සටහන – නදීක දයා බණ්ඩාර
ජනවාරි 24, මහනුවර (LNW): නිදහස් දින සැමරුමට සමගාමීව මෙම වර්ෂයේදී පොල් පැළ 25 000ක් මධ්‍යම පළාත තුළ රෝපණය කිරීමට රජය තීරණය කොට තිබේ.
රුක් රෝපණයට ප්‍රමුඛත්වය ලබා දෙමින් මධ්‍යම පළාතේ නිදහස් දින සැමරුම පල්ලකැලේ පිහිටි යුද හමුදා රයිෆල් බලකා මූලස්ථානයේදී පැවැත්වෙන බව මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ මහතා ප්‍රකාශ කළේය.


ඒ මහතා මෙම අදහස් පළ කරන ලද්දේ නිදහස් දින සැමරුම සම්බන්ධයෙන් මධ්‍යම පළාත් ආණ්ඩුකාර කාර්යාලයේදී (22) පැවැති සාකච්ඡාවට එක්වෙමිනි.
ග්‍රාම සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් පොල් පැල 20 000ක් රෝපණය කරන බව කී ප්‍රධාන ලේකම්වරයා, ග්‍රාම සංවර්ධන සමිති මගින් එක් ගමකට පොල් පැල 75 බැගින් සිටුවීමට මේ යටතේ සැලුම් කොට ඇතැයි කීවේය. පොල් පැල සිටුවීම වර්ෂය පුරා සිදුවන බවත් පොල් වගා කිරීමේ මණ්ඩලය මගින් අවශ්‍ය පොල් පැල සම්පාදනය කරන බව ද හෙතෙම කීවේය.
මීට අමතරව මහනුවර මහ නගර සභාව මගින් දංගොල්ල ක්‍රීඩාංගණය අසල විශාල කොට සකස් කරන ලද පැල සිටුවන බව කී ඒ මහතා තැන්නේකුඹුර පාලම අසල සිට මධ්‍යම පළාත් සංකීරණය දක්වා මාර්ග දෙපස රුක් රෝපණය කිරීමෙ වැඩසටහනක් ද නිදහස් දිනයේදී ක්‍රියාත්මක කරන බව ද පැවසීය.
නිදහස් දින සැමරුමට සමගාමීව ශ්‍රම දාන වැඩසටහන්, මධ්‍යම පළාත් සංකීර්ණයේදි ලේ දන්දීමේ ව්‍යාපාරයක්, පළාත් පාලන ආයතන මට්ටමින් රුක් රෝපණ වැඩසටහන්, ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තු මගින් පුරන් කුඹුරු යළි අස්වැද්දීමේ වැඩසටහන් ද ක්‍රියාත්මක වන බව මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ මහතා තවදුරටත් සඳහන් කළේය.
මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන්, ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල, මධ්‍යම පළාත් නියෝජ්‍ය පොලිස්පති මහින්ද දිසානායක, මහනුවර අතිරේක දිස්ත්‍රික් ලේකම් ලලිත් ඇටම්පාවල යන මහත්ම මහත්මීන් ඇතුලු පිරිසක් මෙම අවස්ථාවට එක්වූහ.
