ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙකු හදිසියේම මිය යයි!

Date:

සටහන – රෂිකා හෙන්නායක

ජනවාරි 23 කොළඹ (LNW): පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ භෝග විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙකු ලෙස සේවය කළ ආචාර්ය බී.එල්. පීරිස් මහතා හදිසියේම ඊයේ (22) මියගොස් ඇත.

ඖෂධ අධි මාත්‍රාවක් පානය කිරීම නිසා අසාධ්‍ය තත්ත්වයෙන් පේරාදෙණිය ශික්ෂණ රෝහලට ඇතුළත් කළ පසු මෙසේ ජීවිතක්ෂයට පත් වූ බව වාර්තා වේ.

කෘෂිකර්ම පීඨයට අයත් නිල නි‍වෙසක බිරිඳ සමඟ පදිංචිව සිට ඇති ආචාර්යවරයා ඊයේ (22) අලුයම 1.00ට පමණ අසාධ්‍ය තත්ත්වයෙන් රෝහල් ගතකර තිබේ.

ඒ මහතා මිය යනවිට 60 වන වියේ පසුවී ඇත,

මහාචාර්යවරයාගේ බිරිඳ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ප්‍රධාන පුස්තකාලයේ සේවය කරන අතර මරණය සම්බන්ධයෙන් පේරාදෙණිය පොලිසිය පරීක්ෂණ පවත්වන අතර, මරණයට හේතුව සම්බන්ධයෙන් ස්ථිර ප්‍රකාශයක් කළ හැකි වන්නේ පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීමෙන් පසුව බව පොලිසිය කියා සිටී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සිසු සැරිය සඳහා රජයෙන් ලබා දෙන ගාස්තුව ඉහළ නැංවීමේ සැලසුම්!.

කොළඹ LNW:පාසල් දරු දැරියන් ප්‍රවාහනය කරන සිසු සැරිය පාසල්...

මහරගම අපේක්ෂා රෝහලට රු. මි. 600 ක වටිනාකමකින් යුත් පස්මහල් ළමා වාට්ටු සංකීර්ණයක්!

රෂිකා හෙන්නායක ජූනි 03, කොළඹ LNW රෝහල්වල ඉදිකිරීම් දීර්ඝ කාලීනව...

දරුවන්ට අහිතකර ප්ලාස්ටික් නිෂ්පාදන ගැන රජය දැඩි තීන්දුවක!

කොළඹ LNW:ඉදිරි මාස දෙකක කාලය ඇතුළතදී දරුවන්ගේ සෞඛ්‍යයට අහිතකර...