සටහන – නිශ්මං රණසිංහ
ජනවාරි 23 කොළඹ (LNW): ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් යෝජනා කරන ලද විශේෂඥයන්ගෙන් යුත් කමිටුවක නිර්දේශය මත පත් කරන්නට යෙදුණ ලෝක කාන්තා විස්සයි විස්ස කණ්ඩායමේ නායකත්වය චමරි අතපතුතුට පැවරී ඇත.ඉකුත් වසරේ ජගත් තලයේ විස්සයි විස්ස ක්‍රීඩිකාවන් අතර සිටි සාර්ථකම ක්‍රීඩිකාව වූ චමරි,ඉන්දියාවේ කාන්තා ක්‍රිකට් ලීග් තරගාවලියෙන් හැරෙන්නට, වෙනත් රටවල ක්‍රීකට් ලීග් තරගවලදී ඉහළින්ම පිළිගත් ක්‍රීඩිකාවක ලෙස කැපී පෙණුනාය.
චමරිගේ එම දස්කම නිසා ඇය ලෝක කණ්ඩායමට නායකත්වය දීමට එකඟ වී ඇති අතර ඇයව සිය විස්සයි විස්ස ලීග් තරගවලට නුසුදුුසු බව ලෝකයට පෙන්වා දුන් ඉන්දියාවෙන් ද එක ක්‍රීඩිකාවක් පමණක් චමරි යටතේ ක්‍රීඩා කරන කණ්ඩායමට නම් කර ඇත.ඒ දීප්ති ෂර්මාය.
සම්පූර්ණ ලෝක ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය අමතරව පන්දුවට පහර දීම ආරම්භ කිරීම සඳහා ද චමරිව නම් කර ඇත.බෙත් මුනී ඇයට ආරම්භයෙන් සහයවීමට මෙන්ම කඩුලු රැකීමට ද නම් කර ඇත.ලෝරා වොල්වාර්ඩ්ට්,හේලි මැතිව්ස්,නැට් ස්කිවර් බ්‍රන්ට්,ඇමෙලියා කෙර්,එලිසි පෙරී,ඇෂ් ගාඩ්නර්,සොෆ් එක්ලෙස්ටෝන් සහ මේගන් ස්චූට් චමරිගේ නායකත්වය යටතේ පෙළ ගැසනෙ සෙසු ක්රීඩිතාවෝ වෙති.
මේ අතර ලෝක ටෙස්ට් පිරිමි කණ්ඩායම නම් කිරීමේදී ද ආරම්භය සඳහා සුදුස්සෙක් හැටියට හිටපු ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න නම් කර තිබේ.ඔහු සමඟ ඉණිම ආරම්භ කිරීම සඳහා සහයකයා ලෙස නම් කර තිබෙන්නේ ඕස්ට්‍රේලියාවේ උස්මාන් කවාජා ය.
ලෝක ටේස්ට් සූරතාවය උසුලන ඕස්ට්‍රේලියාවේ බහුතර නියෝජනයක් දකින්නට තිබෙන ලෝක ටෙස්ට් කණ්ඩායමේ නායකත්වයද ඔස්ට්‍රේලියානු නායක පැට් කමින්ස් වෙත පවරා දී ඇත.ට්‍රේවිස් හෙඩ්,ඇලෙක්ස් කැරී සහ මිචෙල් ක්ලාක් ද ඇතුළත් එම කණ්ඩායමට කේන් විලියම්සන්,ජෝ රූටි සහ ස්ටුවර්ඩ් බෝඩ් ද ඇතුළත්ය.ඕසට්‍රේලියාවේ බහුතරයක් පෙනෙන්නට හිටියත් දඟ පන්දු යවන්නෙක් ලොස ලෝකයේ විශාල අවධානයක් දිනා ගත් නේදන් ලයන් මේ කණ්ඩායමට ඇතුළත් කර නැත. දඟ පන්දු යවන්නන් දෙදෙනෙක් කැඳවා ඇති අතර එම අවස්ථා දෙකම ඉන්දියානු කණ්ඩායම නියෝජනය කරන රවිචන්ද්‍ර අශ්වින්ගෙන් සහ රවීන්ද්‍ර ජඩේජාගෙන් පුරවා ඇත.