ඊශ්‍රායල පාර්ලිමේන්තුවට පිරිසක් කඩාවැදී විරෝධතාවක්!

Date:

සටහන – රෂිකා හෙන්නායක

ජනවාරි 23 කොළඹ (LNW): ඊශ්‍රායල පාර්ලිමේන්තුවේ කමිටු රැස්වීමකට හමාස් භාරයේ රඳවාගෙන සිටින ප්‍රාණ ඇපකරුවන්ගේ ඥාතීන් පිරිසක් කඩාවැදී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ, ඊශ්‍රායල පාර්ලිමේන්තුවේ කමිටු රැස්වීමකට කඩාවැදුනු මෙම පිරිස එම ස්ථානයේ විරෝධතාවයක නිරත වූ බවයි .

හමාස් සංවිධානය ප්‍රාණ ඇපකරුවන් ලෙස රදවාගෙන සිටින පිරිස මුදා ගැනීමට රජය නිසි පියවර නොගන්නා බවට ඔවුන් චෝදනා කර සිටී.

විරෝධතාකරුවන් පෙන්වා දුන්නේ, ඊශ්‍රායලය එල්ල කරන ගුවන් ප්‍රහාර හේතුවෙන් ඔවුන් ජීවිතක්ෂයට පත්වීමේ හැකියාවක් පවතින බවයි.

එබැවින් ප්‍රාණ ඇපකරුවන් නිදහස් කර ගැනීමට අවශ්‍ය නිසි පියවර ගන්නා ලෙස කමිටු රැස්වීමට සහභාගි වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ඔවුන් බලකර සිටිති.

මේ අතර හමාස් සංවිධානය ඉදිරිපත් කළ සටන් විරාම කොන්දේසි වලට කිසිදු ලෙසකින් තමා එකග නොවන බව ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු අද නිවේදනය කළ බවද එරට මාධ්‍ය වාර්තා කරයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ප්‍රථම වරට මහරගම අපේක්ෂා රෝහලෙන් ආරම්භ වූ ආහාර දෙපාර්තුමේන්තුව!

රෝගියාට ම වෙන් වු බත්,මාළු පිණි වෙන් වෙන් වශයෙන් තැන්පත් කළ...

වසරක් තුළ තොග පිටින් ආ මත්ද්‍රව්‍ය!

රෂිකා හෙන්නායක ජනවාරි 07, කොළඹ LNW : 2025 වසරේ ජනවාරි...

පොළොන්නරුව සෝමාවතිය සුංගාවිල ප්‍රධාන මාර්ගය සම්පූර්ණයෙන්ම වසා දමයි!

රෂිකා හෙන්නායක ජනවාරි 07, කොළඹ LNW : පොළොන්නරුවට ඇදහැලෙන අධික...