නේපාල අග්‍රාමාත්‍යවරයා සහ ජනපති රනිල් අතර හමුවක්!

Date:

සටහන – රෂිකා හෙන්නායක

ජනවාරි 21 කොළඹ (LNW): නේපාල අග්‍රාමාත්‍ය පුෂ්ප කමල් දහාල් (Pushpa Kamal Dahal) මහතා සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර නිල හමුව නොබැඳි ජාතීන්ගේ සමුළුවට සමගාමීව ඊයේ  (20) උගන්ඩාවේ කම්පාලා නුවරදී සිදු විය.

අතීතයේ සිට පැවතෙන දෙරට අතර සංස්කෘතික සහ ආගමික සබඳතා තවදුරටත් වර්ධනය කර ගැනීම පිළිබඳ මෙහිදී නායකයන් දීර්ඝ ලෙස සාකච්ඡා කළ අතර එය දෙරට අතර සංචාරක ව්‍යාපාරයේ ප්‍රවර්ධනයට ඉවහල් වනු ඇති බවද අවධාරණය කෙරිණි.

එමෙන්ම, දෙරට අතර දේශපාලන අන්තර් සබඳතා තවදුරටත් පුළුල් කිරීමේ අරමුණින් අන්තර් හුවමාරු වැඩසටහනක් හරහා දෙරටේ පාර්ලිමේන්තු කටයුතු අධ්‍යයනය කිරීමට මන්ත්‍රීවරුන්ට අවස්ථාව සලසා දීමට ද යෝජනා විය.

මේ අතර ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයශංකර් මහතාද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු වී සාකච්ඡාවක නිරත විය.

“කම්පාලා නුවර පැවැත්වෙන නොබැඳි ජාතීන්ගේ සමුළුවට සහභාගී වන අතරතුර ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවීමට ලැබීම සතුටක්. ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික මුලපිරීම් ඉදිරියට ගෙන යාම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අඛණ්ඩ මග පෙන්වීම අගය කරනවා. ඉන්දියාවේ කැපවීම අපගේ අසල්වැසියා පළමු කොට සැලකීම සහ “සාගර්” ප්‍රතිපත්තිය මගින් පිළිබිඹු වේ”

මෙම හමුව පිළිබඳ ඉන්දිය විදේශ කටයුතු අමාත්‍යවරයා ට්විටර් පණිවුඩයක් තබමින් මෙසේ සඳහන් කර තිබිණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

තේරුම් කමිටුව නිර්භිත විය යුතු සහ හෘද සාක්ෂියට අවංක විය යුතු මොහොතක්

නිශ්මං රණසිංහ අගෝස්තු 18, කොළඹ LNW: සිම්බාබ්වේ යන්නෙ බංගලින්ගෙන් කාලාශ්‍රී ලංකාව...

කුමාර ජයකොඩි ඇමතිවරයා සම්බන්ධයෙන් ආණ්ඩුව ගන්න ක්‍රියාමාර්ගය මොකක් ද? – පුබුදු ජයගොඩ

රටේ වත්මන් දේශපානලන තත්වය සම්බන්ධයෙන් අදහස් දැක්වීම සඳහා පෙරටුගාමී...

රාජිතගෙන් මෝසමක්!

කොළඹ LNW:අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින්...

රතන හිමිට එරෙහිව වරෙන්තු!

කොළඹ LNW:පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ට එරෙහිව අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු...