වන සංරක්ෂණ අමාත්‍යාංශය යටතේ ඇති ඉඩම් ගැන තීරණයක්!

Date:

සටහන – රෂිකා හෙන්නායක

ජනවාරි 23 කොළඹ (LNW): මන්නාරම සහ වව්නියාව යන දිස්ත්‍රික්කවල කෘෂිකාර්මික අංශය දියුණු කිරීම සඳහා මේ වන විටත් වැව් 61ක ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කර තිබෙන බව ග්‍රාමීය ආර්ථික රාජ්‍ය අමාත්‍ය කේ. කාදර් මස්තාන් මහතා පවසයි.

තවද, වන සංරක්ෂණ අමාත්‍යාංශය යටතේ ඇති ඉඩම් යළි කෘෂිකර්මාන්තයට සහ සංචාරක ව්‍යාපාරය සඳහා මුදා හැරීම සදහා වන සාකච්ඡා මේ වන විට ආරම්භ කර තිබෙන බවයි.

ඒ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක් වූ කේ. කාදර් මස්තාන් මහතා,

” සැබවින්ම අප හිතුවේ මේ රටේ ආර්ථිකය යළි ගොඩනැගීමට බොහෝ කාලයක් ගතවනු ඇති බවයි. නමුත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැටී තිබූ ආර්ථිකය ඉතා ඉක්මනින් යළි ස්ථාවර මට්ටමකට ගෙන ආවා. ඒ පිළිබදව ජනාධිපතිවරයාට ස්තුතිවන්ත විය යුතුයි.

ඒ වගේම උතුරු, නැඟෙනහිර සහ මධ්‍යම යන පළාත් ආශ්‍රිතව ග්‍රාමීය ආර්ථිකය නැංවීම වෙනුවෙන් ව්‍යාපෘති ගණනාවක් ක්‍රියාත්මක කිරීමට මූල්‍ය ප්‍රතිපාදන වෙන් කර තිබෙනවා. පසුගිය වසරේ ග්‍රාමීය ආර්ථික අමාත්‍යාංශය හරහා ජනතාවගේ ජීවනෝපාය වැඩිදියුණු කිරීමේ වැඩසටහන් ද රාශියක් දියත් කළා. එළුවන් ලබාදීම, මුං වගාව සඳහා අත්‍යවශ්‍ය බීජ ලබාදීම වැනි වැඩසටහන් ඒ අතර විශේෂයි.

මේ අනුව අප අමාත්‍යාංශයට ලබාදුන් මුල්‍ය ප්‍රතිපාදනවලින් 98%ක් පමණ මෙම වැඩසටහන් සදහා යෙදවීමට කටයුතු කර තිබෙනවා. එහි ප්‍රතිලාභ මේ වන විට ජනතාව භුක්ති විදිමින් සිටිනවා.

විශේෂයෙන්ම මන්නාරම දිස්ත්‍රික්කය සැලකුවහොත් එය මේ වසරේ මෙට්‍රික් ටොන් 1050ක් පමණ මුං අස්වැන්නක් ලබාගනිමින් විශාල ප්‍රගතියක් අත්කරගෙන තිබෙනවා. එළු පාලනය ආශ්‍රිතව ද විශාල දියුණුවක් ඇති වෙලා තිබෙනවා.
ඒ වගේම විදේශ ආධාර මත විවිධ සංවර්ධන ව්‍යාපෘති කිහිපයක්ම දියත් කර තිබෙනවා. කෘෂිකාර්මික අංශයේ දියුණුව සඳහා අත්‍යාවශ්‍ය වැව් ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය ඒ අතර විශේෂයි. මේ යටතේ මන්නාරම දිස්ත්‍රික්කයේ වැව් 30ක් සහ වවුනියාව දිස්ත්‍රික්කයේ වැව් 31ක් ද ප්‍රතිසංස්කරණය කෙරෙමින් පවතිනවා.

කෘෂිකර්ම අමාත්‍යාංශය හරහා විවිධ වැඩසටහන් ඉදිරියට ගෙන යමින් ආහාර හිඟය, මන්දපෝෂණය වැනි ඌනතා මඟහරවා ගැනීම ද රජයේ ප්‍රමුඛ ඉලක්කය වි තිබෙනවා.
ඒ වගේම වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ ඇති ඉඩම් යළි කෘෂිකර්මාන්තයට සහ සංචාරක ව්‍යාපාරය සඳහා මුදා හැරීම සඳහා වන සාකච්ඡා මේ වන විට ආරම්භ කර තිබෙනවා”

ග්‍රාමීය ආර්ථික රාජ්‍ය අමාත්‍ය කේ. කාදර් මස්තාන් මහතා මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (23) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්දියාවේ අසාම් ප්‍රාන්ත මහඇමතිවරයාගේ ආන්දෝලනාත්මක AI වීඩියෝවක් එළියට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දියාවේ අසාම් ප්‍රාන්තයේ මහඇමතිවරයා මුස්ලිම්...

Super Bowl halftime performance වලින් පස්සේ Bad Bunny ගේ විපර්යාසය! ට්‍රම්ප්ගෙනුත් සැර ප්‍රකාශයක්!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/3D3OJCqM0NQ සටහන – පුලී පෙබරවාරි...

මධ්‍යධරණී මුහුදේ සංක්‍රමණික බෝට්ටුවක් පෙරලීමෙන් 53 දෙනෙකු අතුරුදන්

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 09, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ලිබියානු වෙරළට ඔබ්බෙන්...

රුසියාවෙන් යුක්රේනයට මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර මාලාවක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේනයට එල්ල වූ...