ටෙල් අවීව් නගරයට...