” ගත සිත පිසහමන සුවදායි සිසිල් සුළඟ මහින්ද චින්තනයයි” – සනත් නිශාන්ත

Date:

සටහන – රෂිකා හෙන්නායක

ජනවාරි 20 කොළඹ (LNW): ආරච්චිකට්ටුව සතිපොළ භූමියේ පොදුජන පෙරමුණේ පුත්තලම් දිස්ත්‍රික් ග්‍රාම සේවා වසම් 548 ක ග්‍රාමීය නායකයන් සමග පැවැති සමුළුවකදී ජල සම්පාදන රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත පවසා සිටියේ, මහින්ද රාජපක්ෂයන් මේ රටේ ජනාධිපති ලෙස සිටියානම්, රට තුළ අරගලයක් තබා අරගලය කියන නමවත් කරළියට නොඑන බවයි.

ජනතාවගේ දේශපාලන නාඩියේ ගැස්මේ රාවය මහින්ද චින්තනයයි.

එය ගත සිත පිසහමන සුවදායි සිසිල් සුළඟක් වගෙයි. නමුත් කණගාටුවට කරුණ, මේ මොහොත තුළ එම සිසිල් සුළඟ හමන්නේ උණුසුම් ලෙසයි. නැවත එය සුවදායි කිරීමට නම්, මහින්ද චින්තනය රට තුළ යළි ගොඩනැගිය යුතුයි.

මේ එයට කාලයයි.

ඒ සඳහා පෙළගැසෙන ගමනේ ඇරඹුම මෙයයි.” ලෙස සනත් නිශාන්ත මහතා කියා සිටියේය.

සමුළුව ඇමතූ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ කතා කරමින් කීවේ,

ජනතාවගේ බෙල්ලට වැටී තිබූ තොණ්ඩුව මහින්ද රාජපක්ෂයන් ඉවත් කළත්, ලෝක බලවතුන් එකතුව අරගලයක් නිර්මාණය කරමින් මහින්ද රාජපක්ෂ රජය පෙරළා දමා, ජනජීවිත අවුල් කරමින් අගාධයටම ඇද දැමූ බවයි.

ලෝක බලවතුන්ට තමන්ගේ බලලෝභී දේශපාලන සහ බල වර්ධනය සඳහා මෙරට අතිශයින්ම වැදගත්වන හෙයින් ඒ සඳහා ක්‍රියාත්මක වූ බව පෙන්වා දුන් නාමල් රාජපක්ෂයන්, එය හමුවේ රටත්, ජනතාවත් වැලේ වැල් නැතුව දුක්විඳින බවත්, එයින් රට බේරා, බිඳදැමූ රට ගොඩනැගීම ට මෙම ගමන ඇරඹූ බවත්, මහින්ද රාජපක්ෂයන් එහි නායකත්වය ගෙන ඇති බවත් මහින්ද රාජපක්ෂයන්ගේ නායකත්වය යටතේ එම සටන දිනන බවත් කියා සිටියා”

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

චීනයේ ගංවතුර පාලනය හා ආපදා සහන කටයුතු සම්බන්ධයෙන් එරට ජනපතිගෙන් උපදෙස්!

කොළඹ LNW:මේ දිනවල නැගෙනහිර, උතුරු සහ ඊසාන දිග චීනයේ...

ඔක්කම්පිටිය පොලීසියේ OIC අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල ඔක්කම්පිටිය පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයාව අල්ලස් හෝ...

හිටපු ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි රිමාන්ඩ් !

සටහන - රුවන් නෙළුගොල්ල පාතාල නායකයකු වන කෙහෙල්බද්දර පද්මේ නමැත්තා...

Tasty Tuesday: Pasta ඩිෂ් එකක් හොය හොය හිටිය අයට! Creamy Garlic Parmesan Pasta!

සෑම අඟහරුවාදා දිනකම “Tasty Tuesdays” තුළින් ඔබට ආහාර පාන,...