2024 පළමු දින 15 තුළ සංචාරකයින් 101,362ක් මෙරටට!

Date:

සටහන – රෂිකා හෙන්නායක

ජනවාරි 18 කොළඹ (LNW): ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය (SLTDA) විසින් නිකුත් කරන ලද නවතම සංඛ්‍යාලේඛනවලට අනුව 2024 පළමු දින 15 තුළ සංචාරකයින් 100,000 කට අධික පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණ ඇති බව වාර්තා වේ,

අඟහරුවාදා (16) දින නිකුත් කරන ලද සංචාරකයින්ගේ පැමිණීම් පිළිබඳ සතිපතා වාර්තාවෙන් පෙන්වා දෙන්නේ ඉහත කාල සීමාව තුළ සංචරක පැමිණීම් 101,362 ක් ලෙසයි.

එය 2023 වසරට සාපේක්ෂව සියයට 114 ක වැඩිවීමකි.

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ තොරතුරු වලට අනුව 2023 ජනවාරි මාසයේදී ශ්‍රී ලංකාවට පැමිණ ඇත්තේ විදෙස් සංචාරකයින් 102,545 ක් පමණි.

සතිපතා සංචාරක පැමිණීමේ සාමාන්‍යය 46,000 ක් පමණ වන අතර විදෙස් සංචාරකයින්ගේ දෛනික පැමිණීමේ සාමාන්‍යය 6,700 ක් පමණ වන බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.

මෙම සංචාරක පැමිණීමේ වැඩිවීම පිළිබඳව දේශීය මාධ්‍ය වෙත අදහස් දක්වමින් ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු කියා සිටියේ, සංචාරක ආදායමේ ද සැලකිය යුතු වර්ධනයක් ඇති වී ඇති බවත්, මෙයට ප්‍රධාන වශයෙන් කොළඹ නගරයේ හෝටල් සඳහා නැවත පැනවූ අවම කාමර ගාස්තුව හේතු වූ බවද පැවසීය.

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය දක්වන දත්ත වලට අනුව, 2023 දී ශ්‍රී ලංකාවට සංචාරකයින් 1,487,303 ක් පැමිණ ඇති අතර එය 2022 ට සාපේක්ෂව සියයට 106.6 ක වැඩිවීමකි.

2022 වසරේ මුළු වසර සඳහාම ශ්‍රී ලංකාවට සංචාරකයින් 719,978ක් පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය දත්ත පෙන්වා දෙයි.

සංචාරක ව්‍යාපාරය යනු රටේ ඉහළම විදේශ ආදායම් උත්පාදන ආයතනයකි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත👇👇

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලෝකයේ හොඳම මලල ක්‍රීඩා පරිපාලනයට රටවල් හයක තරගයක්

නිශ්මං රණසිංහ නොවැම්බර් 19, කොළඹ LNW: ලෝක මලල ක්‍රීඩා සම්මාන...

ඔබ ඒ සිහින අරගන්න, ක්ෂමාවේ ශාන්තිය මට දෙන්න ….

ඔබ මේ ලිපිය කියවිය යුත්තේතව වසර විස්සකට පසුවයි.ඔබ එවූ...

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ නිත්‍ය සාමාජික රටක් වීමට ජපානයට කිසිදු සුදුසුකමක් නැහැ – චීනය

කොළඹ LNW:එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ නිත්‍ය සාමාජික රටක් බවට...

සියළුම අවලාදයන්ට ප්‍රතිචාර 21 දා නුගේගොඩ රැලියේදී ලැබෙයි – නාමල්

රෂිකා හෙන්නායක නොවැම්බර් 19, කොළඹ LNW : මාධ්‍ය විසින් කළ...