තුන්කොන් සටනේ පළමු සටනින් ශ්‍රී ලංකාව පරදවා බංගලාදේශය ජය ලබයි

Date:

සටහන – නිශ්මං රණසිංහ

ජනවාරි 24 කොළඹ (LNW): ශ්‍රී ලංකාව,බංගලාදේශය සහ පකිස්තානය අතර බංගලාදේශයේ දී ආරම්භ වූ අවුරුදු 19 න් පහළ කාන්තා තුන්තොන් විස්සවි විස්ස තරගාවලියේ ආරම්භක තරගයෙන් බංගලාදේශ කාන්තා කණ්ඩායම ශ්‍රී ලංකාවට එරෙහිව කඩුලු 5 ක් ජයක් වාර්තා කරන්නට සමත් වුණා.

කාසියේ වාසිය ලැබ පළමුව පන්දුවට පහරදීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට අවස්ථාව දෙන්නට බංගලාදේශ නායිකා සුමයියා අක්ටාර් ගත් තීරණය නිවැරදි කරමින් පළපුරුදු ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් පන්දු ඕවර් විස්ස අවසානයේ කඩුලු 9 ක් දැවී ලබා ගත්තේ ලකුණු 95 ක් පමණයි.සුපුරුදු පරිදි ශ්‍රී ලංකා විස්සයි විස්ස කණ්ඩායම්වල දකින්නට තිබෙන පොදු දුර්වලතාවය වන වැඩි නිලකුණු පන්දු ප්‍රමාණයක් මේ තරගයේදී ද ශ්‍රී ලංකා පිතිකාරිණියන් අතින් දකින්නට ලැබුණා.ඒ නිසා පසුපෙළට කඩුලුත් හිඟ පන්දුත් හිඟ අර්බුදයකට මුහුණ දෙන්නට වීමේ අර්බූදය මේ තරගයේදීත් දැක ගන්නට ලැබුණු අතර ශ්‍රී ලංකා කණ්ඩායමේ වැඩිම ලකුණුලාභිණිය වෙමින් රශ්මි නේත්‍රාංජලී ලකුණු 21 ක් ලබා ගන්නට සමත් වුණා.විශ්මි ගුණරත්න ලකුණු 19 ක් වාර්තා කළා.

බංගලාදේශ පන්දු යවන්නියන් අතරින් නිශිටා අක්තාර් සහ රුබෙයා ඛාන් විසින් කඩුලු 3 බැඟීන් දවා ගත්තා.ඒ අතරින් රුබෙයා පන්දු ඕවර් 4 ලකුණු 13 ට සීමා කරමින් කඩුලු 3 ක් දවා ගැනීම කැපී පෙණුනා.නිශිටාගේ පන්දු ඕවර් 4 සඳහාත් ඇය ලබා දුන්නේත් ලකුණු 19 ක් පමණයි.

පිළිතුරු ඉණිමේ දී බංගලාදේශයට පන්දු ඕවරයකට 4 ට වඩා සුළු ලකුණු ප්‍රමාණයක ඉලක්කයක් පමණක් හිමි වීම නිසා වැඩි පීඩනයක් නොගෙන පන්දුවට පහර දෙන්නට ඔවුන් උත්සාහ කළා.ශ්‍රී ලංකා පන්දු යවන්නියන් අතරින් හොඳම පන්දු යැවීම ප්‍රදර්ශනය කළේ ශශිනි ගිම්හානි විජයරත්නයි.ඇය ලකුණු 22 ට කඩුලු 3 ක් ලබා ගැනීමට සමත් වුණා.දෙව්මි විහංගා කඩුලු ලබා ගැනීමට අසමත් වුවත් ඇය සිය පන්දු ඕවර් 4 තුළ හොඳ පීඩනයක් ඇති කරමින් ලකුණු 13 ට එම පන්දු ඕවර් 4 සීමා කරන්නට සමත් වුණා.

බංගලාදේශක්ණ්ඩායම පන්දු ඕවර් 18.3 දී කඩුලු 5 ට ලකුණු 96 ක් ලබා ගන්නා විට අෆියා අශිමා නොදැවී ලකුණු 27 ක් ලබා සිටි අතර ඇය ඒ සඳහා වැය කර තිබුණේ පන්දු 29 ක් පමණයි.ම්ස්ට් ඒවා ද ලකුණු 27 ක් බංගලාදේශය වෙනුවෙන් රැස් කරන්නට සමත් වුණා.

ඡායාරූපයේ දැක්වෙන්නේ ශ්‍රී ලංකා ලකුණු පූවරුවට විශාලම හානිය කළ පන්දු යවන්නිය වූ රුබෙයා ඛාන් ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලන්ඩන් ව්‍යාපාරිකයෙකුගෙන් ‘Rebuilding Sri Lanka’ අරමුදලට රු. මිලියන 10ක පරිත්‍යාගක්!

"දිට්වා" සුළි කුණාටුවෙන් පීඩාවට පත් ජනතාවගේ ජීවිත යථා තත්ත්වයට...

ව්‍යාපාරිකයකුට වෙඩිතැබීමට පැමිණි සිව්දෙනෙක් අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල මට්ටක්කුලිය, කදිරානවත්ත පාලම අසලදී ව්‍යාපාරිකයෙකු වෙඩිතබා...

9 දා බැරිවෙච්චි අයට, 11 දා FREE.

නිශ්මං රණසිංහ ජනවාරි 10, කොළඹ LNW: අයහපත් කාලගුණික තත්ත්වයන් හේතුවෙන්...

දිල්රංගගේ රංගයට තිරය වසන්න එපා!

නිශ්මං රණසිංහ ජනවාරි 10, කොළඹ LNW: මීටර් 200 ධාවන පථයක...